මේක ඔමේගාවර්ස් ස්ටොරි එකක්,ඒ නිසා කියන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා...ඔමේගාවර්ස් කියන්නේ මේ මනුශ්‍ය ලෝකෙට සම්බන්ධ වුණු සමාන්තර ලෝකයක් වගේ එකක්,
ඒ ලෝකෙ ඉන්නේ නරවෘකයෝ, ( werewolf )
ඒ කිව්වේ,අඩක් මිනිස්,අඩක් වෘකයෝ..ඒ ගැන ඔයාල දැනටමත් දන්නව ඇති කියලා හිතනවා,
ඊ ළගට,කියන්න ඕනෙ වුණු විශේෂම දේ තමයී,මේක මේල් ප්‍රෙග්නන්ට්,
මොකද,පිරිමි ඔමේගාවරුන්ට දරුවො ලැබීමේ හැකියාව තියෙනවා,( ඒක කවුරු,කොහොම,කොතන,කොයි විදිහට කිව්වත්,මම ඒ විදිහට ඒ දේ මවාගත්තා,)
ඒක නිසා තමයී..වර්වුල්ෆ් ෆැන්ටසි කියන කැටගරි එකට දාන්නේ,
ඉතින්,තේරුම් ගැනීම හොදයි මුලින්ම, පස්සේ කියවල ,අවුල් ගිහින්, ප්‍රශ්න අහනවට වඩා,
එහෙනම් කියවන්න,
ගුඩ් බායි!!!!!!!!!!!!!!
.
.
.No one pov
"ආශ්...ඇත්තට කොහෙද මේක"
ජිමින් හොස්ටල් එකෙ කොරිඩොව දිගෙ ඇවිදගෙන යන ගමන් හිටියේ.අලුත් university එකට ආපු පලවෙනි දවසෙම තරහා අවුස්සන වැඩයි එයාට උනේ....
"නො.311, කොහෙද මේ room එක.ඇයි මෙ දොරවල් වල නම්බර්ස් ගහල නැත්තෙ.ආ...මොන කරුමෙයක්ද?"
මේ දවස් වල අලුත්වැඩියා කටයුත්තක් හින්ද දොරවල් වල නම්බර් plates අයින් කරල තිබ්බෙ.ඉතිං ජිමින් හොස්ටල් එකෙ අසරණ දොරවල් වලට බැන බැන ඉස්සරහට ඇවිදන් ගියා.
බැරිම තැන ජිමින් තීරනය කරා මේ ගැන කාගෙන් හරි අහන්න.
ජිමින් කිය්න්නෙ හරිම ආඩම්බර කෙනෙක්.එයා සාමාන්‍යයෙන් කාගෙන්වත් උදව් ගන්න කැමති කෙනෙක් නෙවෙයි.ඔමේග කෙනෙක් උනත් එයා ඇල්ෆල ට නම් කොහෙත්ම බය කෙනෙක් නෙවෙයි.
ඇල්ෆ කෙනෙක් කියන්නෙ එයාට නිකම් විහිලුවක් වගේ.එයා හිතන් ඉන්නෙ ඇල්ෆල කියන්නෙ පුහු ආඩ්ම්බරකාර ජාතියක් කියල.ඒ නිසා එයා ඇල්ෆ කෙනෙක් ඉන්න අහලකටවත් යන්න කැමති නැ.මොකද ඇල්ෆ කෙනෙක් එයගෙ මේට් වෙනවට එයා පොඩ්ඩක් වත් කැමති උනෙ නැ.ඒ නිසා එයා එයාගෙම දයිවයට මූන දෙන්න බයෙන් හිටියෙ කිව්වොත් හරි.
.
.
.
.මේ වෙලාවේ... කොරිඩොවෙ කවෘත් හිටියෙත් නැති නිසා එයා ලගම තිබ්බ කාමරේ දොරට තට්ටූ කරා.
J hope pov
'අනෙ ඇත්තට නිදහසෙ නා ගන්න නැති හැටියක්.ඵ් පාර කවුද මෙ' .
මේ නාන අස්සෙ කරදර කරන එකා මොකා උනත් හොදවයින් දෙකක් කියනව කියල බැන බැනම bath rob එකත් බාගෙට වගේ ඇදගෙන මන් ගිහින් දොර ඇරිය.
ඒ සුවදින් මට තේරුන එයා මොන වගෙ කෙනෙක්ද කියල. දොර ඉස්සරහ හිටන් හිටියේ ලස්සන ඔමෙගා කෙනෙක්.ඇස් දෙකත් තරහින් පුපුර පුපුර එය වට පිට බල බල හිටිය නිකන් දොරට ගහපු එක අමතක වෙලා වගේ.
"excuse me මොකක් හරි උදව්වක් -
.
.
.
.
මං කියල ඉවර කරන්නත් කලින් මේ කෙනා කියවන්න පටන් ගත්ත.හරිම ආඩම්බර කමින් මන් ඇල්ෆ කෙනෙක් කියල වත් එයාට ගානක් නැ වගෙ..."මට ඕන් නැති උදව්වක් නැ...කරුනාකරලා.. කියනවද 311 රූම් එක කොහෙද කියලා"
හහ්..එතකොට ඒක උදව්වක් ඉල්ලනව වගෙ දෙයක් නෙවේද? මං මටම කියා ගත්තෙ හිතින්.
එයාගෙ මූන දැක්කම පේන්ව ගොඩක් තරහෙන් ඉන්නෙ
කියල ඒ හින්ද මං එයට හරිම calm විදිහට උත්තර දුන්නා."ම්ම්ම්...... ඔතනින් දිගටම ගිහින් වමට හරුනම තියෙනප්ලවෙනි රූම් එක "
☺️ මන් දිහා දෙපාරක් හැරිල බලන්නෙ නැතුව එයා ඊට පස්සේ එයාගෙ රූම් එක හොයන් යන්න හැදුවා.
"ස්තුති වත් නැද්ද මං අහන්නෙ.."කියල මම කිව්ව විතරයි ආයෙ හැරිල බලල
"ohh thanks" කියල යන්න ගියා.මං කට පුරා හිනා උනත් එයා නං පොඩි හිනාවක්වත් දැම්මෙ නෑ. හැබැයි තරහ නං කලින්ට වඩා අඩු වෙලා තිබුනා.
'හරිම ආඩම්බර ඔමෙග කෙනෙක් .මෙහෙම කෙනෙක්ව මම නං මේ දැක්කමයි.මං හින්ද හොදයි සූග ට අහුවුනා නම් මොනව වෙයිද දන් නෑ'
මං මටම මුමුනගෙන ආයෙත් ගියේ මගෙ නාන වැඩේට.
See you in the next chapter .....
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...