කාලෙකට පස්සෙ මං ගෙදර ආවෙ...පැක් house එකෙන් මට කැදවීමක් තියෙනව කියල කියපු හින්ද...house එකට ඇතුල් වෙනකොටම එයා එතන තිබ්බ couch එකක වාඩිවෙලා හිටියා...
" අහ් ආවද...හරි ඉදගන්න.."කියල එයා මට කිව්වෙ එහා පැත්තෙ තිබ්බ පුටුවක් පෙන්නන අතරෙ..
" හරි ඕං ඉදගත්තා..දැංවත් කියනවද මොකටද මට එන්න කිව්වෙ..."
මං එහෙම කිව්වෙ එතන table එක උඩ තිබ්බ සිගරට් පෙට්ටියෙන් එකක් අරං පත්තු කරගන්න ගමං...
" මින් යූන්ගි....තමුන් තාම ඒ වගේමයි...තමංගෙ තාත්ත ඉස්සරහ හැසිරෙන්නවත් දන්නෙ නැති එකෙක්..."
හහ්...කවද්ද ඔයා මට පුතෙකුට වගේ සැලකුවෙ...
" oops!!! Sorry mister min...මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ...හරි දැං කාරනාව කියනවද.."
එහෙම්මම මං මගෙ අතේ තිබ්බ සිගරට් එක නිවල table එක උඩින් තියල එයා පැත්තට හැරුනා...මං ඒ කරපු වැඩෙං එයා ටිකක් සංසුං උනා කියල මට තේරුනා...
"හරි කලිනුත් අපි මේ ගැන කතා කරානේ...මට දැනගන්න ඕනෙ ඔයාගෙ මේට්ව ඔයාට හම්බුනාද නැද්ද කියලා.."
ආශ්...ආයෙත් ඒකමයි දැං කී පාරක් මං ඕකට එකම උත්තරේ දීල තියෙනවද...
"තාම නෑ... ඒ උනත් මට..." මං කියල ඉවර කරන්නත් කලින්...
"ඕහ්....එහෙනම් අපි මේක පරක්කු කරන්නෙ මොකටද...දන්නවනෙ ලීස ව..එයා තමයි දැනට මේ පැක් එකේ ඉන්න ශක්තිමත් ම female alpha...මං හිතන්නෙ එයාව පැක් එකේ ලූන විදිහට ගන්න එක ගොඩක් සුදුසුයි.."
එයා සංසුංව ඒක කිව්වත් ඒකෙ තිබ්බෙ තර්ජනාත්මක ගතියක්
"මං බෑ කිව්වොත්... මොකද මට මුලින්ම මගෙ මේට් ව හම්බෙන්න ඕනෙ..සමහර විට....එයා alpha කෙනෙක් වෙන්නත් පුලුවන්නේ...."
"ඒත් සමහර විට එ කෙනා ඔමේග කෙනෙක් උනොත්..."
"ම්ම්ම්....ඒකත් හරි...එහෙම උනොත් මගෙ අතින්ම මං එයාව මරල දාන්නම්කො...එතකොට ඔයාට කරදර වෙන්ඩ දේකුත් නැතිවෙයි...."
මං එහෙම කිව්වෙ එයාගෙ බලාපොරොත්තු කඩවුනු මූන දිහා බලල කට කොනකින් හිනාවෙන ගමන්...
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...