No one pov.
ජනෙල් පියන් ඇරිල තිබ්බේ...ඒව අතරින් ආපු සීතල හුලග ටේගෙ ඇගේ දැවටෙන්න ගත්ත නිසා ටේ තව තවත් පොරෝනාව ඇතුලට ගුලිවුනෙ..පොඩි එකෙක් වගේ...
තදින් පියාගෙන හිටපු ඇහිපිය ඇරියේ ගොඩක් වේදනාව මුහුවුනු හැගීමකින්...ශරීරයෙන් දැනිච්ච වේදනාව නිසා
ටේට හිතුනෙ එයා ලිං පතුලක වැටිල ඉන්නව වගේ කියලා..."ආ..හ්...
ආ.....කොහෙද මගෙ ඇදුම්...ටේට එකපාරටම එහෙම කියවුනේ..පොරෝනාව තුළින් තමංගෙ නිරුවත් ඇග දැකලා..ඒත් එක්කම බොද වුනු ඇස් වලින් දැක්කේ...තමංට එහා පැත්තේ ඉදන් ඇස් දෙකත් ලොකු කරගෙන තමං දිහා බලාගෙන ඉන්න ජංකුක්ව...
" ඇහැරුනාද...මේ ෆෝන් එක....කැලේ වැටිල තිබ්බේ..."ජංකුක් එහෙම කිව්වේ..අමාරුවෙන් ඇදේ ඉදගන්න උත්සාහ කරන ටේ දිහාවට ෆෝන් එකක් දික් කරන ගමං...ටේට ජංකුක්ව අදුරගන්න පුලුවන් උනා..ටේ සහ ජන්කුක්ගෙ පලවෙනී හමුවීම ඒ තරං හොද නැති නිසා ටේට ජංකුක්ව දැක්ක ගමන් ආවෙ බයක්..
"මේ....කො..කොහෙද මං ඉන්නේ..."ජන්කුක් දික් කරපු ෆෝන් එකත් වෙව්ලන අතින් අරගෙන..ඇදේ ටිකක් පිටිපස්සට යන ගමං ටේ කිව්වා..
" මේක....මගෙ තැනක්.." ජන්කුක් ඒක කිව්වෙ ටිකක් ආඩම්බරෙන්.ඒ කියනවත් එක්ක ටේගෙ ඇස් කාමරේ වටේ දුවන්න ගත්තා..උජාරුවට බිත්ති වල එල්ලලා තිබ්බ පින්තූර..දිස්නෙ දෙන බුමුතුරුනු දැකල ටේගෙ ඇස් පලිගු වගේ දිලිසෙන්න ගත්ත..ටේ මේ වගේ සුවපහසු ඇදක,කාමරයක කවදාවත් ඉදල තිබ්බේ නෑ..මොකද ආර්ථිකය අතින් ගත්තම ටේගෙ පැක් එක හිටියේ ටිකක් දුර්වල තැනක..
"ඔය කෝල් එක ආනසර් කරනවද මං ඕක පොලේ ගහන්ඩ කලින්...මොකාද ඇත්තට ඔය ෆෝන් එක උඩ බුදියං ඉන්න එකා.." පැය ගානක් තිස්සෙ රිං වෙලා රිං වෙලා දැං ආයෙත් රිං වෙන්ඩ ගත්ත ෆෝන් එක ජන්කුක්ගෙ තරහ ඇවිස්සුවා..
"හෙලෝ...ජි..ජිමින්.." ටේ කිව්වෙ බයෙන් වගේ..කෝල් එක ආනසර් කරල අත්දෙකෙන්ම ෆෝන් එක අල්ලලා කනේ තියා ගන්න ගමන්..
ටේ දැනගෙන හිටියා මේ වෙලාවෙ ජිමින්ගෙං බැනුම් කෝටියක් අහන්ඩ සිද්දවෙන බව..ජිමින්ට නොකියා මෙහෙම ආපු එක ගැන..
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...