ජිමින් එයාගෙ ඇස් එකපාරටම විවර කලේ..හදිස්සියෙම එයාගෙ නලල මත වතුර බින්දු වලින් තෙත් වෙලා යනව වගේ දැනුනු හැගීමකින්..☘️ඇත්තටම තෙත් වෙලා යනව වගේ නෙවේ..ජිමින්ගෙ නලල ඒ වෙලේ වතුරින් තෙත් වෙලා තිබුනේ..උඩුමහලෙ පිහිටි කාමරේක ඇතිවෙලා තිබුනු සුලු වතුර කාන්දු වීමක් නිසා වහලෙ දිගේ රූටගෙන ආපු වතුර බින්දු හරියම ජිමින්ගෙ නල්ල කෙලින්ම බිමට වැටෙන්න පටන් අරන් තිබුනා...
" ම්ම්ම්..
තමන් මේ ඉන්නේ කොහෙද කියල ජිමින්ට කිසිම අදහසක් නැති උනත්..නිදාගෙන් උන්නු විදිහෙන් නැගිටල ඇදේ ඉදගන්න උත්සාහ කරනවත් එක්ක පිට කොන්ද හරහා යටිකය දක්වා ගිය තදබල වේදනාව නම් එයාගෙ ශරීරයට හොදින් දැනුනා...
ඒත් එක්කම ජිමින් කාමරේ වටා තමන්ගෙ ඇස් බොහොම සීරුවෙන් යැව්වා...නහය උලුක් කරමින් ඉව ඇල්ලුවා..කාමරේ තිබ්බ මද එලියෙන් උනත්..ඇද වටේට විසිරුණු තමන්ගෙ උන්ඩි කරල ගලවල දාල තිබ්බ ඇදුම් ඒ ඇස් වල ගැටුනා..
" මං මේ මොකද්ද කරගත්තේ..."
ජිමින්ගෙ ඇස් වලින් ඉබේමටම කදුලු උනන්න ගත්තේ ඒ ලස්සන ඇස් දෙකටත් හොරාමයි...නොදැනුවත්වම උනත් තමන් මේ කරගෙන තියෙන්නේ මොන තරම් අප්‍රසන්න වැරැද්දක් ද යන වග ජිමින්ගෙ හිතට තදින්,බොහොම තදින් දැනෙන්න ගත්තෙ... පසුතැවිලි ස්වභාවයේ හැගීම් ජාලාවකින් ඒ හිත පුරෝදාන අතරේ..
යූංගි ඉස්සරහ තමන්ගෙ කටින් පිටවුනු වචනයක් වචනයක් පාසා ආයෙ ආයෙත් ඒ කන්වල දෝන්කාරදෙන්න ගන්නවත් එක්ක ජිමින්ට හිතුනෙ තමන්ගෙ ආත්මාභිමානය කියන ගඩොල් ප්‍රාකාරේ ගල් එකින් එක ගැලවිලා යනව වගේ හැගීමක්..
ජිමින්ට එයා ගැනම ඇතිවෙච්ච මහ විසාල අප්‍රසන්න හැගීම් සමුදායකින් ඒ හිත ආවරණය වෙන්න පටන් අරන්...එයාගෙ ශරීරයේ එක චූටි තැනක්වත් මගනොහැරම තැවරිලා තිබුනු යූංගිගෙ සුවද ඒ නැහැයට තදින්ම දැනෙන්න ගන්නකොට..තමනුත් බොහොම ඔමේගාවරු පිරිසක් කරනව වගේ තවත් ඇල්ෆාවෙකුගෙ ශාරීරික වින්දනයක් පමණක යන තත්ත්වය ටම වැටුනු බවකුයි ජිමින් තව තවත් එයාගෙ හිතට ඒත්තු ගන්නව ගත්තේ...ඒත් යුංගිගෙ හිතේ ජිමින් ගැන ඇතිවෙලා තිබ්බ ඊට එහා ගිය හැගීම ගොන්න ගැන නම් ජිමින් දැනගෙන උන්නෙ නෑ...
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...