" නෑ නෑ...කෙල්ලෙ..මට අරකෙන් දෙන්න..අර අතන තියෙන රතු පාට එක..
නම්ජූන් කිව්වෙ බීම කවුන්ටරය ළග තිබ්බ පුටුවක් ඇදල වාඩි වෙන අතරට එතන හිටපු සර්වර් ට ලස්සන හිනාවකුත් දාලා..
"ඔව් sweet..අපිට හරි එකම දෙන්න...නැත්තන් ඕන් අපිට තරහ යනවා...
තමංගෙ කඩවසම් හිනාවත් පෙන්නමින් එහෙම කියන ගමං ජේ හෝපුත් එතන තිබ්බ පුටුවකින් වාඩි උනේ..සර්වර් ගෑනු ළමෙයගෙ සරාගී පපුව දෙස බලමින් නම්ජූන් දිහාවට හැරිල තමංගෙ එක ඇහැක් ඉගිමරන ගමන්..
ජේ හෝප් කරන වැඩ දැකලා..නම්ජූන්ගෙ කටින් නොදැනුවත්වම හිනාව එලියට පැන්නා..ඒත් එක්කම සර්වර් ගර්ල් එයාලට පිලිගන්වන්න අරගෙන ආපු බියර් වීදුරුවක අත වැදිල ඒක නම්ජූන්ගෙ ශිර්ට් එක උඩට හැලුනේ..බාගෙට බාගෙයක් බියර් වලින් ඒ ශර්ට් එක නැහැවිලා යද්දී...
" ඕහ්..ඇල්ෆා..ඔහොම ඉන්න මං ඕක පිහිදාන්නම්..
Server ටිකක් බයෙන් වගේ එහෙම කියන ගමං එතන තිබ්බ ලේන්සුව අරගෙන නම්ජූන් ළගට ඇවිල්ලා ඒ ටික පිහින්න පටන් ගත්තේ..මේ වෙච්ච දේ එයාගෙ නොසැලකිලිමත් කම නිසා සිද්ද වෙච්ච දෙයක් කියල හිතුණු නිසා..
" ආ..ඒකෙ ගැටලුවක් නෑ...ඒත්..
නම්ජූන්ට තමං කියා ගෙන ආපු දේ ඉවර කරන්න නම් හම්බුනේ නෑ..කවුද මංද එකපාරටම එතෙන්ට කඩං පැනලා..නම්ජූන්ගෙ පිටට ගහගෙන ගහගෙන ගියේ...ඒ අත් වල තිබ්බ ෆයිල් ටිකෙන්..
' ජින් '
තරහෙන් ඒ කටත් ඇදකරගෙන..හරියට ඕනවටත් වඩා ඉදුනු තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා තිබ්බ් ඒ මූණ අදුනගන්න නම් නම්ජූන්ට ඒ හැටි වෙලාවක් ගියෙ නෑ..
' ඇත්තට මෙයා නං..කොහොමද තමංගෙ ඇල්ෆට මෙහෙම සළකන්නේ..පුදුම කෙනෙක්..
නම්ජූන් එහෙම කිව්වෙ තමංගෙ හිතින්.....කාටවත් නෑහෙන ගානට..
" ඕක නවත්තනවා...මට රිදෙනවා.." නම්ජූන් ජින්ගෙ අත් දෙකම තමංගෙ ශක්තිමත් එක අතකින් අල්ලලා බැදගත්තා..
ජින්ගෙ මූණ කොච්චි වගේ සැර පාටට හැරිලා..ඒ අස්සේ ජේ හෝප් කාරෙයත් පැත්තක ඉදන් නම්ජූන් දිහා බල බල නෝන්ඩියට හිනා වෙන්න පටං අරන්..
YOU ARE READING
𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin
Werewolf' මොකද මෙයා සද්දෙයක් වත් නැත්තේ..' විනාඩි කිහිපයක ඉදලා කිසිම ශබ්දයක් වත්..දැගලිල්ලක්වත් ජිමින්ගෙන් නොදැනුනු නිසා..යූංගි ටිකකට නතර වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් දිහා...යූන්ගි දැක්කේ තමංගෙ ලෝම අතර සැපට නිදාගෙන ඉන්න හුරතල් ඔමේගාවෙක්..ජිමින්ට යූංගි...