🌸Episode 05🌸

4.4K 898 67
                                    

-"කුක්කු කූක් කූක් කූක්..."
"කුක්කු කූක් කූක් කූක්..."

බිත්තරයක් දාගන්න බැරුන් උච්චතම අවස්තාවෙ ඉදන් තප්පුලන කුකුලෙක් වගේ කෑ ගහන්න ගත්තේ උදේ පාන්දර මගේ ෆොන් එකේ එලාර්ම් එක.ඇද මෙට්ටම දිගේ අත ගෙනිහින් ෆොන් එක අරන් බාගෙට ඇස් ඇරල බලනකොට වෙලාව පහයි හතලියයි පහයි.(5.45)

-"මෙච්චර උදේම මට නැගිටින්න බැ කුකුලෝ.කෑ ගහන්නෙ නැතුන් ඉන්නවකො."

එලාර්ම් එක ඕෆ් කරලා ෆෝන් එකත් අතේ තියාගෙනම කොට්ටෙත් බදාගෙනම මම ආයෙ අනිත් පැත්ත හැරිලා විනාඩි 10ක් ගියේ නැ.ඔන්න කුකුලා දෙවෙනි බිත්තරේ දාගන්න බැරුන් කෑ ගහනවා.

-"ජරා කුකුලා..."

ආයෙ හැරිලා බලනකොට වෙලාව 6යි.ඇස් බාගෙට පියවි පියවි එලාර්ම් එකත් ඕෆ් කරගෙනම නැගිට්ටෙ collage යන්න ලැස්ති වෙන්න ඕනි හින්දා.ඒත් බාගෙට පිය වෙලා තිබ්බ ඇස් දෙක එක පාරට ලොකු උනේ කුක්කා මතක් වෙලා.

-"Nonsenes..මොන විකාරයක්ද ඊයේ රෑ ඒ යකා කලේ?"
මගේ අත ඉබෙම ගියේ මගේ තොල් දෙක උඩට.

-"ඊව්ව්ව්..ඒ බූතයා ඊයේ රෑ මාව කිස් කලාද?ඒත් ඇයි මට එතනින් එහාට කිසිම දෙයක් මතක නැත්තේ?කිස් කරා මතකයි ඊට පස්සෙ කටවහගන්න කිව්වා මතකයි.ඒත් එතනින් එහාට....මූ මට නිදි පෙතිවත් දීලා මාව අපයෝජනය කලාවත්ද?"

මම ශීට් එකත් උස්සලා බැලුවෙ රෑ ඇදන් හිටපු ඇදුම් මන් තාම ඇදගෙන ඉන්නවද කියලා.ඒවා හෙලවිලාවත් නැ .ඒ විදිහටම තියෙනවා.ඒත් මූට කොහෙන් ආපු හයියක්ද මගෙන් අවසරයක් නැතුන් මාව කිස් කරන්න.

-"යාහ්..කුක්කා තමුසෙ කොහෙද ඉන්නෙ?"

මම ඇදෙන් බිමට පැනලා හැමතැනම කුක්කව හෙව්ව.ඒත් ඒ බූතය මට කියන්නෙ නැතුවම උදේ පාන්දරම ගිහින්.මන් රෑ දීපු ඇදුම නවල මෙසෙ උඩින් තියලා ගිහින්.මාත් එහෙමම ගිහින් collage එකට යන්න ලැස්ති වුනේ අර පිස්සු ගැනු ටික එන්න කලින් අර බූතයව collage එකෙදි අල්ලගන්න ඕනි හින්දා.

......................................................

Collage එකට ආපු ගමන් මන් දුවන් ගියේ library එකට.මොකද අර පිස්සා උදේ පාන්දර ආපු ගමන් යන්නෙ library එක අස්සට.collage එකේ ලමයි එතකොට ඇවිත් හිටියෙත් නැ.නැත්නම් මන් උදෙම collage එක වටේ මැරතන් තියල එපැයි වැඩ පටන්ගන්න ඕනි.

❤️Aro❤️(Completed)Where stories live. Discover now