🌸Episode 12🌸

4.9K 860 90
                                    

(Author-වරහන් කරලා තියෙන්නෙ ආරෝ හිතන ඒවා)

මම ආරෝව ගෙනිහින් තිබ්බෙ මගේ solar system එක විදිහට හදපු room එකේ.මන් ඇරෙන්න ඒකට පිට කෙනෙක්ට කියලා පලවෙනි වතාවට ගියේ ආරෝ විතරයි.ආරෝව උස්සන් teleport උනු වේගෙන්ම මන් ආපු හදිස්සියට ඒ room ඒකට ඇවිත් තිබුනේ.ආයේ මගේ room එකට එන්නෙ නැතුන් මන් ඒ room එකෙන්ම ආරෝව තියල ආවා.

මම room එකේ දොර ලගට ගියාට පස්සෙ මට ඇහුනේ ආරෝ හයියෙන් කෑ ගගහ අඩනවා.මම ගියපු වේගෙන්ම දොර ඇරියේ මේ කෙල්ල අඩන්නෙ ඇයි කියලා බලන්න.

-"ආරෝ.."

මම ආරෝට කතා කරගෙනම කාමරේ දොර ඇරලා බලනකොට ආරෝ අතින් මගේ room එකේ holographic projector එක on වෙලා.මන් ඒක settle කරලා තිබ්බෙ මගේ ඇද ලග කොට්ටෙ ලගින්.මම මගේ room එකේ interior decorate කරලා තිබ්බෙ holographic solar system එක විදිහට.මම ඒ විදිහට room එක හදාගත්තේ එතකොට මට දැනුනා මම මගේ ලොකේ ඉන්නව වගේ.ඒ නිසා lights on නොකලොත් හැමවෙලාවකම වගේ මගේ ඒ room එක අදුරුයි.

කලින් ආරෝව තියලා යනකොට මට room එකේ lights ඔන් කරන්න අමතක වුනා.කාමරෙ අදුරුම අදුරුයි.ඒ මදිවට තියෙන දහන්ගලේට projector එක ඔන් කරගෙන නින්දෙන් නැගිට්ට ගමන් solar system එක දැකලා මොනා හිතනවද දන්නැ.

අනික ප්‍රථිවියේ solar syetem එකට වඩා අපෙ solar system එක ගොඩක් වෙනස්.පෘථුවී ජීවින්ට solar system එක ඇස් ඉස්සරහ නොපෙනුනත් අපේ ලොකෙට අපිට හැමදේම ඇස් ඉස්සරහ පෙනුනා.තරු අල්ලන්න තරම් ලගින් අපිට පෙනුනා.ග්‍රහලෝක තිබුනේ අපේ ඇස් මට්ටමේ.ඒවාත් සාපෙක්ශව වැඩිපුර තිබුනේ රතු පාටින්.අපිට heat එක ඔරොත්තු දෙන හින්දා අපේ solar system එක වටාත් heat එකත් සාපෙක්ශ ගොඩක් වැඩී.මන් හිතන්නෙ ඒ රතු පාටට හේතුව ඒ heat එක කියලා.මන් මගේ room එක හදලා තිබුනේ මගේ ලෝකේ Solar syestem එක විදිහට.

කාමරේ lights ඔන් කරන්න geenyට command එකක් දෙන්න ගිහින් මන් ආයේ නැවතුනේ අරෝ හිතපු විකාර කතාවක් ඇහිලා.
(Author-Geeny කියන්නෙ Electronic devices control කරන AL Device එක)

-"ඇයි මේ අපායේ මන් විතරක් ඉන්නෙ..?"

ඒ මෝඩි හිතුවෙ එහෙම.මම දොරටත් හේත්තු වෙලා බලන් හිටියේ මේකි මේ මොනාද හිතන්නෙ කියලා.

-"අනේ මට නිරපරාදේ බිල්ඩිමකින් පහලට වැටිලා මැරිලා අපායක ඉපදෙන්න වුනානේ.අර බූරුවා අන්තිමට කිව්ව වගේම මාව පොලොවෙගහලා කොහොමහරි මරල දැම්මා."

❤️Aro❤️(Completed)Where stories live. Discover now