🌸Episode 18🌸

4.9K 806 181
                                    

Principle ගේ office එකට යන්න තරම් මං දන්න තරමින් මං ලගකදි වැරැද්දක් කලේ නැ.කුක්කා වැරැද්දක් කරා කියලා හිතන්නත් ඒ යකා වැරදි කරන්නෙපැයි.සමහරවිට තට්ට හිවලට හැමදේම මතක් වුණාද දන්නැ.කුක්කා කිස් කරනවත් මතක් වෙලා ගිහින් අපි දෙන්නා ගැනම principleට කිව්වද දන්නැ.මං ඒ ගැන අහන්න කුක්කා දිහා බලන පමාවටම එයා මන් අහන්නත් කලින් උත්තර දුන්නා.

-"එහෙම වෙන්නැ..අමතක කරපු දේවල් එහෙම මතක් වෙන්නෙ නැ."

-"එහෙනම් මට මතක් වුනේ කොහොමද?"

-"ඒ ඔයාට මතක් වුනා නෙමෙයි.ඇස්ට්‍රොමේට් එක ඔයාට මතක් කරලා දුන්නා."

-"ඒකත් එහෙමද?එහෙනම් තට්ට හිවල් මොටා ප්‍රශ්නයක් දැම්මා වෙන්න බෑනේ.මොකටද එතකොට principle එන්න කියන්නේ..?"
මං කල්පනා කර කරම කුක්කගෙන් ඇහුවා.

-"දන්නැ..ගිහින්ම බලමු."

කුක්කා මාවත් එක්කරගෙනම office එකට ගියා.office එකට යනකොටත් principle ඇතුලේ ඉඳන් ඉන්නවා.

-"Excuse me, sir may we come in!"

කුක්කා අහනකොට ප්‍රින්සිපල් ඇතුලට එන්න කියලා ඔලුව වැනුවා.

-"ඇයි සර් අපිට එන්න කියලා කිව්වෙ..?"

ඒකත් ඇහුවෙ මං නෙමෙයි කුක්කා.එයා එහෙම ඇහුවම ප්‍රින්සිපල් මාරුවෙන් මාරුවට කුක්කා දිහයි මං දිහයි බලලා කන්නාඩි දෙකත් නහය ගාවට ඇදගෙන කන්නාඩි දෙක උඩින් කුක්කා දිහා බැලුවා.

ඕක උඩින් බල බල ඉන්න නම් කන්නාඩි දෙකක් දාන් ඉන්න ඕනි ඇයි.ගලවලා දාලා හිටියනම් ඉවරනේ.ප්‍රින්සිපලුත් ස්කුබිඩූ බලනව වගේ වෙලාවකට හැසිරෙන්නෙ නිකන් වෙල්මා වගේමයි.

-"ජන්ග්කුක් මට කියනවද එදා තමුන්ව හොයාගෙන අවුරොරා එක්ක collage එකට ආවෙ කවුද කියලා."

කණ්ණාඩිය උඩින් බලන් ඉදලා අන්තිමේදී ප්‍රින්සිපල් එයාගේ හඬ අවදි කලා.

-"සර් ඒ ආවෙ මගේ අයියලා.."

-"එතකොට තමුන් කියන්නේ ඒ ආවෙ තමුන්ගෙ අයියලා කියලද?"

-"ඔව් සර්".

කුක්කගෙන් ප්‍රශ්න කරන්න මේ මනුස්සයා මොන එහෙකටද මං දන්නැ මටත් එන්න කියලා කිව්වෙ.ඒක අහන්න ගිහින් අනාගන්නවට වඩා කටපියන් ඉන්න එක හොඳයි කියලා හිතුනු හින්දා මං කටවහගෙන බලන් හිටියා.

❤️Aro❤️(Completed)Where stories live. Discover now