කුක්කා එහෙම කියලා මාව ඇදගෙනම ගේ ඇතුලට ගියා.
කුක්කා මාව ගේ ඇතුලට ඇදන් යනකොට ඒ වෙලාවෙ වෙව්ලන්න ගත්තේ මන්.ඇයි දෙයියනේ කලින් කුක්ක හොයන්න තෙමිලා තෙමිලා ඇවිල්ලා දැන් ආයේත් තෙමුනනේ.මන් වෙව්ලනව කුක්කට දැනුනද කොහෙද එයා මගේ දිහා බලලා කතා කලා.
-"ආරෝ ඔයාට සීතලද?"
-"ටිකක්..."
-"ඒකනේ පන්ඩිතය වගේ තෙමෙන්න ගියානේ."
-"යාහ්...මන් දැන් කවුරු හින්දද තෙමුනේ ආ."
මූ නිකන් මන් ආසාවෙන් ගිහින් මට ඕනිවට තෙමුනා වගේනේ.අපරාදේ තෙමී තෙමී හොයාගෙන ආවෙ.ඇදක් උඩට වෙලා එලි වෙනකන් කෙදිරි ගගා ඉන්න දෙන්න තිබ්බේ.
-"ආරෝ මට ඔයාව ඇහෙනව හොදද?"
-"ඇහෙන්න තමයි හිතුවෙ."
මන් ඔරවලා කුක්කා දිහා බැලුවා.-"ඔච්චර තරහ ගන්න දෙයක් මන් කිව්වද දැන්.ආරෝ ඔයත් වෙලාවකට මහ හෙන නපුරුයි."
කුක්ක කටත් ඇද කරගෙන මගේ දිහා බලලා කිව්වා.-"එහෙම තමයි."
මන් අත් දෙක බැදගෙන අහක බලාගත්තා.
මන් විනාඩි 5ක් විතර අහක බලාගෙනම හිටියා.කුක්කා මට කතා කරෙ නැ.මන් අනිත් පැත්ත හැරිලා කතා කරන්න හදනකොට කුක්කා පිටිපස්සේ ඉදන් මගේ පිටට හේත්තු වෙලා බඩ මැදින් අත දාලා තද කරලා අල්ලගත්තා.-"කු..කු...ක්කෝ...මොනාද කරන්නේ..?
මන් එකපාරට උඩ ගියා එයා එහෙම කරනකොට.මන් හැදුවෙ අනිත් පැත්ත හැරෙන්න.ඒත් එයා තදකරලම අල්ලන් හිටියේ මට හෙලවෙන්නවත් බැරි විදිහට.
-"පොඩ්ඩක් ඔහොම ඉන්න.මට කතා කරන්න ඕනි."
කුක්කා මගේ කනට කරලා කිව්වා.මොනා කරනවද මන් දන්නැ.කිචිකැවෙනවනේ අප්පා.ඒ අස්සෙ ඇගත් හිරිවැටෙනවා.