🌸Episode 22🌸

4.8K 866 345
                                    


-"එනවා යන්න..."

කුක්කා මගේ දිහා යකෙක් ඔරවලා බලලා අර මිනිස්සු ගොඩ මැදින් මාව එකපාරට ඇඳන් ගියා..එයා මගේ අත කැඩෙන්න තරම් හයියෙන් තදකරගෙන අල්ලගෙන ඇදගෙන ගියපු වේගෙට මං හිතුවෙ මගේ අත කැඩිලා යයි කියලා

-"අවුරෝරා ඔහොම ඉන්නවා...."

කුක්කා මාව ඇඳන් යනකොට අම්මත් නැගිටලා කෑ ගැහුව.ඒත් එයා හැරිලවත් බැලුවෙ නැතුන් දිගටම මාව church එකෙන් එලියට ඇඳන් ඇවිත් එකපාරට කොහෙටද teleport වුනා.

අපි දෙන්නම හිටියේ කොහෙද මං දන්නැ room එකක් ඇතුලේ.ඒක නිකන් hotel room එකක් වගේ.ඒක අස්සට ඇවිල්ලත් කුක්කා මාව අත අරියේ නැ.මං හිටියේ ඇත්තටම ඇඩිලා..සෙරෙප්පු දෙකක් නැතුන් දුවගෙන ඇවිල්ලා මගේ යටිපතුල් දෙකත් සීරිලා ගියා.එහෙන් අතත් කඩලා දාලා වගේ රිදෙනවා.

ඒත් මට කුක්කව දැක්කම එයාව බදාගෙන කෑ ගහන්න තරම් සතුටු හිතුනා.ඒත් එයාගේ මූනේ කිසිම හිනාවක්වත් නැ.මාව දැක්කට කිසිම සතුටක් එයාගේ මූනේ තිබුනේ නැ.යකෙක් වගේ මගේ දිහා බලන් ඉදලා මගේ අත හයියෙන්ම ගසලා දැම්මා.

-"තමුසෙ කොහොමද ආරෝ මාව මේ විදිහට රැවැට්ටුවෙ.?"
එයා හයියෙන්ම කෑ ගැහල ඇහුවෙ එහෙම.

-'කියනවා...කතා කරනවා.."

-"තමුසෙ.... තමුසෙ කොහොමද මට මෙහෙම කලේ..?"

කුක්කා එයාගේ කොන්ඩෙත් හයියෙන් ඇද ඇද ඇවිත් මගේ උරහිස් දෙකෙන් අල්ලලා හයියෙන් හෙලෙව්වා.

-"මං නැති වෙච්ච පොඩි කාලෙට තමුසෙට වෙන එකෙක්ගේ කරේ එල්ලෙන ඕනි වුණාද..?මාස 7ක් තමුසෙට බලාගෙන ඉන්න බැරි වුණාද..?කියනවා...තමුසෙ කවද්ද ඒකත් එක්ක යාලු වුනේ..?"

-"කතා කරනවා ආරෝ..තමුසෙගෙ තොරතෝන්චියක් නැතුන් කියවන කටත් දැන් වැහිලද..?මගේ යකා අවුස්සන්නෙ නැතුන් කතා කරනවා."

එයා මගේ උරහිස් දෙක අත ඇරලා හයියෙන්ම තදකරලා මගේ මූන අල්ලගත්තා.මේ ඉන්නෙ මගේ කුක්කමද කියල මට හිතාගන්න බැරි වුනා.එයා මොනාද මේ මගෙන් අහන්නේ..?මං මොනාද ඒවට දෙන උත්තර..?මට හිතුනා එතනම මැරිලා ගියා නම් ඊට වඩා හොඳයි කියල.මං මොකුත් නොකියා එයා දිහා බලන් හිටියා.

❤️Aro❤️(Completed)Where stories live. Discover now