🌸Episode 15🌸 part 01..

4.5K 907 89
                                    

මම කුක්කගේ ගේ ලග හිටගත්ත ගමන් එහෙමම දුවන් ගියේ ගෙදර දොර ලගට.දොරේ පාස්වර්ඩ් එක දකිද්දිත් මට දැනුනේ ලොකු වේදනාවක්.

Arookook..

ඒ වගේ පාස්වර්ඩ් එකක් දාන්න තරම් කුක්කා මට ආදරේ කරලා කියලා ඒක ගහනකොටත් මට හිතාගන්න බැරි වුනා.පාස්වර්ඩ් එක ගහනකොටම ගෙදර දොර ඇරුනා.මන් ගේ ඇතුලට දුවන් ගියාට කුක්කා පේන්න හිටියෙ නැ.

මම එහෙමම එයා එදා හිටපු කාමරේ ඇතුලට දුවන් ගියා.මම කාමරේ ඇතුලට යනකොට එයා ඇද උඩ වැටිලා හිටියා.ශර්ට් එකත් ගලවලා බිමට දාලා එයා හිටියේ නිකන් බොක්සර් ශෝර්ට් එකක් විතරක් ඇදලා. මුලු ඇගෙන්ම දාඩිය වැක්කෙරෙනවා.මම එයා ලගට දුවගෙන ගියා.එදාටත් වඩා ඒ මූන ඇග ගොඩක් තුවාල වෙලා.බලන්න බැරි තරමට ඇග පුරාම තුවාල හිටලා.

කිසිම හැලමොල්නක් නැතුන් කුක්කා ඇදේ වැතිරිලා ඇස් දෙක පියාගෙන ඉන්නවා දැක්කම මට බය හිතුනා.මගේ ඇගම පන පිටින් පිච්චිලා ගියා වගේ වුනා.මම ගිහින් එයාට කතා කලා.

-"කුක්කෝ...ඔයාට මාව ඇහෙනවද?

-"කතා කරන්නකෝ..."

මම එයාගේ මූන අල්ලනකොට කලින් වගේම එයා සීතල වෙලා.හරියට මැරිච්ච මනුස්සයෙක් වගේ එයා ගල් වෙලා.මගේ අත් දෙකත් එක්ක වෙව්ලන්න පටන්ගත්තා.මන් කොච්චර කතා කලත් එයා හෙලවුනේවත් නැ.ඒ ඇස් දෙක ඇරුනෙත් නැ.මට එයා දිහා බලන් ඉන්න බැරි තරමට ඇඩෙනවා.ඔලුව ගිනිගන්න වගේ.මොනා කරන්නද කොහේ යන්නද හිතාගන්න බැ.

එදා වගේ එයා තෙමිලත් නැ.ඒත් එයා ගල් වෙන්න තරම් සීතල වෙලා තියෙද්දිත් ඇග පුරාම දාඩිය ගලනවා.මට ඒවා පිහිදලා අයින් කරන්නවත් කුක්කා දිහා බලන්න බය හිතෙනවා.එයාගේ ඇග ඒ තරම් තුවාල වෙලා.එදා වගේම මම බෙඩ්ශීට් එකක් කුක්කගෙ ඇග වටේට එතුවා.එයාගේ තුවාල වෙලා තියෙන අත හෙමීට අල්ලගෙන මම එයා ලගින් වාඩි වෙලා එයා දිහා බැලුවා.කුක්කට මෙහෙම වුනේ මන් හින්දනේ.මන් එයත් එක්ක රන්ඩු කරලා මොනාද දෙවියනේ කිව්වෙ.එයා මැරිච්ච එකෙක් කියලත් එයාව පුලුවන් තරම් මන් රිද්දුවනේ.

-"ඒකද ඔයා දැන් මෙහෙම ඇස් දෙකත් පියාගෙන කතා නොකර ඉන්නේ ආ.."

-"අනේ ඇස් ඇරලා කතා කරන්නකෝ..ඔහොම ඉන්නෙපා."

❤️Aro❤️(Completed)حيث تعيش القصص. اكتشف الآن