Voice🍁

2.1K 202 23
                                    

ආදරේ සල්ලි වලට ගන්න බෑ කියලා මං විශ්වාස කලා.. ඒත් ඒක බොරුවක් කියලා මට ඔප්පු කලේ ලෝරා.. මං මොනතරම් ආදරේ කලත් ලෝරාගෙ ආදරේට හරි අපූරුවට වෙන කෙනෙක්ගෙන් මිලක් නියම උනා.. එයාට ආස හැමදේම මං දුන්නත් එයා හැමවෙලේම හෙව්වෙ මීටත් වඩා දෙයක්..

මං මොන දේ ගෙනත් දුන්නත් එයාගෙ කටෙන් මුලින්ම පිටවෙන වචනෙ ..

"එතන මීට වඩා හොද ඒවා තිබ්බෙ නැද්ද"

ලෝරා... මගේ ආදරේ.. ඒක මං කලේ කිසිම දෙයක් පෙරලා බලාපොරොත්තු නොවී උනත් මට වැරදුනා.. හුගක් ආදරෙන් හැමදේම පරිස්සම් කලත් අන්තිමට එයා කිව්වෙ මගෙන් කිසිම සතුටක් ලැබුනෙ නෑ කියලා..

ලෝරා.. අද මගේ හිතේ ඔයා ගැන ආදරයක් නැතිවුනත්.. මං පසුතැවෙනවා.. ඒ ගෙවුන හැම තප්පරේටම.. නාස්ති උන හැම තප්පරයක් ගානෙම මං පසුතැවෙනවා..

පහුගිය අවුරුදු හතරට මගේ හැමදේම ගොඩක් වෙනස් උනා.. සල්ලි දේපල හැමදේම මං ලග තියනවා.. ඒත් එකම එක හිස්තැනක් තාමත් එහෙම්මමයි.. ආදරේ... ඒ වචනෙට මගේ හිතේ ඉඩක් තිබ්බෙ නෑ.. ඒ ලෝරා නිසාද මං ආදරේට බය නිසාද කියලා මං දැනගන හිටියෙ නෑ..

ඉර බැහැගෙන යන සෝල් අහස දිහා මං බලාගන හිටියේ කැෆේ එකේ කවුලුවෙන්.. තනිකමත් එකෝමත් එක රහක්.. ජිවිතේ හෙම්බත් උන මිනිස්සුන්ට තනිකම කියන්නෙ බෙහෙතක්..

වීදුරු බිත්තියෙන් හරි ලස්සනට තැබිලි පාට අව් රැල්ලක් ඇතුලට වැටෙනවා.. වේලුනු හුලගට ගස් වලින් වැටෙන මේපල් කොල පාර පුරා යන්නෙ හිරවුනු බැදීමකින් නිදහස් උන සතුටට වගේ..

මගේ ඉස්සරහින් කලබලේ දුවන ජීවිත දිහා මං බලාගන හිටියෙ උනන්දුවෙන්.. එක එක ලෝක වල ජීවත් වෙන අය මාව පහුකරගන ගියා..පිටින් පේන කලබලකාරි ජීවිත ඇතුලේ හැංගුන කතා කොයිතරම් නම් ඇත්ද.. මට හිතුනෙ එහෙමයි..

නෙස්කැෆේ එක බොන ගමන් මං මාව පහුකරගන යන අය දිහා බලන් හිටියා.. එකපාරටම මාව ගැස්සුනේ මගේ ඉස්සරහම කකුල පැටලිලා වැටුන කෙල්ලව දැකලා.. වීදුරු බිත්තියෙන් එහා උනත් එකපරටම මාව ගැස්සුනා..කෙල්ලගෙ අතේ තිබුන බඩුමුට්ටු ඔක්කොම එක්ක කෙල්ල බිම..

Short StoriesWhere stories live. Discover now