The hope untold🍂

448 83 13
                                    

"අ..අනේ මට සමාවෙන්න..සමාවෙන්න.."

ඇඟේ හැප්පුනේ කවුද කියලවත් නොබලම හතරට පහට නැවිලා මං සමාව ගත්තේ මෙතන වරද කාගෙ උනත් දඩුවම මට බව මං හොදාකාරවම දන්න නිසා..

"කමක් නෑ.. මගෙයි වරද.. මම මේ ප්‍රඩක්ඩ් එකේ ingredients බල බල ආව නිසා ඔයාව දැක්කෙ නෑ"

සාමාන්‍යෙන් මේවගේ දෙයක් උනාම අනිත් පැත්තෙන් ඇහෙන්නැති ජාතියෙ වචන ටිකක් ඇහුන නිසා මං ඔලුව උස්සල බැලුවා.. කටහඩ වගේම අහිංසක මූනක් එක්ක මගේ දිහා බලන් හිටියෙ කෙල්ලෙක්. ඇදුමෙන් පැලදුමෙන් ලොකු තැනක කියල බැලූ බැල්මට පෙනුනත් ඒ මූනෙ නම් තිබ්බෙ අහිංසක ලස්සනක්..

"ඔයා හොදින්ද..?"

එයා මගේ ඇස් ඉස්සරහින් අත එහාට මෙහාට කරද්දි මං ආයෙම පියවි සිහියට ආවා..

"ඔ..ඔව් මැඩම්.. සමාවෙන්න.."

මං ආයෙම ඔලුව නවල සමාව ඉල්ලල එයා ගෙ අතෙන් වැටුන හුගක් ලොකු ගානක් උන තේ කොල පැකට් එක අහුලල දෙන්න පහලට නැවුනම එයත් මාත් එක්කම බිමට නැමුනා..

"ඉන්න මාත් උදව් කරන්නම්"

අහුරන්න ගෙනාව බඩු ටික බිම තැන තැන වැටිලා තියෙද්දි එයාත් මට ඒවා අහුලගන්න උදව් කරා.. අහුලන ගමන් මං හිතෙන් දෙවියන්ට පිං දුන්නෙ බිත්තර ටික අතටත් අරන් ආයෙම තියල රාමේන් පැකට් ටික ගේන්න මගේ හිත වෙනස් කරපු එකට..

"හේරා.. ඔයා හොදින්ද ? මොකද උනේ?!"

අන්තිම රාමේන් පැකට් එකත් අහුලලා ආයෙම පෙට්ටියට දානකොට කොහෙන්දා ආපු පිරිමි කටහඩක් ඒ කෙල්ලව ඉද්ද ගැහුවා වගේ නැගිට්ටෙව්වා..

"අහ්.. ම්..මං හොදින්.. මං මේ ලමයගෙ ඇගේ ඇප්පුනා අහක බලන් ඇවිත්"

හේරා... එයාගෙ නම ඒක..

"පරිස්සමෙන් වැඩ කරන්න දන්නැද්ද? එන්න යං මට හොදටම පරක්කුයි"

ඒ පිරිමි කෙනා හේරා ගෙ ඉන වටේ අත දාගන එක්කන් යද්දි මං කලේ ඒක දැක්ක නොදැක්ක ගානට කැප් එකෙන් මූන වහගන ආපහු යන්න හැරුන එක.. රාක්ක ළඟින් හැරෙද්දි ආයෙම හිත කිව්ව නිසා මං පිටිපස්ස හැරුනත් නොහිතුව විදියට හේරාත් පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා..
______________________________________

Short StoriesWhere stories live. Discover now