පිම්බුන සුදු පාට ගවුමට උබ හරි පිං පාටයි මැනික.. ඔය මූනේ හිනාවට අදටත් පුලුවන් මාව ජීවත් කරවන්න..ලයිට් එලිය වැටුන මූන හදක් වගේ දිලිසෙනවා.. ඔය හිනාව ඉස්සර වගේමයි.. බලන් ඉද්දි හිත නිවෙනවා.. එකපාරටම ඔය බෝල ඇස් මගේ දිහාවට හැරුනේ මාවත් හිරිවට්ටන ගමන්.. කොහොමද රත්තරං ඔයා එහෙම කරන්නෙ.. කොහොමද ඇස් වලින් මනුස්සයෙක් පිස්සු වට්ටන්නෙ.. ඒ ඇස් මාව දැක්කාම ගැස්සුනා.. ඔව් මං හිතුවා වගේම උබ මාව අදුනගත්තා නේද මැනික..
ඔය ඇස් එක්කම මාව අතීතෙට ගියේ හිත නිවෙන භාවනාවක් වගේ උබ මං දිහා බලාගන ඉද්දිමයි..
.
.
.
.
.
.
"ස්ස්ස්ස්ස්.."මං කනට කරලා පිබපු පාර උබ ගැස්සුනා.. බයෙන් වටපිට බැලුවේ කවුරුහරි උබව උස්සන් යන්න ආවා කියලා හිතලා වගේ.. මං දන්නවා මගේ කෙල්ල හැමවෙලේම ඉන්නෙ බයෙන්..
"ආයිශ්.. මං ගැස්සුනා.."
"ඔය බය තිබ්බොත් මදෑ.."
මං එහෙම කියද්දි උබ බොරුවට මා දිහා බලල රවලා අනිත් තප්පරේම මගේ අත අල්ලගන හිනාවුනා..මං ඒ අත තව ටිකක් තදකරගනම පාර්ක් එකේ කෙලවර තිබ්බ බෙන්ච් එකෙන් වාඩි වුනා.. උබ ඒත් හිටියේ වටපිට බල බල ..
"බයවෙන්නෙපා.. මාව කාටවත් අදුනගන්න බෑ.. අනික සේජින් හ්යුන් ඉන්නවා "
මං එහෙම කිව්වාම කෙල්ල අමුතු මොකද්දෝ නොතේරෙන බැල්මකින් මා දිහා බලලා ලොකු හුස්මක් ගත්තා.. ඒ හුස්ම ඇතුලෙ තිබ්බ බර මට නොතේරුනා නෙවෙයි මැනික.. මට දැනුනා..මට හොදටම දැනුනා..
"අදුනගන්න නම් බෑ තමා.. ගෝනිබිල්ලෙක් වගේ ඔක්කොම වහගන ඉද්දි.. මටවත් ඔය මූන ටිකක් බලාගන්න බැරිද අනේ??"
උබේ කටහඩේ තිබ්බෙ දුකක්.. නෝක්කාඩුවක් එක්කම ලොකු දුකක්..මගේ හිතත් රිදුනා.. ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ..
"මේක ගලවන්න නම් පුලුවන් මට.. ආමි කෙනෙක් දැක්කොත් ඔයාගෙ කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ.. ඔක්කොටම හපන් සසෙන්ග් ලා!"
මං එහෙම කිව්වෙ මාස්ක් එක තව ටිකක් උඩට උස්සගන්න ගමන්.. උබේ මූන ඒ ගමන නම් කේන්තියට රතු උනා..

VOCÊ ESTÁ LENDO
Short Stories
Contoනිකන් ඉන්න ගමන් ලියන short ff මේ පොතට දාන්නේ... List එකට add කරල තියාගන්න...❤️