Random you💝
පුරුදු විදියටම අපි කොලේජ් ඉවර වෙලා හතරවටේ කරක් ගහලා බස් එකට නැග්ගෙ පුරුදු ශීට් එක බලාගන.. පිටිපස්සෙම තියන දිග ශීට් එක තමා අපි තුන්දෙනාගෙ රාජකීය අසුන..අපි තුන්දෙනා එක්ක එන අනිත් සෙට් එකත් එක්ක පිටිපස්සෙ වාඩි වෙලා බහිනකල්ම හොද පිස්සුවක් අපි හැමදාම බස් එකෙ නටනවා.. කවදාවත් මේ වෙලාවට එන බස් එකේ ඒ ශීට් එකේ කවුරුත් ම ඉදගන්නෑ.. අනුදැනුමකින් තොරව උනත් ඒ ශීට් එක අපිටම වෙන් කරලා තිබ්බේ..
ඒත් අද මං බස් එකට නගිනකොටම දැක්කෙ අපේ ශීට් එකේ ජනේලේ අයිනටම වෙන්න පොඩි කෙල්ලෙක් ඉදගන ඉන්නවා..
ජනේලෙට අතත් තියාගන අත උඩින් මූන තියාගන එලිය බලාගන බර කල්පනාවක.. මං ජිමිනා දිහා බැලුවේ ඉදගන්නවද නැද්ද කියල අහන්න වගේ.. ඒකා ජන්ග්කුකා දිහා බැලුවා..ජන්ග්කුක් පැනපු ගමන් අනිත් කෙලවරෙන් ඉදගත්තා.. ඒකාට කොහොමත් පොඩි කාන්තා භීතිකාවක් තියන නිසා මං මුකුත් ම නොකියා කෙල්ලගෙ එහාපැත්තෙන් වාඩි වෙද්දි ජිමිනා මැද්දෙන් වාඩි උනා.. මේ කෙල්ල නිසා අනිත් සෙට් එකට ඉදගන්න ඉඩක් තිබ්බෙ නෑ.. සෙට් එක කිව්වට තව කොල්ලො දෙන්නයි හිටියේ.. උන් දෙන්නම ඊට ඉස්සරහින් වාඩි උනා..
"ආ.. නම්කී... මොනාද ඔච්චර හිතන්නෙ"
ජිමිනා මගේ මැද්දෙන් බෙල්ල දාලා කෙල්ල ලගට ඇවිත් අහපු පාර කෙල්ල උඩ ගිහින් අපි දිහා බැලුවා..එයා අපි ඉන්නවා කියලා දැක්කෙත් දැන්ද කොහෙද.. ඒ කලබල උන මූනෙන් මට තේරුනා කෙල්ල අපි ඉදගන්නවා වත් දැකලා නෑ කියලා.. ජිමිනා හදන්නෙ කෙල්ලද මඩවන්න.. මාත් සද්ද නොකර හිටියේ වැඩේට සපෝට් එකක් දෙන ගමන්..
"ඉතින්.. මොකෝ මේ තනියම පාලුවෙන් බස් එකේ මුල්ලක කරන්නෙ"
ජිමිනා එහෙම ඇහුවාම කෙල්ල බිම බලාගත්තා.. ජිමිනාගෙ මනමාල මූන දැකලා මට හිනා.. කෙල්ලට එහෙම කියලා ජිමින් මං දිහා බලලා සද්දෙ ඇහෙන්නැතිවෙන්න කට ඇරලා හිනාවුනා..
මං ජන්ග්කුක් දිහා බැලුවේ ඒකා මොකෝ කරන්නෙ කියලා.. තඩි බිස්කට් පැකට් එකක් කනවා පන දාගන.. ඒකාට මේවා ගානක් නෑ.. සිරි නරබ නරබ කනවා.. මං කකුලෙන් පාරක් ගැහුවාම උඩ ගිහින් මං දිහා බලලා මගේ ඇග මැද්දෙන් සර්පයා වගේ කෙල්ලට එබීගන ඉන්න ජිමිනා දිහා බැලුවා.. ඇස් දෙකත් ලොකු කරගන බිස්කට් එකකුත් කටේ දාගන ටික වෙලාවක් බලාගන හිටියාමයි ඒ මැටි මොලේට වෙන දේ වැටහුනේ.. කෙල්ලො ලග ඉන්න බය උනාට කාවහරි පල් කරන්න නම් ජන්ග්කුකා දෙපයින්ම කැමති.. ඒකා පස්ස ශීට් එක දිගේ අතුල්ලගන අපි ලගට ආවේ ඉස්සරහ දත් දෙකත් එලියෙ දාගන..
ESTÁS LEYENDO
Short Stories
Historia Cortaනිකන් ඉන්න ගමන් ලියන short ff මේ පොතට දාන්නේ... List එකට add කරල තියාගන්න...❤️