Sometime Ago⏳ Pt:07

322 103 22
                                    

ගෙවුන වෙලාව කොච්චරක්ද කියල මට අදහසක් තිබුනෙ නෑ.. අඩුම ගානෙ ජින් ඔප්පාට කෝල් එකක් දෙන්නවත් මට සිහියක් තිබුනෙ නෑ...

"නූහා...නූහා අපේ යුන්ගියාට මොකද??"

යුන්ගි ඔප්පාගෙ රූම් එක ඉස්සරහ අසිහියෙන් වගේ මම ඉදගන ඉන්නකොට මට ඇහුනෙ ජින් ඔප්පගෙ කටහඩ. මංඇස් වල කදුලු පුරෝගන ජින් ඔපා දිහා බලද්දි එයත් හිටියෙ නිසෑහෙන්න බයවෙලා බව මට තේරුනා.. ඊට පිටිපස්සෙන් හිටියෙ හෝසොක් ඔප්පා.. ගෙවුන කාලෙට එයාගෙ පෙනුම හුගක් වෙනස් වෙලා තිබ්බා.. ඒත් ඒ දේවල් වලට අවදානෙ දෙන්න තරම් සිහියක් මට තිබුනෙ නෑ..

"ජින් ඔප්පා... අනේ එයා.. අනේ එයට මොකද්ද උනා.. මං .. මං දන්නෑ"

වෙච්ච දේ විස්තර කරන්නවත් මට පුලුවන් කමක් තිබුනෙ නෑ. මම ජින් ඔප්පාගෙ අතෙන් අල්ලගත්තෙ තවත් මේ දේවල් තනියම දරාගන්න බෑ කියල හිතුන නිසා..

"හරි නූහා... කලබල වෙන්නෙපා යුන්ගියාට මොකුත් වෙන්නෑ.. "

ජින් ඔප්පා මගේ අත තදකරලා අල්ලගන්න ගමන් බැලුවෙ යුන්ගි ඔප්පාගෙ කාමරේ දිහා.. මගෙ හිත සනසන්න එහෙම කිව්වට මොකද ජුන් ඔප්පාගේ මූනත් තිබුනෙ අසීමාන්තිකව බයවෙලා..

අපි කොයිතරම් වෙලා එහෙම හිටියද කියන්න කාටවත් අදහසක් තිබුනෙ නෑ.. කොහොමහරි අපි හැමෝම ඉදපු තැන්වලින් නැගිට්ටෙ ඩොක්ටර් එලියට එනකොට..

"ඩොක්ටර්.. ඩොක්ටර් එයාට.. යුන්ගි ඔප්පට.. කොහොමද "

මං ඔක්කොටම කලින් ඩොක්ටර් ළඟින් හිටගත්තෙ ඉවසීම කියන දේ පේන මානෙකවත් නොතිබ්බ නිසා..  ජින් ඔප්පා මගේ පිටිපස්සෙන් හිටගන්නකොට හෝසොක් ඔප්පා ටිකක් ඈතට වෙන්න බලාගන හිටියා..

"බයවෙන්න එපා.. දැන් එයා හොදින්.. ඔයාට ගිහින් බලන්න පුලුවන්.. මිස්ටර් ජින් ඔයා මාත් එක්ක ටිකක් එන්න"

අනිත් දේවල් වලට අවදානයක් දෙන්න මට උවමනා උනේ නෑ.. මට බලන්න පුලුවන් කියල කිව්ව පරක්කුවට මම කලේ ඔක්කොම දමලා ගහලා යුන්ගි ඔප්පාගෙ කාමරේට දිව්ව එක..

ඒ මූන දැක්කාම මට දැනුනෙ මාව බාගෙට මැරුවා වගේ හැගීමක්.. ලස්සනට දිලිසුන ඇස් මලානික වෙලා..එයාගෙ හම හිතාගන්න බැරි තරමටම සුදුමැලි වෙලා.. මාව දැක්කාම එයා හිනාවුනා.. කටෙන් නෙවෙයි ඇස් වලින්..

Short StoriesTempat cerita menjadi hidup. Temukan sekarang