Inside out🐟

649 138 33
                                    


"යා යුන්ගියා.. මෙතන ඇවිල්ලත් නිදාගන්නද හදන්නෙ"

ජින් බෝට්ටුවෙ කොනකට වෙලා ඇසුත් පියාගන ඉදගන ඉන්න යුන්ගිට කෑගැහුවේ බිලී පිත්තත් එහෙට මෙහෙට වන වනමයි.. ඒ සද්දෙට යුන්ගි හිමීට ඇස් ඇරලා ඈලි මෑලි කඩල කට්ටිය දිහා බැලුවෙ වටපිට බලන ගමන්..

"අද ඔය පස් දෙනෙක්ම ඉන්නෙ හ්‍යුන්ට මාලු බාන්න.. මං පොඩ්ඩ්ක මෙහෙම ඉන්නම්"

යුන්ගි එහෙම කියල කට්ටිය දිහා බලලා ආයෙම ඇස් පියාගත්තා..

"ඒක නෙවේ නම්ජූන් හ්‍යුන්.. ඇයි මේ ගේ දුන්න මනුස්සයා අපිට ගගට බහින්නෙපා කිව්වෙ.. අපි හොරෙන්නෙ මේ බැස්සෙ.."

"ඒ මනුස්සයා කිව්වෙ මේකෙ මායාවක් තියනව කියල ඒක වෙන්නැති ටේ.."

"මොන පිස්සු කතාද"

ජින් බිලීපිත්ත වතුරට දාගන තනියම මුනු මුනු ගගා මාලු බානකොට ජන්ග්කුක් ජිමින් ටේහ්‍යුන් තුන්දෙනා ඇමට දාන්න ගෙනාපුවා එක එක ජින් ට හොරෙන් වතුරට දාලා මාලු ඇවිත් ඒවා කන හැටි බලන් ඉන්නව.. නම්ජූන් එයා අතෙන් කැඩුන බිලීපිත්තෙ කොක්ක ආයෙ අමුණන්න හොබී එක්ක ද්වන්ද සටනක..

කොහොමින් කොහොම හරි හයදෙනා එක්ක සැලකිය යුතු මාලු ප්‍රමාණයක් අල්ලගද්දි යුන්ගි නම් කලේ දිගටම නිදාගත්ත එක.. හත්දෙනත් එක්ක නිවාඩුවකට ආවා උනත් යුන්ගි ඊයේ මුලු රෑම එයාගෙ අලුත් සින්දුවෙ වැඩ එක්ක හරි හරියට ඔට්ටු උන නිසා නින්දක් ගැන හිතන්නත් එයාට බැරිවුනා.. ලොකු අයියගෙයි මල්ලිලගෙයි වදේට මාලු බාන්න බෝට්ටුවට ආවත් වටපිටාවෙන් එන ගිම්හාන හුලග එක්ක යුන්ගිට ඇස් ඇරගන ඉන්නව කියන එක හීනයක් උනා..

"යුන්ගි හ්‍යුන් මාළු බාන්න ආවෙ නැති එකේ කන්නවත් එන්නකෝ"

කෑම මේසෙ ඉදගන ඉන්න ජන්ග්කුක් කෑගැහුවෙ ඊට ටිකක් එහායින් සෙටි එකට වෙලා ලැප් එක ඔබ ඔබ ඉන්න යුන්ගිට.. කට්ටියම හරි හරියට හවස අල්ලපු මාලු එක එක විදියට හදලා..

"ජිමිනා.. මේ බලනවා මගේ මාලුවා තමා ලොකුම"

"අනේ මගුල... බලනවකො මගේ එකාගෙ සයිස් එක"

"ඕවයෑ මාළු.. නම්ජූන් හ්‍යුන් ට අහුවුන එකානේ මාලුවා"

හොබී එහෙම කිව්වාම කට්ටියම හිනාවුනේ නම්ජූන්ගෙ කැඩිච්ච බිලී පිත්තට අහුවුන පොලොතින් උරේ මතක් වෙලා..

Short StoriesWhere stories live. Discover now