Just4you💌

603 131 20
                                    

Just4you

"ශිට්! කොච්චර කලින් ආවත් මේකාව අල්ලගන්න බෑනෙ! කාලයක් රෝස මල්.. දැන් කෑම!"

මං අත මිටමොලවල මේසෙට ගහද්දි යුන්ගි හිනාවෙවී මගේ පිටටත් තට්ටුවක් දාන ගමන් පුටුවෙන් ඉදගත්තා.  නම්ජූන් යුන්ගි දෙන්නා හිනාවුනත් මට තිබුනෙ කුතුහලය මුසු උන කේන්තියක්.. හැමදාම ඉන්ටවල් එක වෙලාවට මගේ බෑග් එක ඇතුලේ කෑම එකක් එක්ක මිල්ක්ශේක් බෝතලයක් වරදින්නෙම නෑ.. මාස ගානක් හොයන්න උත්සහ කලත් මට ඒ කවුද කියල හොයාගන්න බැරිවුනා..

අද මැච් එකක්වත් ගහන්නැතුව මං අත හෝදගන ඒ පිම්මෙම උඩට දුවගන ආවෙ මේ වැඩේ කරන කෙනාව අල්ලගන්න උනත් වෙනද වගෙම අදත් එයා මට වඩා ඉස්සරවෙලා..

"හිතන්නෙපා ජින් හ්‍යුන් මොකා උනාම මොකද? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගන ඉමු"

යුන්ගි එහෙම කියන ගමන් කෑම එක දිගෑරියා.. මං ආසම ජජන්මන් එක්ක කිම්චි.. කටට කෙල ඉනුවත් මං කටක්වත් නොකා පුටුවක් ඇදගන වාඩිවුනා..යුන්ගි නම්ජූන් දෙන්නා නම් කෑම එකට හරි හරියට වග කියන්න ගත්තා..

"ම්ම්ම්ම්...මාර රසයි හ්‍යුන්.. කියනවට කටක් කන්න!"

"කාපුවා මදිද?"

"නෑ සිරාවට රහයි... හ්‍යුන්  කටක්!"

"මට එපා! වහ දාලාද කවුද දන්නෙ!"

මං එහෙම කිව්වාම කටේ කෑම පුරෝගන හිටපු ඩබලම කෑම එක්කම ඇස් දෙකත් ලොකු කරගන මං දිහා බලන් හිටියා.. තප්පර ගානක් මාත්  උන් දෙන්නා දිහා බලන් ඉද්දි යුන්ගී ආයෙම ඕනෙ එකක් වගෙ බැල්මක් දාලා කන්න පටන් ගත්තා..

හිතෙ තිබ්බ කුතුහලේ එන්න එන්නම වැඩිවුනත් මට කැම තියන කෙනා හොයාගන්න මට බැරිවුනා..
.
.
.
.
.
.

"හ්‍යුන්.. මං නම් කියන්නෙ අපි රැකගන ඉමු"

ජන්ග්කුක් එහෙම කියද්දි ටේහ්‍යුනුත් ජන්ග්කුක් ගෙ කරට අත දාලා ඒ කිව්ව දේ අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.. මේ අදහස මේ ඩබලම කලින් මට කිව්ව උනත් මං ඒක වැඩිය හිතට ගත්තෙ නෑ.. ඒත් දැන් කරන්න තියන එකම දේ ඒක නිසා මං ඒ වැඩේට කැමති උනා..
.
.
.
.

Short StoriesTahanan ng mga kuwento. Tumuklas ngayon