Sometime Ago⏳ pt.06

331 93 15
                                    

අතීත මතක අස්සෙ හිරවෙලා හිටපු මගේ ඇස් වලින් වැටුන කදුලු පේලියක් නොදැනිම කම්මුල් දිගේ ගලාගන ගිහින් තිබුනා.. මට මොන දේ කලත් අතීතයෙ මොන දේ උනත් යුන්ගි කියන්නෙ මගේ ආදරේ.. සෙනී කිව්ව දේ මතක් වෙන වාරයක් ගානෙ මට දැනුනෙ මාව මැරිලා ඉපදෙනව වගේ.. දුකක් වේනදාවක් වගේම අනුකම්පාවක් මගෙ මුලු හිත පුරාම තිබුනා..

මගේ සම්බන්ධෙත් එක්කම වගේ සෙනී ගෙයි ජින් ඔප්පගෙයි තිබුන සම්බන්දෙත් නතර උනා.. හේතුව මම නේද කියල දහස් වතාවක් ඇහුවත් සෙනී ගෙ උත්තරේ උනේ නෑ කියන එක.. ඒත් මගේ හිත දැනගන හිටියා සෙනී ජින් ඔප්පාව අත අරින්න ප්‍රධානම හේතුව මම කියල.. මට වේදනාවක් දැනුනා.. මං නිසා අහිංසක ආදරවන්තයො දෙන්නෙක් වෙන් උනා කියල  වරදකාරී හැගීම මගේ හිතේ අදටත් තියනව.. ඒත් සෙනී චූටි විනී යි වූ බින් ඔප්පායි එක්ක සතුටින් ඉන්නව දකින කොට ඒ හැගීම ටිකකට යටපත් වෙනව..

සෙනී විතරක් නෙවෙයි නවෝ හෝසොක් ඔප්පා ගැන එයාගෙ හිතේ තිබ්බ අදහස සම්පූර්නයෙන්ම අතෑරියා.. ඒත් නවෝ බොරු කිව්වෙ නෑ.. එයා කෙලින්ම මට කිව්වා..

"යුන්ගි ඔප්පා ඔයාට කරපු දේට උදව් කරපු කෙනා ඒ දේම මට කරන්න බැරි නෑ නූහා"
________________________

📲
"සෙනී..."

"ඔව් නූහා කියන්න"

"මට උදව්වක් ඕන"

"මොකද්ද"

"මට යුන්ගි ඔප්පා හිටපු හොස්පිටල් එකේ ලොකේශන් එවන්න"
______________________________

අවුරුදු ගානකට පස්සෙ යුන්ගි ඔප්පාව දකින එක ගැන හිතනකොට මගේ පපුව එලියට පනින තරමට වේගෙන් ගැහෙන්න ගත්තා.. සතුටක්,දුකක්, නොසන්සුන් කමක් වගේ හැගීම් ගොන්නක මම අතරමං වෙලා හිටියේ.. සෙනී එව්ව ලොකේශන් එකට යන්න මට පැය ගානක් ගත වෙන බව දන්නව උනත් මං ඩ්‍රයිවර් නැතුව තනියමම යන්න හිතුවෙ මේ ගමන යන්න ඕන මම විතරක්ම නිසා..

මොන හේතුවකට මාව දාලා ගියත් මොන අඩුපාඩුවක් නිසා මාව අතෑරියත් මගේ හිතේ දුකක් මිසක් තරහක් තිබුනෙ නෑ.. ආදරේ කලානම් වෛර කරන්න බෑ.. අහිමිවීම නිසා ඇතිවෙන පසුතැවීම  දුක මිසක් වෛරයක් ඇතිවෙනව නම් ඒක ආදරයක් වෙන්නත් බෑ.. මං විශ්වාස කලේ එහෙම..

Short StoriesWhere stories live. Discover now