Author P.O.V.
??- "අම්මෝ......මයෙ කොන්ද.......මොකාද පත බෑවුනේ???? අම්මපා හරියට නිදාගන්න දෙන්නැති හැටි විතරක්..... මේ තමුසෙ කවුරු උනත් කමක් නෑ නැගිටිනවා මගෙ ඇග උඩින්"
යූරා එතන තිබුන ලස්සන නිසා වට පිට බල බල ගියා මිසක් බිම නිදාගෙන හිටිය මනුස්සයවනන් දැක්කෙ නෑ. කෙල්ල ඒ මනුස්සයවත් පෙරලගෙන බිමපතබෑවුනේ බිම හිටිය මිනිහට හුස්මවත් ගන්න බැරි වෙන්න.
එක අතකට කෙල්ලටත් වැරැද්දක් කියන්න බෑ කවුද දන්නෙ මේ වගේ තැනක මිනිහෙක් නිදාගෙන ඉදියි කියලා.
👩-"ඔ..ඔප්පා...."
ඔව් ඔව් ඒ හිටියෙ යුන්ගි. (හැමෝම හරියට කියලා තිබ්බා 😉)
🐱-"අහ්...මේ යූරානෙ කොහෙද යෝධියෙ උඩ බලාගෙන යන්නෙ ?"
👩- "මි..මියානෙ ඔප්පා"
එහෙම කියන ගමන් කෙල්ල ඉක්මන්ට කොල්ලගෙ ඇග උඩින් නැගිට්ටෙ ඇස් අග තිබුන කදුලු හොරෙන්ම පිහදාගන්න ගමන්. ඒත් හිතනවද කොල්ලා ඒක දකින්නැතුව ඇතීයි කියලා.... කොල්ල දැක්කා කෙල්ල හිමීට ඇස්වල තිබුන කදුලු හංගගත්ත අපූරුව
කෙල්ල නැගිටිනකොටම කොල්ලත් ඇග මැලි කඩ කඩම හිටපු තැනින් නැගිට්ටෙ යූරගෙ මූනෙන් බැලූ බැල්මටම හොදින් හිටපු බවක් නොපෙන්වන නිසා. යූරානන් හිටියෙ කිසිදෙයක් නොවුනා වගේ හරි අපූරුවට. මොකද කෙල්ලට ඕන උනේ නෑ තමන්ගෙ දුක අනිත් අයට කියලා එයාලවත් දුක් කරන්න. ඒක නිසාම කෙල්ල අහක බලාගෙන හිටියෙ කෙල්ලගෙ ඇස් වල කදුලු කොල්ලගෙන් හංගන්න ගොඩක් උත්සාහ කරන ගමන්.
🐱- "යූරා මොකද උනේ?"
ඈතින් පේන නිල් අහස දිහා බලාගෙන කොල්ලා කෙල්ලගෙන් එහෙම ඇහුවෙ කෙල්ලගෙ ඇස්වල කදුලු දකින්න කොල්ලා අකමැති නිසා. මොකද කොල්ලට යූරව දැණුනෙ තමන්ගෙම නංගි කෙනෙක් වගේ. මොන අයියද කැමති තමන්ගෙ නංගි අඩනවා දකින්න.
👩- "යු...යුන්ගි ඔප්පා..."
යූරා ඇස් දෙකත් රවුන් කරන් සුගා දිහා බැලුවෙ පුදුමෙන් වගේ.
🐱- "ඔව් මන් තමයි"
කොල්ලනන් තාම ඔහේ අහස දිහා බලාගෙන
![](https://img.wattpad.com/cover/267921173-288-k853458.jpg)
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Romanceපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥