වෙඩින් එක අරහෙ යන අතරෙ නම්ජූන්, ජින්, හෝබි, යුන්ගි, ජිමින්, ටේ පැත්තකට වෙලා කයියක් දාගෙන හිටියෙ.
🦄- "මේ ජිමිනො... අපි වැඩක් කරමු..."
🐥-"වැඩක් ?? ඒ මොකක්ද ? මොකක් හරි ජරමරයක් නම් කරන්න ලෑස්ති වෙන්න එපා හියුන්ග්"
🦄-"නෑ නෑ මන් කියන්නෙ ඔයාට ඉක්මනට මාමා කෙනෙක් වෙන්න පුළුවන් වැඩක් ගැන... ඔයා කිව්වට ඉතින් අපිත් මාමලා තමා 😁"
🐥-"යා හියුන්ග්.... මොනාද මේ කියවන්නෙ ??"
🦄-"ඇයි මන් මොකක් හරි වැරදි දෙයක් කිව්වද ජින් හියුන්ග් ? අර බලන්නකො අරුන් දෙන්නා ඉන්න විදිහ. දෙන්නට දෙන්නා මූණවත් බලන්නෙ නෑ. ඕම ගියොත් නම් අපිට මාමලා වෙන්න වෙන්නෙ හැට පැන්නට පස්ස්ව් තමා 😒"
🦊-"ඔව් හැබැයි. හෝබි කියන එකත් ඇත්ත. දැන් හෝබි මොනාද කියන්නෙ කියන්නකො"
මේ කට්ටියගෙ කතාව දෙන්නෙක් අහගෙන හිටියෙ නෑ. ඒ දෙන්නා හිටියෙ එයාලගෙ ලෝක වල...
එක්කෙනෙක් තමා යුන්ගි.. එයා හිටියෙ එයාගෙ සිහින ලෝකෙ. පුටුවට හේත්තු වෙලා කැප් එකකින් මූණත් වහගෙන එයා හිටියෙ.
අනිත් කෙනා ටේහ්‍යුන්ග්. එයාටනම් හිතන්න ගොඩක් දේවල් තිබ්බා. කොල්ලට මේ වෙලේ ඕන වුණේ කාවහරි බදාගෙන අඩන්න. එතකොටවත් කොල්ලගෙ හිතේ තියෙන දුක නැති වෙයි කියලයි හිතුවේ. ඒත් කොහෙන්ද එහෙම කෙනෙක් හොයන්නෙ ?
කල්පනා කර කර හිටපු කොල්ලා මේ ලෝකෙට ආවෙ හෝබිගෙ කටහඩින්.
🦄-"ඔයා මොකද කියන්නෙ ටේ ? ඔයා මේ වැඩේට කැමතියි නේද "
🐯-"අහ්...ආ ඔව් මන් කැමතියි."
🦄-"ඕයෙස්...එහෙනම් අපි දිනුම්. කට වහගෙන එනවා යන්න ජිමිනෝ. ඒ වැඩේ කරනවා දැන් අපි.😍"
🐥-"යා ටේ ඇයි තමුසෙ කැමතියි කිව්වෙ ?? දැන් බලන්න එපැයි අස්පයෙක් ගිය උඩ."
ජිමිනා පුම්බ පුම්බ ටේට බනිනවා. වෙලා තියෙන්නෙ මොකක්ද දන්නවද ? හෝබිගෙ ප්ලෑන් එකට ජිමිනුයි නම්ජූනුයි අකමැති වෙලා. ජින් නම් කැමතියි. 2:2 අනුපාතෙ හින්දා ටේගෙ කැමැත්ත අකමැත්ත තමා හෝබි කලින් ඇහුවෙ.
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Roman d'amourපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥