Part 17 🔱

466 110 15
                                    

දින සති මාස ගණන් ගෙවිලා ගියේ හරිම ඉක්මනට. යූරා කුකීගෙ ගෙදර ගියා.. ජීහූන් යූරත් එක්ක හරි හරියට එකතු උනා.

ජීහූන් යූරට කතා කරන්නෙත් ඔම්මා කියලා.. ඒ තරන් ජීහුන්ගෙ හිතට යූරව වැදිලා තිබ්බා.

ජීහුන්ගෙ අප්පා ජන්කුක් වෙද්දි ජීහුන්ගෙ ඔම්මා උනේ යූරා..

ජීහූන් හෙව්වෙ එයාට පොඩි කාලෙ ඉදලම මගෑරුණු ඔම්මගෙ උණුහුම. ඒ උණුහුම එයාට යූරා ගාවින් දැනෙන්න ඇති.

ජීහූන් යූරට ළං වෙද්දි ජන්කුක් ??

ජන්කුක් සතුටු උනා. ජීහූන්ට ඔම්මගෙ උණුහුම තව කාගෙන් හරි ලැබෙන එකට. ජන්කුක් කොච්චර උත්සහ කලත් එයාට බැරි උනා ජීහූන්ට ඕන කරන ඔම්මගෙ උණුහුම පැටියට දෙන්න. ඒත් ජන්කුක් පුළුවන් උපරිම ජීහූන්ට අප්පගෙ ආදරේ දුන්නා.

දරුවෙක්ට ඔම්මගෙයි අප්පගෙයි දෙන්නගෙම ආදරේ ඕනෙ... එතකොටයි ඒ දරුවා අංගසම්පූර්ණ වෙන්නෙ.

පුංචි ජීහූන්ටත් තමන්ගෙම ඔම්මගෙන් නොවුණත් ඕම්මගෙ ආදරේ ලැබුණා. අප්පගෙ ආදරෙත් කිසිම අඩුවක් නැති විදිහට ජීහූන්ට හම්බුණා.... දැනට...

ජන්කුක් මේ ගැන හිතලා සතුටු උනත් ඒ සතුටට හේතු උන කාරණාවම වේදනාවක් විදිහටත් එයාගෙ හිතේ කොණක තිබ්බා.

යූරාට බෑ හැමදාමත් ජීහූන්ට ඔම්මා කෙනෙක් වෙන්න. එයත් කවදහරි කසාද බදින්න ඕනෙ.. යූරටම කියලා දරුවෙක් ඉන්න කාලෙක යූරට ජීහූන්ගෙන් ඈත් වෙනවා. අන්න එදාට ජීහූන් අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ ජන්කුක්ට ප්‍රශ්නයක් උනා.

❤️-"අප්පා... අප්පා..."

මේ ගැන කල්පනා කර කර හිටපු ජන්කුක් මේ ලෝකෙට ආවෙ ජීහූන්ගෙ කටහඩින්.

🐰-"ඕ... කියන්න පැටියෝ.."

❤️-"අත ඔම්මා එල්ලෑද අප්පා...?"

ජන්කුක්ගෙ ඔඩොක්කුවට නැගලා පුංචි ජීහූන් කටත් උල් කරන් තමන්ගෙ අප්පගෙ පපුවට තුරුළු වෙලා ඇහුවෙ එහෙම.

🐰-"එයි පැටියො.. ඔම්මා හොස්පිටල් යන්න ඕනෙනෙ... ඔම්මට පේශන්ට්ස්ලා ඉන්නෝනෙ.. එයාලව බලලා එයි පැටියව බලන්න හරිද ?"

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now