ජන්කුක් මාවත් එක්කගෙන room එකකට ආවා.
"ඔයාට විශ්වාසයිද ඔයා හොදින් කියලා යූරා ?"
"ඕ..ඔව්.ටිකක් මෙතන රිදෙනවා."
"කෝ බලන්න.අහ්..බිම වැටිච්චපාර ඔලුව වැදෙන්න ඇති. ටිකක් නිල් වෙලා එතන.ඉන්න මං බාම් ටිකක් ගාන්නම් "
😳😳
එයා මාව ඇඳෙන් ඉන්දලා සාක්කුවේ තිබ්බ බාම් එකක් අරගෙන් ඒකෙන් ටිකක් ඇගිල්ලෙ තවරගෙන මං දිහාට නැමුණා. ටිකකින් මට මගේ නළලෙ වම්පැත්තෙන් සීතලක් දැනෙන්න ගත්තා.ඒ බාම් එක. එයා හරි පරිස්සමෙන් මගේ නළලෙ බාම් ගානවා.☺️ මං එයාගෙ මූණ දිහා බලාගෙන හොද අධ්‍යනයක් කරන ගමන් හිටියෙ.
ඒ ටිකක් ලොකු බෝල ඇස්. පිරුණු තොල්.කිරිගරුඬ පාට මූණ. අවුල්වෙලා තිබුණ ඒ කලු කොණ්ඩෙ. බෙල්ලෙ තිබ්බ උපන් ලපේ..ඒ වගේම තොල් ගාව තිබ්බ උපන් ලපේ.
ඒ තොල් ගාව තිබ්බ උපන් ලපේ දැක්ක මං ගල්ගැඃඋණෙ මටත් යමක් මතක වෙච්ච හින්දා. ඒ තමයි ඔය වගේම තොල ගාව උපන් ලපයක් මගෙත් තියෙනවා කියලා.😥
එයා බාම් ගාන එක නවත්තලා මගෙ මූණ දිහා බැලුවා. එක මොහොතකට අපේ ඇස් එකිනෙක ගැටුණා. මට දැනුණෙ නිකන් මං ඒ ඇස් ඇතුළෙ කිමිදි කිමිදි මොනවහරි දෙයක් හොයනවා වගේ.😳 අනේ මන්දා මොකක්ද මට මේ වෙන්නෙ කියලා.
?? - "අහ්ම්ම්..අහ්ම්ම්ම් 🤨"
අපි දෙන්නා දෙපැත්තට උනේ ඒ සද්දෙත් එක්ක. දොර ගාව හිටන් හිටියෙ වෙන කවුරුත් නෙමේ මගේ ඔප්පා... 😥
🐯-"අකමැත්තක් නැත්තම් මෙතන උනේ මොකක්ද කියලා මට පැහැදිලි කරනවද ? 🤨"
👩🐰-"අහ්..නෑ මේ අපි..."
🐯-"ඔව්.අපි මොකක්ද ??"
🐰-"නෑ හියුන්ග් මේ මං යුරාගෙ ඔලුව වැදිච්ච පාර නිල් වෙලා. ඒකට බාම් ටිකක් ගෑවා."
ඔප්පා මං දිහත් බැලුවෙ මේ මිනිහා කියන එක ඇත්තද අහන්න වගේ.මං ඔව් කියන්න ඔලුව වැනුවා.
🐯-"හ්ම්ම් එහෙනම් කමක් නෑ.යූරා කෝ එනවා මෙහෙට ඔය බෙහෙත් ටික දාන්න."
YOU ARE READING
🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥 [Completed ✔️]
Romanceපැමිණි ඒ වසන්තය සිහිල් සුලගක් විලසට....💖💕 ලස්සනයි ඒ සිහිනය මගේ නොවුවත් ඇත්තට....💖💕 සැනසුවේ ඔබ මේ සිත සකුරා මලක් විලසට....💖💕 අමතකද දැන් ඒ බව දැවෙන මිරිගුව විලසට....💖💕 මේ ඔහුගේත් ඇයගේත් කතාවයි.....⚡🔥