'තාත්තේ ...කෝ මට මගෙ තාත්තව හොයලා දෙන්නකෝ'
'ආරා මන් මෙත්නනෙ ඉන්නෙ අඩන්න එපා.කෝ එන්න .'ටේ ආරව ලගට අරගෙන තුරුලු කරගත්තා.
'උදේ වෙලාද? ආරා ටේගෙ බඩ උඩින් ඉදගත්තා .
'හ්ම්ම්ම් ඔව්නෙ '
'කුකී මාමලා ගියාද?' ආරා වට පිට බැලුවා.
'ඔව්නෙ එයාලට එයාලගෙ වැඩ තියෙනවනේ '
'හ්ම්ම්ම් හැමෝම බිසී නේද... අම්මත් බිසී මට පාලුයි.'ආරා එයාගෙ අත් දෙක බැදගෙන කාමරෙන් එලියට ගියා.
'ආරා එන්න කැම කන්න'
'මොනවද හැදුවෙ?ඔයාගෙ පුස් බ්රෙක්ෆස්ට් එකද?'ආරා හිනා වෙවී කිචන් එක වටේ දිව්වා. ටේත් එයාගෙ පස්සෙන්ම දුවනවා.
'අනේ ඉන්නකෝ'ටේ බැරිම තැන ඉදගත්තා.
'ඔයාට හැමදාම මාව අල්ලන්න දුවන්න වෙයි'ආරා තාමත් දුවනවා. ටේගෙ මූන ආයෙත් බෙරි උනා.ආරා ගිහින් මේසෙ පුටුවක හැප්පිලා බිම වැටුනා.ටේ එක පාරටම නැගිටිලා එතනට දුවලා ගියා.
'ආරා මොකදා මේ .. දුවන්න එපා කියද්දි දුවලා වැටුනා නේ. දැන් නැගිටිනවා . 'ටේ ටිකක් සැර වුනා .
'මට ඉතින් තනියම නැගිටින්න බෑනෙ අත දෙන්නකෝ'ආරා අඩ අඩ කියනවා .ටේ එයාව හයියෙන් ඇදල අරන් නැගිට්ටුවා.
'රිදෙන්නවා ..'
'රිදෙන්න ඕනි තමයි. 'ටේ අහක බලාගත්තා.
'ඔයා නපුරුයි ...මන් ඔයාට ආස නෑ යන්න මන් අම්මා ගාවට යනවා එතකොට ඔයාට තනියම තමයි ඉන්න වෙන්නෙ'
'ඔයා මාව දාල යනවද? හා කමක් නෑ මන් අලුත් දුවෙක් ගේන්නම්කෝ'ටේ එහෙම කියනකොට ආරා හයියෙන් හිනා උනා.
'ඇයි හිනාවෙන්නෙ?'
'තව දුවෙක් ගේන්න අම්මා කෙනෙක් ඕනිනෙ'
'නෑ කව්ද ඔයාට එහෙම කිව්වෙ'
'මේ බිනී තමයි මට කිව්වෙ ඒකට කියන්නේ සයන්ස් කියලා'
'ඔයාලට නසරි එකේ සයන්ස් කරනවද?'
'නෑ බිනීගෙ අක්කා තමයි එයාට කියලා තියෙන්නෙ'
'මේ බිනීනම් මෙයාගෙ ඔලුව කයි වගේ'ටේ හිමීට මිමිනුවා.
'ඔයා මොකක් හරි කිව්වද?'
'නෑ නෑ'
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. -kim shivi-

YOU ARE READING
💖winter wishes💖 ( completed ✔)
Spiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...