අන්තිම කැමැත්ත♠

98 33 5
                                    


ටේහ්‍යුන්ග් ඔයා මේක කියවනකොට මන් මේ ලෝකෙ නැති වෙයි.හරි පුදුමයි නේද...ඒත් මට කරන්න දෙයක් නෑ.මට කැන්සර් එකක් කියලා දැනගෙන දැනට මාස දෙකක් වෙනවා. මට බය අපේ දුව ගැන.මන් මේ ඩයරි එකේ මගේ ජීවිතේ හැම දෙයක්ම ලිව්වා. ඔයා අම්මව බේර ගන්න ගිහින් විනාඩි පහකට විතර පස්සෙ මට රේචල් ගෙන් කෝල් එකක් ආවා. ඇත්තටම මට එහෙම ලෙඩක් තිබිලා නෑ.ඒක මට එයාලා කරපු බොරුවක්.ඒත් මන් දිගටම වැරදි බෙහෙත් ගත්ත නිසා මගේ ඇග දුර්වලයි. මන් දන්නවා මට මැරෙන්න වෙනවා කියලා.අනේ කොහොම හරි මගේ රත්තරං දරු පැටියව බේරගන්න.

ඒත් මතක තියාගන්න කවදාවත් රේචල්ට වයිර කරන්න එපා.එයා ඇත්තටම ඔයාට ආදරේ කරා. ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් නේ..ඒකනේ මට ඔයාව දාලා යන්න බැරි. මන් හැම දාමත් ඔයාට ආදරෙයි...

අපි ගෙවපු සුන්දර මතකයන්..ඒ කතාබහවල් කවදාවත් මට අමතක වෙන්නෙ නෑ..ඒ වගේම මගේ සහෝදරියො 3දෙනා වත් ආදරෙන් බලාගන්න.මට එයාලව හැමදාම මතක් වෙයි.....මගේ දුවට අපි හිතපු විදිහටම ආරා කියලා නම තියන්න.ඔන්න අඩන්න බෑ..මන් හොල්මනක් වෙලා හරි බලාගෙන ඉන්නවා..ආරට කවදාවත් අම්මා නැති පාලුව දැන්නෙන්න තියන්න එපා..


මගේ ජීවිතේ මන් ලබානොගත්ත හැම සතුටක්ම..හැම ජයග්‍රහනයක්ම එයාට අරන් දෙන්න.පරිස්සමින් එයාව බලාගන්න. මන් යනවා...හැමෝටම දෙවි පිහිටයි...මන් ආදරෙයි මගෙ ටේ....i miss u yaa😔😔

ටේ එක හුස්මට කොලේ කියවගෙන ගියා. ටේගෙ උගුරෙ කෙල ලේ රහ වීගෙන ආවා. ඇඩෙනවා ටේට හොදටම.....කියාගන්න බැරි දුකක් ටේගෙ ඇස් වල...

'එයා ඔයාට මේක දුන්නද'

'නෑ එදා රෑ මහ නපුරු දේවල් සිද්ද උනේ....අර මැරයෝ එයාගෙ පස්සෙන් පන්න පන්න හිටියෙ.මන් එදා හිරෙන් නිදහස් වෙලා ආවා විතරයි.එයාට කරදරයක් කියලා දැක්ක නිසා මන් එයාගෙ පස්සෙන් ගියා..එයා පොතකින් ඔය කොලේ ගලවලා විසිකරා..'

'අනේ දෙයියනේ..මේ රේචල්..මගෙ ජෙනීව මරාගන්න තරම් ඊර්සියාවක් තන්හාවක්' ටේගෙ කදුලු බිමට කඩාගෙන වැටෙනවත් එක්කම ආරා ආවා.ආරා දොරගාවට වෙලා වෙන්නෙ මොනවද කියලා බලාගෙන හිටියා.

'එදා ජෙනීට ගොඩක් අමාරු උනා මන් එයාව හොස්පිටල් අරන් ගියා..ඒත් මන් යනකොට පරක්කු වැඩි'

'මගේ ජෙනී කොයිතරම් අහින්සකද....රේචල් අහුවෙයි කියලා කොලේ ඉරලා විසි කරලා..ඒ තරමටම එයා අහින්සකයි..ඒත් රේචල් මගෙ කෙල්ලව මරාගත්තා.'

ටේ කියන දේ ආරට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ,,

'අම්මාට මොකද උනේ තාත්තේ'

💖winter wishes💖  ( completed ✔)Where stories live. Discover now