කාලයත් එක්ක ආරා ලොකු වෙලා.දැන් අවුරුදු 18ක්.ටේට හරිම පුදුමයි. පොඩිවට හිටපු කෙල්ලනෙ මේ ලොකු බබෙක් වෙලා තියෙන්නෙ... අද ආරා යන්නෙ ටේව සප්‍රයිස් කරන්න.
'තාත්තා..මෙන්න'
'මොකක් ටිකට්'
'හ්ම්ම් ඔව් අපි බූශ් ගාලා හිමාලෙට යන්නයි යන්නෙ....'
'ඇත්තටමද'
'ඔව් අම්මගෙ ආසාවනෙ යමු නේද මට යන්නම ඕනි'
'යමු..මගෙ පිස්සු කෙල්ල'
time passed ✈
'හම්බෝ මේක නගින්න බෑ' ආරා හති ඇර ඇර කන්ද නගිනවා.ටේට හිනා.
'ඔහෝ ඔහොම බෑ ..බලන්න මාත් නගිනවා මේ වයසට'
'නගිනවා තමයි..ඔය බඩ ගානවනේ'
කොහොමහරි දෙන්න ගොඩක් උඩට නැගගත්තා. ආරා උඩට නැගලා අත් දෙක ඈත් කරලා හිටගත්තා.
'ජෙනී'ආරා හයියෙන් කෑ ගැහුවා. ඒ හඩ දෝංකාර දුන්නා. ටේගෙ ඇස් වල සතුටු කදුලු පිරිලා.
'අම්මා අපි දිහා බලාගෙන ඇති නේද තාත්තේ'
'අනිවාරෙන්ම'ටේ ආරව බදාගත්තා.
'තාත්තා අයි ලව් යූ'
'ලව් යු ටූ මැනික'
'හ්ම්ම් මොකද කියන්නෙ ඉවර වෙන්නැති දිග තේකක් තිබ්බොත්'
ටේ කට කොනින් හිනා වෙලා ආරගෙ ඔලුව අත ගෑවා. ඒ ජීවිත වලට අලුත් බලාපොරොත්තුවක් දැන් තියෙනවා.
පසු වදන
හැම හුස්මක ඇවිත් යන්න එන
ජීවිතේ වෙලා..
මං මගෙවත් නෙවෙයි කියා
නුබ මට මතක් කලා..
මං ගාවින් ගෙනත් තිබ්බ ඔය
හදවතට නොයා..
තව කොහොමද නපුරු වෙන්නෙ
දැන් මං
නුබේ වෙලා.....💖
_සමාප්ත්තයි-
-----------------------------------------------------------------------------------------------------------
thankyou thankuu thankuu මගෙ මේ කතාව කියවපු හැමෝටම🧡😁
thanks for ur votes and comments luv u all saranhee
මෙච්චර කල් මේක කියවපු එකට පිං ...අනේ කතාව හොදනම් කමෙන්ට් කරන්න..ආදලෙයි කුමාවෝ හැමෝටම
ඔබ රසවිදි 💖winter wishes මෙසේ අවසන් වෙන වගයි~
KAMU SEDANG MEMBACA
💖winter wishes💖 ( completed ✔)
Spiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...