💚උදෙන්ම ටේට ගොඩක් වැඩ තිබුනා. මොකද අද ආරගේ නර්සරි එකේ ෆන්ග්ශන් එකක් තියෙන නිසා.ආරා තාමත් ටේත් එක්ක තරහයි.මේක එහෙම උන පලවෙනි වතාව නෙවෙයි.ටේට කොන්සර්ට් වලට ආරාදනා ලැබෙනවට ආරා කැමති නෑ.එයාට ඕනි ටේ එක්ක කාලෙ ගතකරන්න .ටේ උදේ කෑම ලෑස්ති කරන්ගමන් ආරට කතාකරා.
'ආරා ඔයා ඇදගත්තද?'
'නෑ නෑ ඒකට මන් ආස නෑ'එහෙම කියාගෙන ආරා පල්ලෙහාට ආවා.
'මොකක් එහෙම කියලා බෑනෙ'ටේ ආරා ගාවට ගියා.
'ඔයා මොකහරි කිව්වද?'ආරා ටැබ් එකත් කනේ ගහගෙන ඇහුවා.
'ඔයා ලෑස්තිද?'
'ඇයි ඔයාට පේන්නෙ නැද්ද?'
'ඔයා කාත් එක්කද කතාකරන්නෙ?'
'මේ බිනී...'
'බිනී ..ඇයි ඒ' ආරා ටේගෙ මූන දිහා බලන් ඉන්නවා .ටේ ආරා දිහා බලන් ඉන්නවා.
'පොඩ්ඩක් ඉන්න බිනී..'
'අද රාවුන්ගේ බර්ත්ඩේ එක අපි හිතන් ඉන්නෙ අද හවස ඒකට යන්න..'
'රාවුන් ...අර මහත කොල්ල නේ....'
'ඔව් ඒත් එයා මහත නෑ'ආරා ආයෙම බිනී එක්ක කතාව.
'යන්න එපා ...'ටේ කිව්වා විතරයි ආරා එකපාරටම ටේ දිහාවට හැරුනා.
'ඇයි එපා කියන්නෙ..'
'මන් කැමති නෑ'
'ඔයාගෙ කැමැත්තෙන් මට වැඩක් නෑ'
'ආ එහෙනම් යන්නකෝ..ඒත් ඔයාට තනියම යන්න වෙන්නේ.'
'ඇයි'
'මන් එක්කන් යන් නැ'
'කමක් නෑ කොහොමත් මන් යන්නේ බිනීගෙ අම්මා එක්ක'
ටේ ඇස්දෙක ලොකු කරා.'බිනී මෙහෙමනන් අම්මා කොහොම ඇද්ද'ටේට හිතුනා.
'මාත් එනවා'ටේ කිව්වා.
'මොකක් එපා අනේ එතනට එන්නෙ ලමයි නේ..'
'ආ එතකොට බිනීගෙ අම්මා ලමයෙක්ද?'
'නැ නැ ඒකට වෙන හේතුවකුත් තියෙනවා .'
'ම්ම්ම් මොකක්ද..?'
'ඔයා එතනට ආවහම හැමෝම ඔයාව වට කරගෙන ඔයාට කරදර කරයි..'
'ඒ මොකද..'
'ඔයා කියුට් නිසා...'ආරා අත් දෙක බැදගත්තා.
'මන් එච්චර කියුට්ද..?'ටේ දනගහගෙන අහනවා.
'කියුට්නස් ඕවලෝඩ් ....'ආරා කිව්වා.
'කොහොමද අනේ ඔයා ඕව දන්නේ..'
'බිනීගෙන් තමයි'ටේට කලන්තෙ වගේ .බිනී ඉන්නකන් කවදාවත් ආරව හදාගන්න බැරි වෙයි.
'ඔයා දන්නවද බිනී ඔයාට කැමතී'
'ඔය ඇත්තද?'ටේ තව ටිකක් ලන් උනා.
'හ්ම්ම්ම් එයා දවසක් කිව්වා අම්මා ඔයාව බැන්දෙ නැත්නම් එයා ඔයාව බදිනවා කියලා...'
'මොකා.....'
'ඔව් එතකොට මන් එයාගෙ දුව වෙනවද?'
'නෑ නෑ..'ටේ හිනාවෙවී කිව්වා.
'හැබැයි ඒකටනම් මට එයාට දෙකක් අනින්න හිතුනා'
'ඒක නරක වැඩක් ...හරි පරක්කු වෙලා අපි යමු නේද?'
'හ්ම්ම්ම් යමු'
❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
දෙන්නම කාර් එකට නැගලා ඉදගත්තා. ආරා ටැබ් එකෙන් කාටදෝ මැසේජ් කරනවා.
'කාටද..?'ටේ ටැබ් එක දිහා බලලා ඇහුවා .
'රාවුන්ට විශ් කරනවා..'
'හ්ම්ම්ම් මන් එහෙනම් අද එනවා .'ටේ කාරෙක ස්ටාර්ට් කරා.
'අනේ එපා තාත්තේ..'
-kim shivi-

YOU ARE READING
💖winter wishes💖 ( completed ✔)
Spiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...