ටේ ආරවත් අරගෙන ගෙදර ආවේ හොදටම බය වෙලා,හදිස්සියේවත් මේ කෙල්ල පාරෙ කොහෙහරි ගිහින් කරදරයක් උනොතින් කියලා.
'අහන්න ආරා...මේ අද ඔයා කරපු දේ මන් අනුමත කරන්නෙ නෑ'
'අනේ එහෙම කියන්න එපා තාත්තේ..ටීචර් මාව පන්තියෙනුත් එලියට දැම්මා...බොරුවට...හ😥😥 ... ඔයා ආවෙත් නෑ'
'හරි පුතේ අඩන්න එපා දැන් ආයෙ එහෙම කරන්න එපා.දැන් වොශ් දාලා අපි කෑම කමු..කෝ එන්න.'
----------------------------------------------------------------------
එදා සෙනසුරාදා.ටේ ආරත් එක්කම ගෙදරට වෙලා හිටියා. ඒ අතර කුකීගෙන් කෝල් එකක් ආවා.
'හෙලෝ...කියපන් මචන්..මොකෝ'
'ඔන්න බන් මායි ලීසයි බදින්න යන්නෙ..'
'සිරාද? '
'ඔව් බන් ලබන සතියෙ බදාදා...උබ තමයි මගේ දෙවෙනි මනමාලයා'
'අනේ මට බෑ බන් මට ලැජ්ජයි.'
'අනේ ඔය ලැජ්ජාව පැත්තකින් තියලා වරෙන්' කුකී කෝල් එක කට් කරාට පස්සෙ ටේට මතක් උනේ එයාලගෙ වෙඩින්ග් එක.එදා හැමෝම සතුටින් හිටියා.අදත් එහෙමයි.ඒත් ජෙනී ඔයා විතරයි අඩු😔.
'තාත්තේ..'
'හනේ මගේ ප්‍රින්සස් බඩ්ඩක් තියෙනවා කියන්න.'
'මොකක්ද'
'කුකී මාමගෙ වෙඩින්ග් එක ගන්නයි යන්නෙ'
'ඔය ඇත්තමද?..ඒත් මන් නේ එයාව බදින්න හිටියේ'
'අනීව් ඒත් ඔයා තමයි ෆ්ලවර් ගර්ල්'
'අනේ ශෝක් මන් යනවා ලෑස්ති වෙන්න..ලස්සනට ඉන්න එපැයෑ'ආරා උඩට දුවගෙන යනවමත් එක්කම ගෙදර බෙල් එක වැදුනා.ටේ ගිහින් දොර ඇරියා.
'කියන්න..මොකක්ද වෙන්න ඕනි'
'ඔයා ටේහ්‍යුන්ග් නේද?'
'ඕ ව් ඔයා අර ..'
'ඔව් අර කඩේ මුදලාලි' ටේ එයාට ඇතුලට ඇවිත් වාඩි වෙන්න කිව්වා.
'ඉතින් මොනවද මගෙත් එක්ක කතාකරන්න තියෙන්නෙ '
'ඔයාගෙ වයිෆ්ගෙ අන්තිම කැමති පත්‍රය මන් ගාව තියෙන්නෙ'
'මොකක්ක්...ද'
'ඔයාගෙ වයිෆ් ජෙනී කිම් නේද?'
- TO BE COUNTINUED-
YOU ARE READING
💖winter wishes💖 ( completed ✔)
Spiritualඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...