Chapter 2

353 53 13
                                    

----------------------
At girl's house🏘️

"හෙට තමයි අපි university යන පලවෙනි දවස ඒ හින්දා අද හැමෝම කලින් නිදා ගන්න ඕනි..... කලින් නිදා ගන්නනම් මේ බඩු ටික ඉක්මනට අස් කරගන්න ඕනි.... ඉතින් බුමට්ටො වගේ ඉන්නෙ නැතුව මට උදවු කරනවලා"

ඔන්න ආයෙත් අපේ සේරි කෑගහන්න පටන් අරන්.
අපේ ලීනාටනම් මේ වෙලාවෙ දැවෙන ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි අල්ලපු ගෙදර ඉන්නෙ කවුද කියන එක.

"අර එහා ගෙදර ඉන්නෙ කවුද දන්නෑ නේද"

මන් හිතන්නෙ දැන් ඕක අපෙන් අහන දහවෙනි වතාව

"ඒ ගෙදර ලස්සන කොල්ලො ඉන්නවද දන්නෑ නේද"

ඔන්න ඉතින් අපේ මිසෝගෙ කුප්ප සිතුවිලි එලියට පැන්නා.. අපේ යූනත් ඒකට හවුල් වෙන්න විනාඩියක්වත් ගියේ නෑ..

" ඇත්ත තමයි කොහොමද ඒ ගෙදරින් ලස්සන කොල්ලෙක් ඇවිත් අපිට මේක අස් කරන්න උදවු කරොත්"

"එයි මේන් කියල බලන් ඉදපම් මේක kdrama එකක් නෙමෙයි"

හනා ⁣යූනාගෙ වචන වලින්ම යූනටම කෙලල ඇරියා 😂 මේ තුන්දෙනා හිටියේ බෑග් වල තියන බඩු ඒවා තියෙන්න ඕනි තැන්වල තියන ගමනුයි. අපේ ජියයි සේරියි කාමර අස් කරන්න ගිහින්. යේමිත් හිටියෙ සාලෙ අස් කරන ගමන්. ඉතින් අපේ ලීනා එහා ගෙදර පැත්තෙ ජනේලෙ සුද්ද කරන්න බාර ගත්තෙ ඒකෙ දූවිලි අංශුවක්වත් නෑ කියල දැක දැකමයි. මේ කෙල්ල මේ ජනේලෙම සුද්ද කරන්න ගත්තෙ වෙන මොකටවත් නෙමෙයි එහා ගෙදර ඉන්නෙ කවුද කියල දැන ගන්නයි. පේන්නෙ නැති පාර මෙයා පුටුවක් ජනේලෙ ලගට ගෙ⁣නිහින් ඒක උඩ නැගගගෙන සුද්ද කරන්න පටන් ගත්තා. ඒක දැක්ක ගමන් අපේ යේමී කෑගැහුවේ ලීනාට භූමි මාතාව එක්ක තියන සම්බන්දෙ ගැන එයා හොඳටම දන්න හින්දා.

"අනේ ලීනෝ...... වදින්නම් ඔතනින් බැහැපන්.... ඔතනින් වැටුනොත් නම් අන්ඩක් කඩා ගන්න පුලුවන් වෙයි ඒ හින්ද බැහැපම්කෝ....."

යේමිට ඒක කියල කට ගන්න බැරි උනා ලීනා පුටුවෙන් බහින්න යද්දිම පුටුවත් පෙරලගෙනම බිම. ඒ සද්දෙටනම් කාමරේ හිටපු ජියයි සේරියි දෙන්න දුවගෙන ආවා.

"අම්මෝ..... මගේ පශ්චාත්බාගේ.... එහෙම එකක් නෑ වගේ දැනෙන්නෙ🥲"

🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Where stories live. Discover now