At girls house🏠
කෙල්ලො ටික ටිකක් ඉක්මනට ගෙදර ආවා මොකද කියනවනම් ලිනාට මොකද උනේ කියලා අහගන්න ඒ තරම් උවමනායි කට්ටියටම.
"අම්මෝ... මටනම් හොඳටම මහන්සියි අනේ පයින් ම ඇවිල්ලා. " යූනා කිව්වත් එක්කම
"ඔව් අනේ මටත් මහන්සි"කියාගෙන හනායි යූනයි දෙන්නම පැන්නා ලඟ තිබිච්ච සෝපාවට.
"පයින් ම ඇවිල්ලා මහන්සිත් ඇති තමයි කට්ටියටම ඒ වුනාට කමක් නෑ දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න " සේරී කිව්වා.
"ඇත්තටම ලීනො ඔයාට මොකද උනේ " ජියයි යේමියි පැනපු ගමන් ඇහුවා.
"මන් කිව්වා නේ ද දැන් ඔයාලට වොෂ් එකක් දාගෙන එන්න කියලා. ඊට පස්සේ අපිට අහගන්න පුලුවන් ලීනාගෙන් මොකක්ද උනේ කියලා " අර ජෝඩුව දිහා බලාගෙන සේරී කිව්වා.
"ආ..හරි හරි අපි යන්නම්" කියාගෙන කට්ටියම ඉදන් හිටපු තැන් වලින් නැගිට්ටා.
මොනව උනත් මොකද උනේ කියලා දැනගන්නකන් නසරානියෝ දෙන්නටනම් ඉවසිල්ලක් නෑ. දැන්නම් කට්ටියම වොෂ් දාගෙන සාලෙට වෙලා ඉදන් හිටියේ ලීනා ඇවිත් එයාට මොකද උනේ කියලා කියනකම්.
"මේ... ලීනාගෙන් මේ උනදේ ගැන අවුස්ස අවුස්ස අහනවා ඒම නෙමෙයි හොදේ. විශේෂයෙන් ඔය දෙන්නා" සේරී ජියායි යේමියි දිහා බලාගෙන කිව්වා.
"අපි ඒම කරනවද ..නේද යේමියෝ "ජියා කිව්වා .
"අම්මෝ ඔව් මන් දන්නවනෙ ඉතින් ඒ ගැන. අන්න ලීනා එනවා මතකයි නෙ මන් කිව්ව දේ" සේරී ආයෙත් කිව්වා.
එයා එනකම් සාලෙට වෙලා කට්ටියම බලාගෙන ඉන්නවා දැකපු ලීනාට ලැජ්ජත් හිතුනා. "මොන දේ උනත් මගේ කට්ටියට කියන්නෙ නැතුව වෙන කාට කියන්නද. ඔන්න ඔහෙ කියල දානවා." එහෙම හිත හිතම ලීනා සාලෙට ආවා
"ඉතින් ලීනො ඔයාට මොකද උනේ කියලා දැන් අපි ට කියන්න පුළුවන් නේද" සේරී ආදරෙන් ඇහුවේ ලීනා ඒක කියන්න කැමති නැද්ද දන්නෙත් නැති නිසා.
"ඔව් මන් කියන්නම් මෙහෙමයි උනේ "කියලා ලීනා කතාව කතාව පටන් ගත්තා
YOU ARE READING
🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸
Horrorනොවෙනස් වන මිතුදමක පහස විදිමින් කාටත් නොදැනි ආදරේකට පෙරලෙන යාලුකම් කොල්ලො කෙල්ලො හතක්.............♥️ ජීවිතේ සුන්දර කාලේ මතකයන් රැස් කරගන්න යන ගමනක්.........♥️ නොහිතු ලෙස ඔවුන්ගේ සතුට හොරාගන්නා නන්නාදුනන බලවේගයක්............. 😶 මේ ආදරේ මිතුදම් ඉදි...