Chapter 6

203 39 6
                                    

At girls' house🏠

අද නම් අපේ කෙල්ලො ටිකට වැදගත් දවසක් විශේෂයෙන් අපේ යූනට මොකද කියනවනම් ඉතින් අද එයාගේ birthday එකනේ.අද uni එකෙත් නිවාඩු හින්දා කට්ටියට ඒකත් වාසියක් උනා. දවස කොච්චර විශේෂද කියනවනම් කෙල්ලො ටික තාම නිදි .සේරී ඇහැරෙන්නම ඕනේ ඉතින් කට්ටියම නැගිටින්න. ආ.. ඔන්න අපේ සේරීනම් නැගිට්ටා.

"අම්මෝ වෙලාව.. අදනම් ටිකක් වැඩිපුර නිදාගෙන වගේ . කට්ටියත් එක්ක කතා කරගන්නත් ඕනෙ යූනව surprise කරන්නෙ කොහොමද කියලා . ඔක්කොටම කලින් මුන් ටිකව ඇහැරවලා ඉන්න ඕනේ. "

සේරී මුලින්ම එයා ළඟ කකුලත් උඩදාගෙන නිදාගෙන හිටපු මිසෝව ඇහැරෙව්වා.

"මේ මිසෝ නැගිටින්නකො. ෂ්... කෑගහගන්න එපා. ඔයා යූනව ඇහැරවන්නෙ නැතුව හනාව ඇහැරවන්න. මන් පොඩි තුනව ඇහැරවන්නම්."

" ආ..හරි මන් මන් හනාව ඇහැරවන්නම් " මිසෝ ඇදෙන් හීමිට බිමට බැස්සා.

"ඒ බම් හනෝ... ඇහැරියම්කො .මොකක්ද බම් කන් ඇහෙන්නේ නැද්ද " මිසෝ වැඩිය සද්දෙන් කතා නොකර තට්ටුවක් දාලා හනාව ඇහැරව ගත්තා.

"මොකද බම් ඔහොම හීමීට කතාකරන්නෙ එතකොට ඇහෙන එකක්ද" හනා මිසෝට කිව්වා.

"යූනාව ඇහැරවන්න එපා බම් බැහැපම්කො ඕකෙන් මන් කියන්නම් " මිසෝ හනාවත් එක්කරගෙන මේසෙ ගාවට ගියා.

"මේ ළමයිනේ නැගිටින්නකො . අපිට පොඩි වැඩක් කරන්න තියෙනෝ. අනේ කෑගහගන්නෙ නැතුව නැගිටින්නකො...."

"ඕ.. මොකද සේරී ඇයි ඔහොම හිමීට කතා කරන්නෙ" ලීනා නැගිටගත්තා.

"අනේ ඔයා නැගිට්ට එක හොඳයි .අනිත් දෙන්නවත් ඇහැරවන් එක්කන් එක්කනකො" සේරී ලීනාට කියලා එයත් ගියා මේසෙ ගාවට.

"මේ... නැගිටිනවලකො අපිට පොඩි වැඩක් තියේ අද කරන්න. කෝ ... සේරී බලාගෙන ඉන්නවා අපි එනකම්. " ලීනාත් හෙමීට කතා කලා.

"අම්මෝ.. අදත් නාන්න වෙයි. කෝ නැගිටිහම්කො ජියො" යේමිත් නැගිටලා ඡියාවත් ඇහැරෙව්වා.

"ආ.. හරියෝ මන් නැගිට්ටෝ. යමු එහෙනම් කට්ටියම " වැඩි සද්දයක් නැතුව පොඩි තුනත් ඇදෙන් බැහැලා ගියා අනිත් අය ඉන්න තැනට. යූනානම් කටත් ඇරන් හොදට නිදි තාමත්.

🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Where stories live. Discover now