At girls house🏠
ඔන්න ඉතින් අපේ නසරානී කෙල්ලො ටික university යන පළවෙනි දවස අද තමයි. සේරී නම් උදෙන්ම නැගිට්ටා. සේරි නැගිටිනකොට එයා ලග හිටපු මිසෝ සේරිගෙ කකුල් දෙක උඩින් එයාගෙ කකුලක් දාගෙනම හොදට නිදි.
(A/N - මේ තමයි කෙල්ලො ටිකගෙ ඇඳ)
"ඒයි මිසෝ..... ඔහේගෙ ඔය කකුල මගේ ඇග උඩින් අහකට ගන්නවද නැත්තන් ඔහේ ගිහින් උයනවද ආ..........."
"මොකද සේරියෝ මේ උදේ පාන්දර කෑගහන්නේ......... 🥱"
"යකෝ අද දවස මතක නැද්ද මට උයන්න තියනවා ඔය කකුල අහකට ගන්නවා....."
"සොරි ඉතිං වරදක් කලත් හිතකින් නෙමෙයිනේ 😬"
ඉතිං සේරි නැගිටලා කුස්සියට ගියේ කෑම හදන්න. අය නින්ද යන්නෙත් නැති නිසා මිසෝත් ගියා සේරිට උදව්වක් දෙන්න. කොහොමහරි දෙන්නම එකතු වෙලා ඉක්මනට කෑම ටික හදාගත්තා.
" අම්මෝ ඒවැඩේනම් හරි මිසෝ දැන් ඉතින් තියෙන්නේ අපේ උන් ටිකව ඇහැරවන්න."
"ඒ කුම්බකරනයෝ ඇහැරවන වැඩේ නම් ඔයාට බාරයි හොදේ. මන් කතා කරාට ඕකුන් කනකට ගන්නෑ. ඔයා ඔය කුම්බරනයෝ ඇහරවගෙන එන්නකෝ. උන් නැගිටින්න කලින් washroom එකට යන්න ඕනි නැත්තම් අද යන්න වෙන්නෑ."
එහෙම කියලා මිසෝ washroom එකට රිංග ගත්තා.
"ආ හරි මිසෝ ඔයා යන්න මන් යන්නම් එයාලා ගාවට"
එහෙම කියාගෙන සේරී කාමරේට ගියා නිදිකුම්බරයො ටික හොදට නිදි.
"ඒ...... නිදිකුම්බරයො ටික දැන්වත් නැගිටින්න ආසාවක් නැද්ද ඔයාලට... අද දවස මොකක්ද කියලා දන්නව නේද."
YOU ARE READING
🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸
Horrorනොවෙනස් වන මිතුදමක පහස විදිමින් කාටත් නොදැනි ආදරේකට පෙරලෙන යාලුකම් කොල්ලො කෙල්ලො හතක්.............♥️ ජීවිතේ සුන්දර කාලේ මතකයන් රැස් කරගන්න යන ගමනක්.........♥️ නොහිතු ලෙස ඔවුන්ගේ සතුට හොරාගන්නා නන්නාදුනන බලවේගයක්............. 😶 මේ ආදරේ මිතුදම් ඉදි...