Chapter 7

216 43 25
                                    

"ඔයාලා............"

කෙල්ලො ටික හොදටම පුදුම වෙලා. දොර ලග හිටන් හිටියේ කොල්ලො හත්දෙනා.

"එන්න ඇතුලට" අන්තිමට සේරි කිව්වා.

එහෙම කියාගෙන කෙල්ලො ටික කුස්සිය පැත්තට ගියේ තව වැඩ තිබුනු නිසා. ඉතිං කොල්ලො ටික ඇතුලට ආවා.

"කවුද දන්නෑ මෙයාලට එන්න කිව්වේ." (සේරි)

"ඒක තමයි.... මං හිතන්නේ ලීනා වෙන්න ඇති." (හනා)

"කවුරු උනත් කමක්නෑ එයාලා ආපු එකත් හොදයි. අපිට එයාලාව අදුර ගන්නත් පුලුවන්නේ. අනික් එක එයාලා අද අපේ ලීනට උදවුත් කරානෙ අනික් එක.එයාලා ඉන්නේ අපේ එහා ගෙදර." (සේරි)

"අපි මේ වැඩ ටික කරාට කමක් නැද්ද?" එයාලාගෙ කතාව මැද්දෙන් ජින් කුස්සියට ඔලුව දාලා ඇහුවේ හනායි මිසෝයි පුම්බන්න තියලා තිබුනු බැලුම් ටික දිහා බලලා. එයාලා එතෙන්ට වෙලා නිකන් ඉන්න හරි නෑ වගේ ජින්ට හිතුනා.

"පුලුවන්නම් ලොකු උදව්වක්" සේරි කිව්වා

"ඔයාලා music දාන්⁣නෙ නැද්ද" ටිකකින් නම්ජූන් ඇහුවා

"දාන්නනම් ඕනි ඒත් දාන්න ක්‍රමයක් නෑනේ" (මිසෝ)

"මං මගේ sound set එක ගේන්නද" (හොබී)

"පුලවන්නම් ලොකුම ලොකු දෙයක්" (සේරි)

ඒ ගමන්ම හොබියා ආපහු ගෙදර දිව්වේ එයා dance කරන වෙලාවට music දා ගන්න sound set එක ගේන්න. පස්සෙ කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි එකතු වෙලා එයාලගෙ වැඩ. අපේ නම්ජුනා නම් බැලුන් පහ හයකටම වැඩේ දුන්නා. ඒ මදිවට තව ටිකෙන් සේරිගෙ මල් වාස් එකක් බිදල හොද සෝස් පෑන් පාරකුත් කන්න වෙනවා 😂.⁣ වෙලාවට ඒක වැටෙන්න නොදී අල්ල ගන්න යුන්ගියාට පුලුවන් උනේ. නැත්තම් විනාසයි. කොහොම හරි අන්තිම⁣ට සේරම ලෑස්ති කරලා ඉවර උනා.

 කොහොම හරි අන්තිම⁣ට සේරම ලෑස්ති කරලා ඉවර උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Where stories live. Discover now