🖤chapter 4🖤

1K 206 70
                                    


අද මට මුලින්ම ඔයාලගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා.......ඒ සමාව..........

🔺Older sister /girl (female to female)- ඔන්නි (언니)

🔺Older sister /girl (male to female)-
නූනා (누나)

ඉතින් ලමයි මම මේ දෙක මාරු කරගෙන.මම ලොකු වැරැද්දක් කරලා තියෙන්නෙ.ඒකට සමාවෙන්න හොදේ....
අනිත් කතාවෙත් මම දාලා තියෙන්නෙ ඔන්නි කියලා.ඒක මම ආයෙ වෙනස් කරන්න යන්නෙ නෑ...ඒත් මේකෙ ඒ වැරැද්ද මම හැදුවා.....උන හැම වැරැද්දකටම සමාවෙන්න🙏 මේ වැරැද්ද පෙන්නලා දුන්න Jeondinu ට ස්තූති කරනවා....මේ විදිහටම මගෙ පිටිපස්සෙන් ඉදගෙන හැමදාම මට උදව් කරනවට පිං ඔයාට🥰

හරි කතාවට යමු නේ........
















Next day morning 🌞🕣🌞

කලින් දවසෙ උන සිද්ධියත් එක්ක ටේට හරියට නින්ද ගියෙ නෑ.....ඒ වගේම උදේම නැගිට්ටත් එක්ක...ටේ උදේ වෙන්නෙ කොයිවෙලේද කියලා බලාගෙන හිටියෙ...ඉතින් එලි උන ගමන් නැගිට්ටා.....ටේ අද කොලේජ් එකට උදේම යන්න තීරණය කලා.......
ඉතින් ටේ කලින්ම ලෑස්ති වෙලා නූනාටත් කියලා තනියම යන්න පිටත් උනා.....ඉතින් ටේ තනියම යනවනම් යන්නෙ බස් එකේනෙ....ටේ පුලුවන් තරම් ඉක්මනට බස් හෝල්ට් එකට ගියා....මොකද ඒක තියෙන්නෙ භූත බංගලාවට ටිකක් එහා.....ඒ නිසා ටේ භූත බංගලාව ලගින් පුලුවන් තරම් වේගෙන් දුවලා ගියා........කොහොම හරි බස් හෝල්ට් එකට ආවා...........

මම කලින් ආවා වැඩිද මන්දා.....කමක් නෑ.....

ටේ එහෙම හිත හිත ඉන්නකොට දැකලා පුරුදු කෙනෙක් ඈතින් එනවා එයාට පෙනුනා....

අර එන්නෙ මගෙ ඇගේ හැප්පුන කොල්ලා නේද.....හරි අමුතුයි අප්පා එයානම්....අනේ මන්දා.....අද කතාවට අහු කරගන්න ඕනේ....

ටේ එහෙම හිතලා ඒ කොල්ලා බස් හෝල්ට් එකට එනකල් හිටියා.....ඒ කොල්ලා එතනට ඇවිත් හිටියෙ හරියට යන්නංවාලෙ කොලේජ් යනවා වගේ.....
හරිම මහන්සි පාටක් ඒ මූනෙ රැදිලා තිබ්බෙ.....ලොකුම ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් කියලා බලන ඕනෙ කෙනෙක්ට පේනවා.....ඉතින් ඒ මුන දිහා හොදට බලාගෙන හිටපු ටේට ඒ දේ නොතේරුනාම නෙමෙයි................
ඉතින් බස් එකක් එන්න ගොඩක් වෙලා තව තියෙන නිසා ටේ ඒ කොල්ලට කතා කරනවා කියලා හිතාගත්තා.....මොකද ටේට ඒ වෙනකොටත් ඒ කොල්ලා ගැන අනුකම්පාවක් දැනිලා ඉවරයි.............

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now