🖤Chapter 23🖤

606 141 41
                                    

එහෙම කියලා ජින් ටේවත් වාරුකරන් එතන තිබ්බ පුටුවක වාඩි කෙරෙව්වා.........
.

.

.

🐯 අනේ හියුන්ග් මට යන්න දෙන්නකො......ඇයි මට ඔයාලා මේ දේවල් හැංගුවෙ.....ඇයි ඇයි එහෙම කලේ...🤧 අනේ මට යන්ඩ දෙන්න....එලියෙ මොනවා වෙනවද දන්නෑ.......ම....මගෙ කුකී මං නිසා මේ වැඩ වලින් දුක් විදිනවා......😭 අනේ හියුන්ග්......මං තොත්ත බබෙක් නෙමෙයි.........මට යන්ඩ දෙන්න එලියට.........

ටේ ජින් එක්ක පොර බදින්න ගත්තෙ ජින්ට ටේට මේ දේවල් ගැන සේරම කියන්න උනයින් පස්සෙ.........ජින්ට ටේව වලක්වන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ......ටේ කොහොම හරි ජින්ගෙන් බේරිලා එලියට දිව්වා......ජින්ට පුලුවන් උනේ ටේ පස්සෙන් දුවන්න විතරයි......

🐺 ටේ ඔහොම ඉන්න යන්න එපා......ප්ලීස් ටේ..........

ජින් කතා කලාට කිසිම වැඩක් නෑ....ටේ ඒ වෙනකොටත් තරප්පු පෙල දිගේ පහලට යන ගමන් හිටියෙ...........

.

.

.

" කුකී...........අ...අනේ.........."

🦄 ටේ.......ඔහොම ඉන්න......ඔයා යන්න එපා....ටේ එපා.......

ටේ පහලට දුවන් ඇවිත් කෙලින්ම දිව්වෙ එලියට....එලියට දුවපු ටේට දකින්න හම්බුනේ සොහොන ලග බිම දනගහන් අමාරුවෙන් ඉන්න කුකීව වගේම යාතිකා කරන පියතුමාත් අනිත් අයයි.........

" අහ්.....අනේ කුකී.........ඇයි ඔයාලා මෙයාට මෙහෙම කරන්නෙ........කෝ....කෝ....කුකී නැගිටින්න........"

ටේ කුකී අමාරුවෙන් ඉන්නවා දැකලා එතනට දුවගෙන යන ගමන් කෑ ගහන්න ගත්තා....ඒත් ටේට යන්න නොදී අල්ල ගත්ත හොබීයි නම්ජූනුයි ටේට පැහැදිලි කලත් කිසි වැඩක් නෑ......ටේ කුකී ගාවට යන්නමයි දැගලුවෙ.......

පියතුමා එක පාරටම ශුද්ධ වූ ජලය කුකීගෙ ඇගට ඉහිනවත් එක්කම කුකී වගේම ටේත් වියරු වැටිලා කෑ ගහන්න ගත්තා........කට්ටියම පුදුම උනේ ටේට එක පාරටම මොකද උනේ කියලා.....පියතුමා තමන්ගෙ වැඩේ කරගෙන ගියා......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now