" එන්න..."
මම කණ්ණාඩිය දිහා බලාගෙනම දොරට තට්ටු කරපු කෙනාට එන්න කිව්වා....
" බදින්නත් ලැස්තිවෙලා නේ?"
Jungkook ඒ ඒ එයාමද? මම ඉක්මනට පිටුපස්ස බැලුවා...
" ජ්..ජ..ජන්කුක්... "
ජන්කුක්ව දැක්කාම මගේ ඇස් වල කදුලු පිරෙනවා මට දැනුනාත් මම කදුලු එලියට දැම්මේ නෑ..." මට නිකමටවත් කිව්වේ නෑ.. Canada යනවා කියලාවත් බදිනවා කියලවාත්? ඇයි? මම ඔයාගේ කවුරුත් නෙමේද?"
" බියන්හේ.. "ජන්කුක් ටික ටික මගේ ලගට එද්දි මම පස්සට ගියේ ජන්කුක්ට තරහා ගිහින් ඇති කියලා මට හොදටම තේරුන නිසා.. ඒත් අන්තිමේටම මාව බිත්තියකින් කොටුවුනා...
" මට දැනවත් ඇත්ත කියන්න.. ඔයා මේ wedding එක කරන්නේ කැමැත්තෙන්ද නැද්ද?"
මම මොනාත් නොකියා බිම බලාගත්තේ මට ජන්කුක්ට කියන්න දෙයක් නැති නිසා...
" කතා කරන්න එවී.. මම හොදටම ඉවසීමෙන් අහන්නේ.."
"......"" කතා කරන්න..."
ජන්කුක් මගේ මුනෙන් අල්ලලා උඩට හැරෙව්වා.. එයාගේ ඇස් දෙක තියෙන්නේ මගේ ඇස් දෙක කෙලින්..." ඔයාගෙන් මට දෙයක් අහන්න ඕනේ.."
" මොනාද?"
" ඇයි ඔයා ඔච්චර තරහා අරන් ඉන්නේ? මමනේ බදින්න යන්නේ? ඇයි ඔයා ඔච්චර සීරියස් වෙලා? අනික .."ජන්කුක් කණ්නාඩී මෙසේ උඩ තිබුන ඔක්කොම පොලවේ ගැහුවා... මට කෑ ගැස්සිලා මම ජන්කුක්ගේන් එහාට වුනේ එයාගේ යකා හොදටම පැනලා තිබුන නිසා... එක සැරේටම ජන්කුක් මගේ අතකින් අල්ලලා මාව බිත්තියට තද කරා...
" ඔයාට මෙච්චර තේරෙන්නේ නැද්ද මම ඇයි ඔයා ගැන මෙච්චර හොයන්නේ කියලා?"
" ඔ.ඔයා මට කැමති වෙන්න බෑ? මට වඩා ලස්සන කෙල්ලෝ ඔයාගේ පස්සෙන් එනවා.. වෙන හේතුවක් තියෙන්න ඕනේ..."ජන්කුක් එයාගේ බෙල්ලේ තිබුන tie එක බුරුල් කරගත්තා..
" යමු.. ඔක්කෝම කියන්නම්.. ඒත් ඔයා අර යකාව බදින්න ඕනේ නෑ.."
ජන්කුක් මගේ අතින් අල්ලන් makeup artist ලාට එන්න යන්න තියෙන දොර ලගට ඇදන් ගියා...
YOU ARE READING
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
FanfictionNothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fan...