Cʜᴀᴘᴛᴇʀ 6

858 120 0
                                    

අපි කෑම කාලා කෙලින් ම යන්න හැදුවේ beach එකට.

ටේ ඔප්පාගෙයි ඔන්නිගෙයි car එකට ජන්කුකුයි හොප් ඔප්පායි නැග්ගා..

" යා.. ඔන්නි... මේ මොකද? අපි දෙන්නා තනියම?"
" අහ්.. ඉන්න එවී මම එන්නම්.."

ජන්කුක් බහින්න හදද්දි හොප් ඔප්පා ජන්කුක්ගේ අතින් අල්ලගත්තා..

" ඔයාලාගේ එකේ බඩු තියෙන්නේ ඒකයි.. එහෙනම් එතනින් හම්බෙමු.. අපි යන්නෝ.."
හොප් ඔප්පා කියද්දි ටේ ඔප්පා වහනේ start කරලා ගියා..

" එයාලාට මොනාද වෙලා තියෙන්නේ?"
" අනේ මන්දා?"
" යමු ඔප්පා නැත්තම් අපිට කට්ටිය මග ඇරෙයි..."

මම ගිහින් driveing sheet එක එහා පැත්තේ ඉදගත්තා..

" මොනාද ඔයා ගාන perfume එක ඔප්පා? මාර සුවදයි"
" අහ්.. නම මතක නෑ.. බලන්න පිටුපස්සෙන් අරන් මගේ bag එකේ ඇති.."
" පස්සේ නම කියන්නකෝ.. ඒක සුවදයි.මමත් එකක් ගන්න ඔනී.."
" එහෙනම් මාව ගෙදර ගෙනිහින් තියාගන්න.. 😅"
" 😅😅 අම්මෝ මට army ලාගෙන් මැරුම් කන්න තමා.."
" army ලාද හේතුව?"
" ඔව් නේ ඔප්පා බලන්නකෝ නේ.. "

මම හිනාවෙන ගමන් කියද්දි එයා මගේ දිහා බලන් ඉන්නවා කියලා මට තේරුනා..

" ඉස්සරහා බලන්න එලවන්න ඔප්පා.. මට දැන්ම මැරෙන්න බෑ.."
" හා.. හරි පොඩි මිස්.."

Beach එක ලගට යනකම් ඉතින් විහිලු කතා කිය කිය ඔප්පායි මමයි ගියා... Beach එකේ මිනිස්සු වැඩිය නැති පැත්තක ඔන්නිලා හිටියේ අපිත් ඒ පැත්තට ගියා...

" කොහොමද ඔයාලා හොදට ආවානේ? "
" ඔව් ඔප්පා... Ice cream නොකන අය ඉන්නවාද මෙතන?"
" එහෙම අය නෑ.."
" එහෙනම් මම ගානේ ice cream.. කෝ ඔක්කොමලා කැමති ෆ්ලේව එක කියන්න.."
" අපි ඔයාලා එන්න කලින් හැදුවා ෆ්ලේවස් ගාන.. මින්ට් චොකො දෙකයි මැන්ගෝ එකයි චොකලට් එකයි ස්ටොබෙරි එකයි.. "

හොප් ඔප්පා හිනාවෙන ගමන් කිව්වා...

" වාව් ඔයාලා අපේ ඒවාත් add කරලා. කවුද mint choco කන්නේ?"
" මම.."
ජන්කුක් කිව්වා...

" අහ්.. මම එහෙනම් ගිහින් ගෙන්නම්.. කවුරුහරි එනවාද? මට හයක් ගෙන්න බෑනේ.."
" මම එන්නම්.."
ජන්කුක් කිව්වා..

✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅Where stories live. Discover now