Chapter 1

1.5K 95 23
                                    

Two Haters

Chapter 1

අඳුරු මූසල රාත්‍රියක්....
හතර අතින් උල ලේනුන්ගේ කන් බිහිරි කරවන නාදයත් ඒහා සමඟම ඇසෙන බකමූණන්ගේ මුසල 'හ්ම්' හඬත් ඕනෑම නිර්භීත අයෙකුගේ ඇඟේ හිරිගඩු මතු කරවන්නට සමත් වෙයි....
මේ වූහාන්හි ඈත ග්‍රාමීය ප්‍රදේශයේක පිහිටි විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින උණ වනාන්තරයකි...

පෙනෙන මානයක මිනිස් පුලුටක් දකින්නට නොමැතිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙනෙන මානයක මිනිස් පුලුටක් දකින්නට නොමැතිය.... කෑලි කැපිය හැකි ඝණ අන්ධකාරය මේ අමාවක රාත්‍රියේ භයංකර බව තව තවත් වැඩි කරවන්නට සමත්විය...

මේ ඝණ අඳුර මැදින් එක් වරම කහ පැහැති දෙනෙතක් දිලිසෙන්නට විය....
වනාන්තරය මැදින් ගලා හැලෙන කුඩා දිය පහර අසල දිය බොන මුව රංචුව විටෙන් විට හිස ඔසවමින් වට පිට විමසුම කරමින් උන්නේ මේ අනතුරු වැඩිම ප්‍රදේශයක් බව දන්නා නිසාමයි... එහෙත්... කහ පැහැති දෙනෙතේ හිමිකරු ඉතාමත් බුද්ධිමත් ලෙසින් මුව රැල වෙත ලඟා වූයේ කිසිදු ශබ්දයක් නොනැගෙන ලෙසිනි.... එලෙස ලංවූ ඔහු එක් වරම මුව රැල මැදට කඩා පැන්නේ අහිංසකයන් හිස් ලූ ලූ අත දිව යද්දීයි.... නමුත්... කුඩා මුව පැටවෙකු හා පැටවාගේ මව කොටු විය....
ලැබුනු ගොදුර පිලිබඳව කහ පැහැති දෙනෙතේ හිමිකරු වූ කොටියා සතුටු වූ බව පෙනිනි....
එක් වරම ගොදුර වෙත කඩා පැන්නද ඔහුව විසිවී ගොස් ඈතින් තිබූ පඳුරු රැසක් මත ඌ වැටුනේ නොසිතූ විරූ ලෙසනි...

මහත් වූ තරහකින් ගොරවගෙන නැගිට සිටියත් කොටියා එක් වරම පූස් පැටවෙකුගේ වෙස් ගත්තේ ඌ ඉදිරියේ සිටගෙන සිටින උස හීන්දෑරි බෙහෙවින්ම කඩවසම් නමුත් මේ මොහොතේ සැහැසි පෙනුමකින් යුත් තරුණයාගේ රත් පැහැ දෙනෙත් අභිමුවෙහිය....
ඔහු තනි කලු පැහැයෙන් යුත් ඇදුම් කට්ටලයකින් සැරසී සිටියේය... කලු පැහැතිම හූඩි ටී ශර්ටයකින් ඔහුගේ උඩුකය සහ ඔලුවද ආවරණය වී තිබිනි... කලු පැහැතිම මාස්ක් එකකින් මුවද ආවරණය වී තිබිනි...
ඔහුගේ මුවේ නිරාවරණය වී තිබුනේ ඒ රත් පැහැ දෙනෙත පමණක් උවද ඔහුගේ කඩවසම් බව ඒ දෙනෙතින් මොනවට පැහැදිලි විය....
ඔහුගේ පිට මතින් එල්ලී වැටී තිබූ කාල වර්ණ කොපුවකින් ආවරණය වූ කඩුවකි. කොපුව රත් පැහැයෙන් අලංකෘත කර තිබිනි....

එක් වරම මුලු වනාන්තරය ඒකාලෝක කරමින් නිල් පැහැති ආලෝකයක් විසිරිනි... කලු පැහැති ඇදුමින් සැරහී සිටි තරුණයා අඳුරු සෙවනැලි අතරේ අතුරුදහන් විය....

ඒ වූ කලී තවත් එක් තරුණයෙක් විය... කලින් සිටි තරුණයා මෙන්ම ඔහුද සම්පුර්ණයෙන්ම කලු පැහැති ඇදුමකින් සැරසී සිටියේය... නමුත් ඔහුගේ මුව ආවරණය පමණක් සුදු පැහැයෙන් දිස් විය... ඔහුගේ එක් අතක ධවල වර්ණ කඩුවක ආවරණයක් විය එය ලා නිල් පැහැයෙන් අලංකෘත වී තිබිනි.. ආවරණයෙන් ඉවතට ගත් කඩුව අනෙක් අතෙහි රැඳී තිබිනි... නිල් පැහැති ආලෝකය විහිදුනේ කඩුවෙනි...
ඔහු සිටියේ තවමත් පොළොවට අඩි 4ක් පමණ ඉහල අවකාශයේ පා වෙමිනි.... ඔහුගෙන් දිස් වූයේ යමෙකු පසුපස හඹා යාමක නිරත වන්නාක් මෙනි.... නමුත් ඔහුගේ ගොදුර මඟහැරී ඇති සෙයකි.... හෙමින් සැරේ පොළොව මත දෙපා රැන්දූ ඔහු තවත් වරක් දෑස් වසාගත්තේ කුඩා හෝ ඉඟියක් ලබා ගන්නා අටියෙනි....
නමුත් ඒ උත්සාහ ව්‍යර්ථ වූයේ ඔහුගේ ප්‍රතිවාදියාද ඔහු තරමටම දක්ශ අයෙකු බැවිනි.....
එක් කුඩා හෝ ශබ්දයක් ග්‍රහනය වූයේ නම් මොහුට ප්‍රතිවාදියා හඹායාමට එය ප්‍රමාණවත්ය. ඒ තරමටම ඔහුගේ සංවේදී බව මෙන්ම දක්ශතාවයද ඉහළවේ..
නැවත දෑස් විවර කල ඔහු සතර අත හැඟීම් විරහිත බැලමක් හෙලීය... ඔහු එම සීතල හැඟීමම මුව මත රදවාගනිමින් කඩුව කොපුව තුලට දැමීය... එවිට නැවතත් පරිසරය ඝණ අඳුරෙන් වැසී ගියේ ක්ෂනයකිනි... ඒ අඳුර තුලම ඔහු වනාන්තයෙන් පිටවන්නට පියවර මනින්නට විය....

...................................................................................
ළමයි මෙන්න අලුත් කතාව චරිත ගැන හැදින්වීමක් කරන්නේ නෑ දැන්මම.... මොකද එහෙම උනොත් කතාව spoil වෙන්න පුලුවන් නිසා....
කලින් එක වගේ නම් නෙමෙයි මේක fantasy එකක් ඒ නිසා සමහර විට මේක එච්චර හිතට නොදැනෙන්න පුලුවන්.....
Ashley තමා සුපුරුදු විදිහට cover photo එක මේ විදිහට හදලා දුන්නේ.... thank youu💖💖 නංගී...
කතාව ලියන්න idea එකක් නැතුව අනාත වෙලා ඉද්දි idea දුන්නු හැමෝටම thank you... special Ashley  ආයෙමත් thank youu කතා හොයල දිදී මාව දිරිමත් කලාට...

රූ...❤

Two Haters❤ Where stories live. Discover now