Chapter 10

239 40 11
                                    

Two Haters❤

Chapter 10

ශාන් තමන්ගෙ හිත නිදහස් කරගන්න සන්සුන් කරගන්න එන එක තැනක් තිබුනා... ඒ තැන ගැන දැනන් හිටියෙ ශාන්‍ට අමතරව බෝ විතරයි. මොන තරම් අමාරු ප්‍රශ්නයක් ආවත් ශාන් ඒ ස්ථානයට ගියෙ එතනට ගියාම එයාගෙ හිතට ලැබෙන සැනසීම නිසාම විතරක් නෙමෙයි නිසයි. මොන හේතුවකට එතනිනට ගියත් එතනින් පිට වෙනකොට ශාන්ට ඒ ප්‍රශ්නයට උත්තරේ ලබාගන්න ඕන විදිහ ගැන හිතට දැනුනා. ශාන් එයාගෙ දුක වගේම සතුටටත් එම ස්ථානයට ගිහින් එන්න පුරුදු උනේ ඒ නිසයි.

එය පිහිටා තිබුනෙ ශාන්ලාට පාරම්පරික ලැබුන උරුමයක් වූ උණ වනාන්තරයක් මධ්‍යයේයි. ඉපැරැණි ගොඩනැගිල්ලක් උන මේ ස්ථානය එහි භාහිර ස්භාවය ශාන්ගෙ සාමාන්‍ය රුචිකත්වයට කොහෙත්ම නොගැලපෙන ගුප්ත පාළු ස්භාවයකින් යුතු උනා. නමුත් එහි ඇතුලත පෙනුම නම් හුඟක් ප්‍රාණවත් සහ සිත් ඇදගන්න සුලු පෙනුමකින් සමන්විතව තිබුනා.

තනි ලීයෙන් ඉදිකිරීම් කල තිබුන මේ ගොඩනැගිල්ල පිටත පෙනුමින් කොයි මොහොතක හෝ කඩා වැටීමට නියමිත ලෙස පෙනුනත් ඇත්තටම එය කිසිසේත්ම කඩා නොවැටෙන ලෙසා ශක්තිමත් බවකින් යුතුයි. ශාන් සහ බෝ මේ ස්ථානය පිළිබඳව දැනගත්තේ කුඩා කල ශාන්ලාට අයත් උණ කැලයේ මධ්‍යයේ පිහිටි දැකුම්කළු මන්දිරයේ නිවාඩුවකට නැවතී සිටින අතරතුරදීයි.

එවිට ශාන්ගෙ සහ බෝගෙ වයස අවුරුදු 12ක් පමණ විය. ශාන් සහ බෝ සුපුරුදු පරිදිම සෙල්ලම් කිරීමට ගිය අතරේදි මහ වැස්සක් ආරම්භ වූයේ කිසිසේත්ම අපේක්ෂා නොකල අයුරිනුයි. වර්ශාවේ දැඩි බව නිසාම දෙදෙනාට සිදු වූයෙ ඉක්මනින් හිසට සෙවනක් සොයා ගැනීමට උත්සුක වීමටයි. එදින තමා මෙතරම් කලක් ඔවුන් දැක නොතිබ්බ මේ ස්ථානයට පා තැබුවේ. කුඩා කල පටන්ම කලුවරට මහත් බියක් දැක්වූ බෝ මෙහි ඇතුලට පා තැබීමට වඩා වැස්සේ තෙමීමට කැමති උනත් ශාන්ගෙ දැඩි ඉල්ලීම මත ඒතුලට පා තැබුවේ ශාන්ගෙ අතක් තම දෑඟිලි වලින් කිටි කිටියේ තදට අල්ලාගෙනයි. මුලින්ම බරාදයේ පමණක් රැඳී සිටි දෙදෙනා ගොඩනැගිල්ල ඇතුලට යාමට තිරණය කලේ ශාන්ගෙ නොනිමි කුතුහලය නිසාවෙනුයි. දෙදෙනාම ගරා වැටී කඩා වැටීමට ආසන්න ලෙස පෙනුන දොර දෙසට පා නැගුවෙ ඒ හිත් දෙකම අමුතු හැඟීම් ගොන්නකින් පිරී යද්දීයි.
ශාන් ඒ දොරට අත තියලා තල්ලු කලේ දැන් වැටෙවී යන සිතුවිල්ලකින් නමුත් එය යන්තමින්වත් නොසෙල්වී තිබුන අයුරු දෙදෙනාටම පුදුම සහගත උනා.අවසානයේදී දෙදෙනාම එකව බොහොම අමාරුවෙන් දොර විවර කරගත්තා. කන් බිහිරි කරනව තරමේ කිරි කිරි හඬක් නංවමින් දොර විවර උනේ වැස්සේ හඬටද ඉහලින් ඒ හඬ සවන්පත් පුරා ගිගුම් දෙද්දීයි. දෙදෙනාම එක් වරම ඇතුලට පා තැබූ අතර ඔවුන්ගේ දෙපා ගොඩනැගිල්ල ඇතුලත පොලව ස්පර්ශ වෙත්ම මහා හෙනයක් පුපුරා ගියේ එම විදුලි ආලෝකයෙන් හාත්පසම ආලෝකවත් වෙද්දීයී. එම ආලොකයෙන් ගොඩනැගිල්ල ඇතුලතද ආලොකවත් උනේ දෙදෙනාව පුදුම කරවමින්. ඒ කිමද යත් පිටතින් පෙනුන ගරාවැටුණු ස්භාවය එහි ඇතුලත කිසිසේත්ම නොමැති බැවිනි. එහි ඇතුලතින් දිස් වූයෙ දේවස්ථානයක ස්වරූපයකි. ලී අතුරා එම ලී ඔපදමා තිබූ බිම යම් පෞරාණික බවක් ඉසුලූවද එහි කිසිම පලුදුවීමක් දැකීමට නොමැති විය. බිත්තිද එලෙසම විය. බිත්ති වලට සවිකර තිබූ ලාම්පුවල ඉසිදු දැලි බැඳීමක් නොමැති විය. සරලවම එකදු මකුළු දැලක් හෝ සොයා ගැනීමට නොමැති තරමින් එහි අභ්‍යන්තරය පිරිසිදු ස්භාවයක් ගති.

Two Haters❤ Where stories live. Discover now