Chapter 8

317 55 10
                                    

Two Haters❤

Chapter 8

යූබින් සහ චෙං .... ඒ දෙදෙනා store room එක දිහාවට ඇවිද ආවෙ යැන්ග් ශාන්ට බොහෝ වේලාවට එන්න කියන්නෙ එතනට කියල දැනන් හිටිය නිසයි...
දෙන්නාම තමන්ගෙ යහළුවා ගැන හුඟක් දුක් වුනා.  ශාන් කියන්නෙ කාත් කවුරුත් නොමැති හුඟක් අහිංසක කෙනෙක්  හැටියටයි එයාල දැනන් හිටියෙ.. store room එක ගාවට යද්දි ඇතුලෙ ඇහුන උස් හඬින් කෙරෙන කතා බහ නිසාවෙන් දෙදෙනාම අඩිය ඉක්මන් කලේ ශාන්ට කරදරයක් කියල හිතපු නිසාවෙනුයි.
නමුත්.... නමුත් ඇතුලත දර්ශනය ඔවුන්ගේ හිත් මවිතයෙන් වගේම ඒ තරමටම බියෙනුත් පුරවන්න සමත් උනා... දෙන්නාටම දැනුනේ ක්ලාන්ත ගතියක් කිමද යත් ඔවුන්ගේ ආදරණීය මෙන්ම අවිහිංසක මිතුරාගෙ සාහසික පෙනුමත් ඔහු හා සමඟ පොර බදමින් සිටින පංතියේ අලුත් සාමජිකයාගෙ අමුතු පෙනුමත් ඔවුන් දෙදෙනාගෙ ශරීර වලින් නික්මුන අමුතු රශ්මිධාරා... චෙංට තවත් දරාගන්නට නොහැකි තැන දීයි ඔහු යූබින්ට බර උනේ...
තවත් ඒ ස්තානයෙ රැදී සිටීමේ කිසිදු හැකියාවක් නොමැති වෙද්දි යූබින් චෙංවත් වත්තන් කරගෙන schl sickroom එකට ගියේ කරන්න ඕන දේ හිතාගන්න බැරි වෙද්දීයි.
"එයාලා... එයාල කවුද... බින්... මොක්කුද ඒ...? සත්තුද...??" චෙං නොනවත්වා එක දිගටම යූබින්ගෙන් විමසූ පැනය එයයි. යූබින් බියවී සිටියත් ඔහු ඔහුගේ හරි කල්පනාවෙන් ඉන්න තරම් ශක්තිමත් සිතක අයිතිකරුවෙකු වූවා.. නමුත් චෙං... චෙං කියන්නෙ හුඟක් දුර්වල සිතක් තියන කෙනෙක්... ඉතිං චෙංට ඒ කම්පනය දරාගන්න පහසු උනේ නෑ....
Sickroom ඉද්දි ටිකකින් චෙං නින්දට වැටුනා... ඒත් යූබින්ට නම් නින්ද අහලකවත් ආවෙ නෑ....
මේ අතර බොහොම හුරු පුරුදු රුවක් sickroom එක තුලට එබුනා... ඒ රුව යූබින් චෙං දෙදෙනා ගාවට ඇදෙද්දී යූබින්ගේ මුව තවත් සුදුමැලිව ගියේ මියගිය අයෙකු සිහි කරවමිනුයි.... ඒ ආවෙ ශාන්...

ශාන්ගෙ මූන නම් වෙනද වගේම ලස්සන සිනහවකින් පිරිලා තිබුනා... ඒත් යූබින්ගෙ මුහුණෙ රැදුන බය දැක්කාම ශාන්ගෙ ඒ ලස්සන හිනාවට වේදනාවක් මුසු උනා...

"ඔයාලට හුඟක් ප්‍රශ්න ඇති නේද වෙච්ච දේ නිසා...බින්..??? චෙං අසනීප උනෙත් එව් නිසා නේ... පොඩ්ඩක් අයින් වෙන්න... මට එයාව බලන්න..." ශාන් චෙං ගාවට කිට්ටු වෙන්න හැදුවත් යූබින් එයට ඉඩ දුන්නෙ නෑ.... ඒ වගේම යූබින් දැවුන අනෙ පැනය තමා ශාන් කෙහොමද එයාල දෙන්නා එයාව දැක්කා කියල දන්නෙ කියලයි...
ශාන්ට තේරුනා යූබින් එයාට චෙංට ලං වෙන්න ඉඩ නොදෙන්නෙ මුකුත් කරදරයක් කරාවි කියල බයටයි කියල....
මුවින් බරැති සුසුමක් හෙලුව ශාන් යූබින් දිහා අනුකම්පා සහගත විදිහට බලා හිටියා....
"බින්... මේ අහන්න ඔයාලට කරදරයක් කරන්න ඕන නම් මම ඒක කරන්නෙ හුඟක් කලින්... මට එකට ඕන තරම් ඉඩ තිබුනා... මගෙ රහස දැනගත්ත නිසා ඔයාලට මොනවා හරි කරන්න ඕනෙ නම් මම එහෙම කරන්නෙ ඔයාල store room එක ගාවට ආපු වෙලාවෙදියි... ප්ලීස් මට පොඩ්ඩක් චෙංව බලන්න ඉඩ දෙන්න..මම පොරොන්දු වෙනවා මම මුකුත් කරන්නෙ නෑ ඔයල දෙන්නාට... අනික ඔයාලගෙ ප්‍රශ්න ඕන එකකට මම උත්තර දෙන්නම් චෙංට සිහිය ආවට පස්සෙ..." ශාන්ගෙ කතාවට ඇහුම්කන් දුන්න යූබින් ටික වෙලාවක් කල්පනා කරලා ශාන්ට ඉඩ දෙන්න තීරණය කලේ ශාන් කියන්නෙ බොරුවක් බව කොහෙත්ම නොදැනුන නිසායි...

Two Haters❤ Where stories live. Discover now