Two Haters❤
Episode 19
ශාන්ගෙ මූණේ වෙනදා ඇදෙන ලස්සන අහිංසක හිනාව වෙනුවට මේ වෙලාවෙ තිබ්බෙ නම් මහ කුරිරු සමච්චල් සහගත හිනාවක්.
"වෙස් මූණ ගලවන්න හිතුනාද තමුන්ට" ශාන් එහෙම කියලා ඇස් වහගත්තම එයා වටේ තිබ්බ කලු දුමාරයෙන් එයාව වැහිලා ගියේ කලු වලාකුලකට මැදි උනා වගෙයි.
එතකොටම මෘර්ගයා ශාන්ගෙ දිහාවට දුවන් ආවේ විදුලි වේගෙන්. ඒත් ඊටත් වඩා වේගයෙන් ශාන් වැහිලා තිබ්බ කලු වලාකුල දෙබෑකරන් රතු විදුලි එලියක් පිට උනේ ශාන් සටනට අවතීර්ණ උනා කියල දැනුම් දීලයි. ආලෝකය පරදවන වේගයෙන් සටන් කරන ශාන් එක්ක එයාගෙ අතේ දිලිසෙන සුයිබියන් රත් පැහැති ආලෝකයෙන් දිලිසුනේ එය අත දරන්නාගේ වෛරය කොපමණද යන්න මනාවට පෙන්වමිනුයි.
සටන වැඩි වෙලාවක් නොපැවතුනේ මෘර්ගයා ශාන්ගෙ සැර පහර හමුවේ දරුණු තුවාලා ලබලා පරාජය බාරගත්ත නිසයි.
අවසානයේදී නැවත තමන් වෙස් වලාගත්ත ස්වරුපයට ඇය ආවේ ඒ නිසයි.
"ඇයි මිස් ජූරි ඔයාට මහන්සිද" ශාන් එහෙම ඇහුවෙ ලේවලින් වැහුන මුහුණ එක අතකින් පිහදාගන්න ගමනුයි.
හැමදාම වගේ ඒ ලේ කොහෙත්ම එයාගෙනම් නෙමෙයි ඒ එයාගෙ ප්රතිවාදියාගෙ ලේ. නැතිනම් අපි දන්න විදිහට මිස් ජූරිගෙ ලේ.මිස් ජූරිට බරපතළ තුවාල සිද්ධ වෙලා තිබුනා. එයාගෙ හදවත පසාරු වෙන්න ශාන් ඇනපු අන්තිම කඩු පාරින් එයාගෙ ජීවත් වෙන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් උදුරන් ගිහින් තිබ්බා.
ජූරි වැටිලා හිටියෙ ශාන්ට වඩා අඩි 10ක් විතර එහායින්.ඇඟේ එකම ඇඳුමක් නැතිව ඒත් මුලු ඇඟම හිඩසක් නැතිව ලේ වලින් වැහිලා වැටිලා ඉන්න ජූරි ගාවට හිමි ලං උන ශාන් එයාගෙ ශර්ට් එක ගලෝලා ඒ වකුටු වෙලා හිටිය පුංචි ශරීරය වැහෙන්න දැම්මා.
"හෑව් අ සේෆ් ජර්නි මයි ෆ්රෙන්ඩ්... රෙස්ට් ඉන් පීස්... ඔයාට ඒක උරුම නැති උනත් මම ඒක ඔයා වෙනුවෙන් ප්රාර්ථනා කරන්නම්" ශාන් එහෙම කියුලා එයාගෙ අතක් ජූරිගෙ ඔලුව උඩින් හිමීට අරන් ගියේ අනුකම්පාවෙන් එයාගෙ ඇස් දිහා බලනින්න ජූරිගෙ ඇස් දිහා බලාගෙනයි.
"ශා..ශාන්.... ප..රිස්සමට ඉ...න්..න.... ඔ..යාගෙ ආ..ආදරේ පරිස්සම් කර...ගන්න....." ජූරි හරි අමාරුවෙන් එහෙම කියල ඇස් වහගත්තෙ ශාන්ගෙ හිතේ හැමදාම වගේ නොමැකැන කැලැලක් ඉතුරු කරලයි.
ඒ අතරේ යීබෝ චෙන් යූබින් දෙන්නා අරන් වේගයෙන් කාර් එකේ එනකොට දෙතුන් පාරක්ම ශාන්ගෙ වේදනාත්මක කෙඳිරිලි හඬ ඇහුනත් ශාන් කියපු විදිහටම පිටිපස්ස නොබලා ආවා. දැන් එයාලා ඉස්කෝලෙත් පහුකරන් ඇවිල්ලා....
ඒත් යීබෝ එක පාරටම කාර් එකේ බ්රේක් ගැහුවෙත් ඒ එක්කම මෙච්චර වෙලා මෝහනයකට ලක් වෙලා හිටිය යූබින් චෙන් දෙන්න මරලතෝනි දුන්නෙත් එකම පාර....
රූ...❤️
ඒ පාර මොනා වෙලා ද කියන්න බලන්න ළමයි ..
YOU ARE READING
Two Haters❤
Fanfictionසතුරන් දෙදෙනෙකු... එකිනෙකාගෙ මරණය දෑත්වල දරා සිටින සතුරන් දෙදෙනෙක්.... ඔවුන්ගේ ඉරණම කොයි විදිහකට විසඳෙයි ද????