Chapter 3

460 76 14
                                    

Mr. ශූ එක්ක හිටියෙ කවදාවත් දැකලා නැති කෙනෙක්...

ඒ ළමයාව පෙන්නලා ශූ කියුවේ "ළමයි මේ තමා ඔයාලගෙ clz එකට transfer වෙලා ආපු යීබෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ළමයාව පෙන්නලා ශූ කියුවේ "ළමයි මේ තමා ඔයාලගෙ clz එකට transfer වෙලා ආපු යීබෝ... හරි යීබෝ ඔයා ගැන කට්ටියට පොඩ්ඩක් විස්ත...."  එතකොට තමා ශූ දැක්කේ දොර ගාව ඉන්න ශාන්ව...

ශූගෙ හිතේ ශාන්ගෙ ගැන තිබුනේ වෛරයක් විතරක් උනත් එයාට හේතුවක් නැතිව ශාන්ට හැම තිස්සෙම punish කරන්න බැරි විත්තිය එයා දැනන් හිටියා... ඒ නිසායි ශූ ශාන්ට ඇතුලට එන්න කියුවේ...

ඒත් මේ වෙද්දි දොර ලඟ හිටියෙ නම් කට්ටිය අදුරන ශාන් නම් නෙමෙයි.. එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...

හැමදාම ඒ ඇස් වල ලියවිලා තිබ්බ අහිංසක කීකරු පෙනුම නම් කොහෙත්ම මේ වෙද්දි තිබ්බේ නෑ ඒ ඇස් වල... ඒ ඇස් රැදිලා තිබුනේ යීබෝගෙ රුව මත්තෙයි. යීබෝ නම් ඉන්නේ  මුකුත් වැදගත් දෙයක් සිද්ධ වෙනවා කියලා දන්නේනැති ගානටයි... එයා ශාන් දිහා තාම හැරිලාවත් බැලුවෙ නෑ...

ශාන්ට එයා ඇතුලට එන්න කියුවත් එයාව care නොකරන ගානට හිටිය එකට නම් Mr. ශූට සෑහෙන්න තරහ ගියා... ඒ නිසා ශූට දැනුනේ ලැජ්ජාවක්.. මොකද එයා හැම තිස්සෙම ශාන්ව එයාගෙ අණසකට යටත් කරගෙනයි හිටියෙ. ඒත් දැන් ශාන් එයා කියන දේ නෑහෙන ගානට ඉන්නවා කියන්නේ Mr. ශූගෙ ආධිපත්‍යයට හානියක්...
ඒ නිසයි එයා ඊලඟට එයාගෙ මේසයට හයියෙන් අතින් පාරක් ගැහුවෙ...
ඒ සද්දෙටයි ශාන් ගැස්සුනා... Mr. ශූට පින් සිද්ධ වෙන්නයි අද ශාන් ආයෙමත් පියවි ලෝකෙට ආවෙ....

ශාන් විතරක් නෙමෙයි clz එකේ අනිත් සේරම දෙනාත් ශාන්ගෙ මේ අරුම පුදුම හැසිරීම නිසා පුදුමයෙන් කටවලුත් ඇරන් තමයි බලන් හිටියෙ. ඒ නිසා Mr. ශූ මේසයට ගහපු පාරට යීබෝ හැර අනිත් ඔක්කොමල්ලා ගැස්සුනා කියුවොත් හරි.

Two Haters❤ Where stories live. Discover now