Chapter 13

206 37 6
                                    

Two Haters❤

Chapter 13

ඔව් ගොඩක් කඩවසම් කෙනෙක්... හරියට ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ... ඔහුගේ දෑස් තද නීලවර්ණයෙන් යුක්තයි. තද කලු පැහැයෙන් යුතු බොකුටු කොන්ඩයක් හිමි ඔහුගේ සම ඉතාමත් පැහැපත් බවකින් යුක්ත විය. ඒත් ඔහුට බය වීමට තරම් හේතුව.... එය නම්...

මෙච්චර ලස්සන ඔහුගේ පිට මත තිබුනෙ ලොකූ පිහාටු යුගලයක්... පුළුන් වලින් හැදිලා වගේ පෙනුන ලොකුම ලොකූ පිහාටු යුගලයක්.... කිරි සුදු පාටින් ඒ පිහාටු යුගල දිලිසුනා... ඒවා වීදුරු වගේයි... ඒවායින් ශාන්ගෙ වගේම බෝගෙත් ඡායාවන් පවා ඒ පිහාටු මත දිස්වෙන තරමට ඒවා දිලිසුම් දුන්නා.

ශාන්ගෙ අත් තාමත් රැදිලා තිබුනෙ බෝගෙ අතක පැටලිලායි. දොර අඟුල් මත තිබුන බෝගෙ අතුත් ශාන්ගෙ දෑත් මතට ආවේ ශාන්ගෙ  ඒ සිහින්  දිගු සියුමැලි ඇඟිලි බෝගෙ රළු දෑත් මත හිරකරගනිමිනුයි. දෙදෙනාගෙම මුහුණුමත රැදි ඒ බියමුසු සුදුමැලි බව ටිකෙන් ටික වැඩි උනේ ආගන්තුකයා ඔවුන් දෙසට ඔහුගේ බැලම යොමු කරගන උන් නිසයි. ශාන්ව බෝගේ පපුව මතට ගුලිකරගත්ත බෝ ආගන්තුකයා දිහාම බලාන උන්නෙ තමාට මොන දේ උනත් ශාන්ව බේරාගන්න බවට ඔහුටම සඵත කර ගනිමිනුයි. ශාන්ද බොගේ පපුවට ගුලිව උන්නත් ඔහුගේ පිරික්සුම් බැල්ම ආගන්තුක තරුණයා වෙතට යොමුකර බලා උන්නේ බෝගෙ ආරක්ශාව පිළිබඳවම වද වෙමිනුයි.

ඔවුන් දෙදෙනාගේ මේ එකිනෙකා කෙරෙහි දක්වන සැලකිල්ල දිහා බලන් හිටිය ආගන්තුකයාගෙ මුහුනේ මතු උනේ කාරුණික සිනහවක්. ඒ සිනහව ශාන්ගෙ වගේම බෝගෙත් හිතේ යම් පැහැදීමක් ඇති කලත් මේ මනුශ්‍යයෙක් නොවන නිසා ඒ බය නම් තවම පහව ගිහින් තිබුනෙ නෑ... බයටම දෙදෙනාගෙම කටවල් පවා වියලී ගොස් තිබුනා. තවත් ඔවුන්ගේ බය වැඩි කිරීමට අකමැති වූ ආගන්තුකයා තමන් සිටි තැනම සිට ඔහුගේ හඬ අවදිකලා..... ඔහුගේ හඬ... ඔව් ඒ හඬ හුඟක් ගැඹුරු වගේම හුඟක් සන්සුන් ස්වරයකින් යුක්ත හඬක්.... (ශිචෙන් මවාගන්න ළමයි)

"මම ඩේම්.... දෙවියන්ගෙ අග්‍ර දූතයන්ගෙන් කෙනෙක්.... ඔයාල මට බය විත්තිය මම දන්නවා... ඒත් මට ඔයාලා බය වෙන්න උවමනා නෑ.... ශාන් වගේම යීබෝ.... " ඔහුගෙ සන්සුන් මුහුණ වසාගෙන පැතිර ගියේ ඉතාමත් අලංකෘත ඕනෑම අයෙකු වශීවන සුලු සිහින් සිනා රැල්ලකි.
ශාන්ගේ වගෙම බෝගෙ මුහුණු මත මවිතය රජයන බවක් දැන් දක්නට ලැබුනා... දෙවියන්ගේ අග්‍ර දූතයෙක්... ඔහු ඔවුන්ගේ නම් පවා දන්නවා... අනික ඔහුට බය වෙන්න ඕන නැද්ද.... මොනවා උනත් ඔහු මනුශ්‍යයෙක් නම් නොවෙයිනේ .... ඉතිං කොහොමද බය නොවී ඉන්නෙ... ඒත් මේ තරම් කඩවසම් කෙනෙක්... මේ තරම් කාරුණික පෙනුමක් ඔවුන්ට කරදරයක් කරයි ද..???

Two Haters❤ Where stories live. Discover now