Two Haters❤
Chapter 7
යැන්ග්ගෙ ඇස් මේ වෙද්දි පිය විලයි තිබුනෙ... ඒ නිසයි ශාන්ගෙ මූනේ එක පාරට ඇති වුන වෙනස එයා නොදැක්කෙ... ශාන්ගෙ මූනේ සැහැසි සින්හවක් ඇඳිලා තිබුනා.. ඒ වගේම එයාගෙ ඇස්... ඒ ඇස් ලා රත් පැහැයෙන් දිලිසුනා...
එක පාරටම යැන්ග් සිහිසුන් උනේ බෝ එයාගෙ ඇඟිලි වලින් නික්මුන ලානිල් පැහැති කිරණයන් යැන්ග්ගේ හිසට ඇතුලු කරපු නිසයි...
ශාන් කොහොමටවත්ම මේ දේ බලාපොරොත්තු උනේ නෑ... එයාගෙ ඇස් වලින් නික්මෙන රත් දිලිසුම වැඩි උනේ එයාගෙ දෑස් තද රත් පැහැයට හැරෙද්දියි.
ශාන් දෑස වගේම බෝගෙ ඇසුත් දිලිසුනා. ඒත් ඒ නිල් පැහැයෙන්. දෙදෙනාගෙම ඇස්වල ඇස්වලින් උතුරා හැලෙන කේන්තියෙ නම් ඉමක් කොනක් හොයන්න බැරි බවකින් යුතු උනා.
එකිනෙකාගෙ අත් එකිනෙකාගෙ colarස් මතින් තදින් ග්රහනය වෙලා තිබුනා.මේ වෙලාවෙ ශාන් යැන්ග්ව සිපගත්ත නම් යැන්ග් සදාකාලිකව මානසික රෝගියෙක් වෙන්නත් තිබුනා... එහෙම නැතිනම් යැන්ග්ගෙ ජීවිතය පවා ශාන් උදුරගන්න තිබුනා.... ඒකයි ශාන් යැන්ග්ට තමන්ව සිපගන්න දෙන්න හැදුවෙත්, බෝ වැලකුවෙත්... බෝට යැන්ග් ශාන්ට ලං වෙලා ඉන්නවත් බලන් ඉන්න අපහසු උනත් ඒ බවක් නොපෙන්වා ඉන්න බෝ උත්සාහ කලා...
"මේකට මොකටද තමුන් මැදිහත් උනේ... යැන්ග් කියන්නෙ කොහෙත්ම හොඳ කෙනෙක් නෙමෙයි කියල ස්වර්ගයට අමතක වෙන්න විදිහක් නෑ..." ශාන් කටහඬට කෝපය වගේම සරදම් බවකුත් එකතු වෙලා තිබුනා.
"මේක මෙච්චර දුර අරන් යන්න ඕනෙද?? යැන්ග් නරක උනත් හොඳ උනත් තමුන්ට බෑ මේ වෙලාවෙ එයාට දඩුවම් දෙන්න... මේ වෙලාවෙ එයා තමුන්ට කිසි කරදරයක් කලේ නෑ... තමුන්ව බේරගත්ත විතරයි.... නීති ගැන ආයෙත් මම මතක් කරන්න ඕනෙද ලුසිෆර්ගෙ හොඳම සහයකයාට..." බෝගෙ කටහඬත් ශාන්ගෙ කටහඬටම සමාන ස්වරයකින් පිට උනා...
දෙන්නාගෙම මුව මත සටහන්ව තිබුන වියරු බව ටිකක් වත් අඩු නොවුනත් විටෙන් විට එය ඉහල ගියා. එකිනෙකා හා පොරබදන්න ගත්තත් එක් අයෙක්වත් එයින් ජයග්‍රහණය නොකලේ දෙදෙනාගෙම එක සේම දක්ශ නිසා වගේම දෙදෙනාම එකිනෙකාට රිදවන්න දක්වපු අකමැත්ත නිසයි.
"නීති.... අක්කට එහෙම කලේ මෙයාගෙ තාත්තා... ඔයාට අමතකද.. ඒ ඩැනියෙල්😡"ලැබුන කෙටි විරාමයෙදී ශාන්ගෙ කටහඬ ආයෙමත් පිට වුනා.. එයට කෝපය සරදම වගේම මෙවර වැඩිපුරම දුකකුත් එක් වී තිබුනා... ඒ වගේම ශාන් දෑස් ක්‍රමයෙන් සාමාන්‍ය වෙමින් පැවතුනා.
"නීති හරියටම හරි නම් මගෙ අක්කාට එහෙම වෙයිද?? බෝබෝ... ඔයා තරම් ඒ ගැන වෙන දන්න කෙනෙක් නෑ... ඔයා ඇයි මේ මිශන් එක ගත්තේ... මගේ තීරණය ඔයා හොඳින්ම දැනගෙනත්..." දැන් නම් ශාන්ගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියෙ කලින් හිටිය සාහසික පුද්ගලයා ඔහුමදැයි කියා සිතාගැනීමටවත් නොහැකි අයුරිනුයි.
YOU ARE READING
Two Haters❤
Fanfictionසතුරන් දෙදෙනෙකු... එකිනෙකාගෙ මරණය දෑත්වල දරා සිටින සතුරන් දෙදෙනෙක්.... ඔවුන්ගේ ඉරණම කොයි විදිහකට විසඳෙයි ද????