Chapter 17

277 39 22
                                    

Two Haters❤

Chapter 17

කුඩා අඳුරු කාමරයක අඳුම මුල්ලේ  ගුලිවී සිටින පිරිමි රුවකි. දෑත් වලින් කකුල් දෙක බදා ඒ කලවා මත හිස හොවා මුහුණ සඟවාන සිටින ඔහු ඇත්තෙන්ම සියුමැලි බව බැලු බැල්මට ඕන කෙනෙකුට තේරෙනු නොඅනුමානය.

වෙව්ලන සිහින් දිගු ඇඟිලි වගේම සැරෙන් සැරේට ගැස්සෙන උරහිස් වලින් කියා පෑවේ ඔහු වැලපෙන සෙයකි. යන්‍තමින් ඇසෙන කුඩා සුසුමක් මිස හඬක් පිට නොවී මෙලෙස වැලපීමට මොහු සතුව අමුතු දස්කමක් ඇත.

කුටියේ දොරගුලු විවරවන හඬක් නොහොත් පිටතින් අඟුලු හරින හඬක් සවන් වැකුනු ඔහු හිස ඔසවා යන්තමින් බැලු ඔහු දුබල ලෙස විවර වූ දොරටුව දෙස කඳුළු පිරි දෑස් හෙලීය.... නමුත් වෙනදාට කෑම පිඟාන ඇතුලට තල්ලුකර වැසෙන දොර පියන තුලින් සුපුරුදු රුවක් කාමරය ඇතුලට ඇදෙන බව දුටු තරුණයා කලබල වී නැඟීසිටීමට උත්සාහ කලත් නොහැකි වූයේ දින දෙකක් පුරා ආහාර නොගෙන සිටි නිසාවෙනි.

කාමරයට පැමිණි පුද්ගලයා කිසි කලබයක් නැටිව කාමරයේ තිබු එකම සිහින් ආලෝකයක් ගෙනදෙන කුඩා විදුලිබුබුල දැල්වූයේය. අවසානයේ  ඔහු හිරකාර තරුණයා දෙස බලා කට කොනකින් සිනා උනි. එක සමච්චල් සහගත එමෙන්ම රාගයෙන් මත් උන සිනාහවකි. එම සිනාව පෙර කී සියුමැලි තරුණයා තුල ඇතිකලේ භීතියකට වඩා අප්‍රසන්න බවකි.
"යන්න දෙනවා මට..." ඔහු දුබල නමුත් ස්තීර හඬකින් පවසනු ලැබූයේය. නමුත් ඔහු හොඳින්ම දන්නා තවත් කාරණයක් විය. එනම් මෙතනින් කීයටවත් තමන්ට සාමාන්‍ය අයුරින් පිට වෙන්නට නොහැකි බවයි.
"ඔයාට හරි හදිස්සි වගේනෙ .... ශාන් " ඔහු අවසානයේදී කනට කොඳුරාතමන්ගෙ නම  කියු ආකාරයට ශාන් කොහෙත්ම අකමැති විය.
ශාන් ඔව් මේ සිර කුටියේ සිරකරුවා ඔහුයි. ශාන් බෝගෙ බනී......
ශාන්ගේ මුවින් කුඩා කෙදිරියක් පිටවිනි "ලියෝ.." ඇඳ මත එහෙමෙහෙ වෙමින් අපහසුවෙන් දඟලන ශාන්ගෙ කෙඳිරිල්ල එහා කාමරයේ සිටි බෝට ඇහුනේ එයා නිදාගන්න හිතලවත් නොහිටිය නිසාම විතරක් නෙමෙයි කලින් කියුවා වගේ එයාලගෙ සංවේදනය සෑහෙන්න වැඩි නිසයි. ක්ෂනයකින් ශාන්ගෙ කාමරේට බෝ ආවෙ කාමරේ ලොක් කරලා පවා නොතිබුන නිසයි.

ඒ එනකොටත් ශාන් යම්තරමක් උස් හඬින් ලියෝ යන නම මුමුණමින් තවත් අපහසුවෙන් දඟලන්න ගත්තා ශාන් මේ මොහොතේ හීනයක නැතිනම් අතීත සටහනක ඉන්නෙ කියන්න බෝ දැනන් උන්නා. සිහිනයක සිටිනවා නම් ඇහැරෙව්වන්න පුලුවන් උනත් අතීත මතක සටහනක සිටිනවා නම් එයාට කරන්න පුලුවන් දෙයක් නෑ කියල බෝ දන්නවා.

ඉක්මනට ශාන්ගෙ ගාවට ගිය බෝ එයාව තුරුලට අරන් මූණට තට්ටු කලේ සිහිනයක නම් ඇහැරවන්න ඕන නිසයි. ඒත් ශාන්ගෙ වේදනාත්මක මූණ වරින් වර වෛරී කුරිරු හැඟීමකට වෙනස් වෙනව දැක්කම ශාන් ඉන්නෙ අතීත මතක සටහනක කියල බෝ තේරුම් ගත්තා.
ඒ ඇස් කොනින් ගලන කඳුලු එක්ක 'ලියෝ' කියලා කෙඳිරිගාන ශාන්ව දැකපු බෝට මහ අසරණ කමක් දැනුනා. එයා තවත් ශාන්ව තමන්ගෙ තුරුලට ගුලිකර ගත්තේ වෙන කෙනෙක් ශාන්ව මේ දැන් උදුරගන යයි කියල වගෙයි. ඒ උණුසුමට ශාන්ගෙ දැඟලිල්ල අඩු උනාත් ඒ වේදනාමක මුණ ආයෙ ලොකු නපුරුකමකින් පිරිලා තියනවා දැක්කාම බෝගෙ ඇස් වලින් එක කඳුලක් කඩන් වැටුනා. ඒ කඳුල ශාන්ගෙ තොල් මත රැදුනෙ ශාන් යතා සිහියට එනකොටමයි. ශාන් ලාවට ඇරපු ඇස් එක පාරටම ලොකු උනේ බෝ ඒ ඇස් ඇරෙද්දිම ශාන්ගෙ දෙතොලට බර වෙච්ච නිසයි. සිනිදු මල් පෙත්තක් ගානට ඒ තොල් සිපගන්න රිද්මයට ශාන්ගෙ ඇස් ආයෙමත් පිය උනා. ඔව් මේ වසර ගානකින් ඔහුගෙ ස්පර්ශයන් දැනෙන ප්‍රථම මොහොතයි. මොකක්දෝ මන්ද අමුතු මූසල හැඟීමක් හිත වෙලාගනිද්දි බෝගෙ අත්මත හිරවෙලා උන්න ශාන්ගෙ ඇස් වලින් ආයෙමත් කඩන් වැටුන උණු කඳුලක් ඔහේ ගලන් ගියා..

ඒත් එක්කම මහ අමුතු සද්දයක් ගෙදර වහලෙන් ඇහුනෙ දෙන්නාවම සැබෑ සිහියට ගෙන එමිනුයි...

ආ ළමයි කියන්න බලන්න ඒ පාර මොකාද වහලෙ උඩ කියල 😁😁
රොමෑන්ටික් වෙන්න හිතෙන්නෙම නෑ පෙන්ස්..

රූ...❤

Two Haters❤ Where stories live. Discover now