Two Haters❤
Chapter 9
ශාන්ගෙ මුහුනේ රැදිලා තිබුනේ වචන වලින් කිව නොහැකි බැල්මකි.
සිහින් හිනාවක් දෙතොලතර රැදී තිබුනත් කිව නොහැකි වේදනාවක් එම දෙනෙත් තුල පොරකමින් තිබුනා.
ශාන්ගේ ප්‍රකාශය චෙං යූබින් දෙදෙනාට ඉමහත් පුදුමයක් උනා... එම ප්‍රකාශය අනිත් අතට එනම් ශාන් දෙවියන්ගෙ නියෝජනයක් සහ බෝ යක්ෂයාගේ නියෝජනයක් ලෙස විනි නම් අනිවාර්යයෙන්ම කිසිම අයුරක තර්කයකින් තොරවම පිලිගන්නට තිබුනි. නමුත් මෙය... ශාන්ව එලෙස කෙලෙසකින් දකින්නද..???ශාන් නැවත දෙනෙත බිමට යොමුකර සිටියෙ ඊලඟට කිව යුත්තේ කුමක්ද කියලා සිතාගත නොහැකි බැවිනි. චෙංගෙ සහ යූබින්ගෙ සිත් වල කැලඹීම නිසාවෙන් ඔවුන්ගේ මුවිනුත් වචනයක් වත් පිට වූයේ නෑ.
කවුලුවෙන් එපිට බලා සිටි යීබෝ වාඩි වී සිටි අය දෙසට දෙනෙත් යොමුකර බලා ශාන් අසලට විත් ශාන්ගෙ ලඟින්ම වාඩි උනේ ලොකූ කතාවකට මුල පුරමින්...
............................................................................................
අතීතය......ශාන් බෝ කියන්නෙ කුඩා කල පටන්ම හුඟක් කිට්ටු දෙදෙනෙක්... දෙන්නාගෙ පවුල්වල අයගෙ සම්බන්ධකම් නිසාවෙන් ශාන් බෝ දෙන්නා හොඳින් අඳුනන අය උනා. ඔවුන් අසල්වැසියන්ද උන නිසා පවුල් අතර සබඳතාවය ද තවත් ශක්තිමත් උනා. නමුත් ශාන් බෝ දෙදෙනා අතර සම්බන්දය නම් සාමාන්‍ය යහළුකමකින් එහාට විහිදුන සබඳතාවයක්....
නමුත් ඒ හැඟීම් දෙදෙනාගෙම සිත් තුලම සිරකර අඟුලු ලා තිබුනේ පිටතින් පෙනෙන යහළුකමද අහිමි වේ යැයි බියටයි.
ශාන්ගෙ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු විය. එනම් පියා Mr. ශියාඕ, ශාන්ගෙ අක්කා යැන්ලි සහ ශාන්. ශාන්ගෙ මව මියගොස් තිබුනේ ශාන්ගෙ උපතේදීයි. ශාන් මවගේ රැකවරණය නොලැබ උස්මහත් වූ දරුවෙකු උනත් ඔහුට මවගේ අඩුවක් කිසිම දිනයක් නොදැනුනේ අක්කා නිසායි. යැන්ලි ශාන්ට වඩා වසර 8කින් වැඩිමහල් වූ නිසාවෙන් දෝ සෑම විටකම ශාන් පිලිබඳව මවක ලෙසින් සොයා බැලුවා. දෙසොහොයුරන් අතර ඇති බැඳීම නිමකල නොහැකි වූවක් බව මුලු ගමටම නොරහසක් වුනා....
YOU ARE READING
Two Haters❤
Fanfictionසතුරන් දෙදෙනෙකු... එකිනෙකාගෙ මරණය දෑත්වල දරා සිටින සතුරන් දෙදෙනෙක්.... ඔවුන්ගේ ඉරණම කොයි විදිහකට විසඳෙයි ද????