Two Haters❤
Chapter 6
බෝ ආයෙමත් එක සැරයක් හැරිලා ශාන් දිහා බැලුවත් ශාන් යැන්ග්ට සිහිය එන එකත් එක්ක කලබල වෙලයි හිටියෙ...
ආපහු හැරිලා බැලුවත් ශාන්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නේ යැන්ග්ට කියල තේරුනාම බෝගෙ ඇස් වලින් ආයෙමත් එකම එක කඳුලක් ගලාගෙන ගියේ ඒ මුලු හිතේම තියෙන්න දුක පාළුව තනිකම එකට කැටි කරගෙනයි...
"අදත් එදා වගේම ඔයාට මාව මඟැරුනා නේද වෙන කෙනෙක් නිසා බනී...... තාමත් ඔයාගෙ ඇතුලෙ ඉන්නෙ මගෙ බනීමයි.... ඔව් ඔයා මගෙ විතරමයි බනී.....මමම හිමීට හොයාගන්නම් ඔයාව...... ඔයාගෙ අතුලෙම හිර වෙලා ඉන්න මගෙ බනීව..... "බෝ එහෙම හිතුවෙ ආයෙම ඉස්සරහ බලන් clz එක පැත්තට ඇවිදගන යන ගමනුයි....
..........................යැන්ග්ට සිහිය එද්දි ශාන් කලබල වෙන්න ගත්තා... "මෙයාට මොනවවත් මතක තියෙන්න විදිහක් නෑ.... එත් නිකමට හරි එහෙම උනොත්.... මොනවහරි මතක් උනොත් මෙයාට..... බෝට මොනව වේවිද??? මම මොකක්ද කරන්නෙ මේකට..." යැන්ග්ට කිසිම දෙයක් මතක හිටින්නෙ නැති විත්තිය හොඳින්ම දැනන් හිටියත් ශාන් මේ වගේ හිතින් හුඟක් වද වෙන්න උනා....
ඒත් ඇත්තටම යැන්ග්ට මතක තිබුනෙ බෝට ගහන්න කියල උඩ පැනගෙන ආපුවිදිහයි.... ඊට පස්සේ ආපු කට්ටියගෙන් බාගයක් බෝගෙන් ගුටි කද්දි ඉතුරු ටිකත් එයාව තනියම දාල දුවපු විදිහයි.... බෝගෙන් කාපු අතුල් පහරයි විතරයි....
ඒ පාර මතක් වෙද්දිම ආයෙමත් යැන්ග්ට මේ දැන් ගුටියක් කෑව ගානට රිදෙද්දි යැන්ග්ගෙ අතක් ඉබේම එයාගෙ කම්මුල් මත රැදිලා තිබුනෙ එයා දැනුවත්ව නම් නෙමෙයි.....යැන්ග්ට කිසි දෙයක් මතක නැති බව සහතික කරගෙන අහවර වෙද්දි තමා ශාන්ගෙ හිතට සැනසීමක් දැනුනේ.....
තමන්ට සිහිය එද්දි ශාන් ලඟ ඉන්න එක ගැන යැන්ග්ගෙ සිත සතුටු වෙද්දි ඒත් එක්කම ඒ හිතම කේන්ති ගත්තෙ එයා ගුටිකෑව එක ශාන් දකින්නට ඇති කියල හිතෙද්දී.....
එක්වරම සතුටත් දුකත් දැනන එක් යැන්ග්‍ට කරදරකාරී උනා..... ඒ නිසයි එයා ඉක්මනට නැගිටල එතනින් ගියේ... යැන්ග්ට දැනුනෙ නම් ශාන්ට මූන දෙන්න අපහසුබවකුයි.... ලැජ්ජවකුයි....
.........................................................
YOU ARE READING
Two Haters❤
Fiksi Penggemarසතුරන් දෙදෙනෙකු... එකිනෙකාගෙ මරණය දෑත්වල දරා සිටින සතුරන් දෙදෙනෙක්.... ඔවුන්ගේ ඉරණම කොයි විදිහකට විසඳෙයි ද????