Part 28

804 125 15
                                    

නම්ජූන් පිස්සෙක් වගේ කෑ ගගහා බිත්තිය ට ගැහුවා.අත් දෙක ලේ අැවිල්ලා තුවාල වුනත් එ් ගැන ගාණක් නැතුවම එයාගේ අැස් වලින් කදුලු ගලන් යන්න වුනා.යුන්ගි නම්ජූන් ව පාලනය කරන්න උත්සාහ කලත් එ්කෙන් නම්ජූන් තමන්ටම තවත් රිද්දගන්න නිසා යුන්ගි පැත්තකට වුනා.නම්ජූන් ගේ දුක තියටර් එකේ තිබුණු බඩු වලින් පිටවෙද්දි දෙවනි පාරටත් ටේහියුන්ග් සිහිය නැතුව අැදන් වැටුනා.තමන් වෙනුවෙන් හැමදේම කරපු,තමන්ගේ අනාගතේ හදන්න වකුගඩුවක් පවා විකුණපු, තමන්ගේ ලේ නොවෙන බව දැන දැනත් තමන්ව අාදරෙන් බලාගත්තු තමන්ගෙම හියුන්ග් තමන්ගෙම අැස් ඉස්සරහා නිසලව ඉන්න මළ මිනියක් විදිහට දකින්න තරම් එ් බොලද හිත ශක්තිමත් වුනේ නෑ.

ටේව අත් දෙකට උස්සන් ජන්ග්කුක් තියටර් එකෙන් එලියට අාවත් ජන්ග්කුක් ටත් ජින්ගේ හැම මකතයක්ම මැවි මැවි පේන්න ගත්තා.ජිමන්ටත් කෑ ගහලා අඩන්න ඔිනි වුනත් එයාගේ යාලුවා වෙනුවෙන් ශක්තිමත් වෙන්න හිත හදා ගෙන එයත් ජන්ග්කුක් ගේ පස්සෙන් ටේ ලගට දිව්වා.තමන්ගේ අැස් ඉස්සරහා තමන්ට හිටපු හොදම යාලුවා නැති වෙද්දි එ් දුක දරාගන්න බැරැව හොබී ගේ පපුව වේදනාවෙන් අැදුම් කන්න ගත්තා.හොබීව පාලනය කරන්න යුන්ගි ගොඩක් උත්සාහ කරද්දි නම්ජූන් ජින් ගේ නිසල දේහය බදාගෙන එයාගේ දුක කදුලු වලින් පිට කරා.......
පැය කීපයක උත්සාහයකින් නම්ජූන්ව ජින් ලගින් අයින් කර ගත්තත් ජින් ගේ සිරැර සුදු රෙද්දෙන් අාවරණය කරන මොහෙතෙත් නම්ජූන් ගේ කදුලු අායෙ අායෙම අලුත් වුනා.

Time skip
In the funeral

funeral එක ගැන කාටවත් විශේෂ දැනුම්දීමක් කරලා තිබුනේ නැතත් මීඩියාකාරයෝ එතන වට කරගෙන හිටියා.නම්ජූන් ගේ හැසිරීම ටේ ගේ හැසීරීම..මේ දේවල් මීඩියාකරයන්ට සතියකට විතර රස කර කර ලියන්න පුලුවන් විස්තර වුනා.Funeral එකක් සිද්ධ වෙන අවස්ථාවක වුනත් සමහර මාධයවේදීන් අහන ප්‍රශන වලට යුන්ගිට තරහ ගියත් කිසිම සිහියකින් නොහිටපු නම්ජූන් ට එතන ඉන්නේ කවුද කියන එකවත් වැදගත් වුනේ නෑ.

ෆියුනරල් එක ඉවරවෙලා හැමෝම එතනින් පිටවුනත් කොල්ලෝ හය දෙනෙක් විතරක් තාමත් ජින් ගේ සොහොන ලගට වෙලා හිටගෙන හිටියා.හැමවෙලේම ශක්තිමත්ව ඉන්න යුන්ගි ගේ අැස් වලත් කදුලු රැදිලා තියෙද්දි ඊටත් වඩා වේදනාවකින් එයාගේ හදවත කෑගැහුවේ එයා එදා හැසරැණු විදහ ගැන ජින් ගෙන් සමාව වත් ඉල්ලන්න බැරි වුන නිසයි.ඊයේ පෙරේදා දවස් දෙකට වඩා හොබී ත් ටිකක් හොද තත්වෙන් හිටියත් නම්ජූන් වගේම ටේවත් පාලනය කරගන්න එක තාමත් ටිකක් අසීරැ වුනා.හැමෝගෙම අැස් වල කදුලු පිරිලා......නම්ජූන් තාමත් ජින් ව වහලා තියන පස් ගොඩලග දණගහගෙන බලන් ඉන්නවා.තමන්ගේ අැගට බර වෙලා හිටිය ටේව ජිමින්ට ලංකරලා ජන්ග්කුක් නම්ජූන් ලගට අාවා..

jk-හියුන්ග් දැන් අපි යමුද ?

ම්ම්හ්ම්...නම්ජූන් ගෙන් සද්දයක් නෑ.ජන්ග්කුක් නම්ජූන් දිහා අසරණ විදිහට බැලුවා.මෙච්චරවෙලා නිහඩව ගලන් ගිය කදුලු පපුව හිරවෙනවා වගේ වේදනාවක් එක්කම ඉකියකින් පිට වෙද්දි නම්ජූන් ජින් ගේ පස් ගොඩ අතින් අැද අැදම අායෙත් අඩන්න ගත්තා.

Nj - බෑ...ඔයාට බැහැ මට මෙහෙම කරන්න...සැරින් සැරේ මාව දාලා යන්න ඔිනේ නම්..මේ තරම් අාදරේ දීලා මට ලංවුනේ මොකටද ?  මොනාද ඔයාට බලන්න ඔිනා..මගේ කදුලු ද ? මගේ වේදනාවද ? මේ බලන්න දැන් මට වේදනාවක් දැනේනවා තමයි..මෙතන..මෙතන ගොඩක් රිදෙනවා..මොකද එතන ඉන්නේ ඔයා නිසා....

නම්ජූන් එයාගේ පපුව උඩට අැගිල්ලෙන් තට්ටු කර කර තව තවත් වේදනාවෙන් කියෙව්වා...

කොහොමද...කොහොමද ඔයා මාව දාලා යන්න හිත හදාගත්තේ..දන්නවද මං ගොඩක් අාදරේ කලා..එ්ත් ඔයා මට රිද්දුවා...එ්ත් කමක් නෑ...ඔයාට තිබ්බා ලග ඉදන් මට රිද්දන්න...ඔය වගේ අෑතට යන්නේ නැතුව ලග ඉදන් ඔිනි තරම් රිද්දන්න තිබ්බා මට...අැයි අැයි මාව දාලා ගියේ..මං එ් තරම් අවාසනාවන්තයෙක්ද ? කොහොමද මං දැන් ජීවත් වෙන්නේ..කවුරැ වෙනුවෙන්ද මං ජීවත් වෙන්නේ...එක පාරක් ....එක පාරක්..මං හිත හදාගත්තා ඔයා අායි එයි කියලා...එ්ත් කොහොමද..කොහොමද මං තව පාරක් හිත හදාගන්නේ....

නම්ජූන්ගේ හැසිරීම අනිත් අයටත් ලොකු වේදනාවක් වුනා...

අාදරවන්තයෙක් ගේ කදුලුත් වේදනාවත් සාක්ශි කරගෙන එ් මොහොතේ අහස ගිගුරැම් දිදී මහ වැසි  අැදහැලෙන්න ගත්තා.ජින් ගේ මතක හැමෝගෙම හිත් වේදනාවට පත් කරමින් එ් විදිහට අවසන් ගමන් යද්දි තවත් හෝරා කීපයක්ම එ් කොල්ලො හය දෙනා එතනට වෙලා එයාලගේ වේදනාව පිට කලා...













































































නම්ජූන් ගෙන්....අාදරණීය ජින් ට..

දන්නවද ජින්...
ඔබගේ ලග මම..
පොඩි එකෙක් වගේ..
ඉන්නැතී...
මගේ දග වැඩ..
දරාගෙන ඔබ..
අාදරෙන් හිනැහෙන්නැතී..
විශ්වකර්මයා...
මැවූ ඔබගේ...
රෑපේ දැක මං..
සැනසුනී....
එ්ත් මේ ලොව..
ලබන්නට ඔබ...
වරම් නම් මට...
හිමිනැතී....😢

(Author-Ashi)

LOVE YOU FOREVER (completed)Where stories live. Discover now