Part 27

839 140 42
                                    

.....
හිතට අාව ක්ෂණික අදහසත් එක්ක ජින් පාර මැද්දට පැන්නා..එ් වෙලාවෙම අැහුනු අනිත් හය දෙනාගේ කටහඩින් ජින් පියවි සිහියට අාවත් එ් වෙද්දිත් එයා පරක්කු වැඩී..
.
.
.
.
.
එයාලා අතර තිබ්බ අඩි හතේ අටේ පරතරය නැති කරන්න හදපු ජින් එ් පාලු පාරේ එකපාරටම මතුවුණු කලු වෑන් එකේ හැප්පිලා තවත් අඩි දහයක් විතර ඉස්සරහට විසික් වෙලා බිමට වැටුනා.කිසි දෙයක් නොවුනු ගාණට වෑන් එක නොනවත්වාම ගමන් කරද්දි හොබී යුන්ගි වගේම නම්ජූන් කෑ ගසමින්ම එ් පැත්තට දිව්වා.තමන් දැක්ක දේ විශ්වාස කරන්න බැරැව එතනම හිටන් හිටපු ටේ ජන්ග්කුක් ගේ ශර්ට් එකෙන් අල්ලගෙනම සිහි නැතුව බිමට වැටුනා.ජින් ලගට යන්නද ටේ ලග ඉන්නද කියලා හිතාගන්න බැරිවුනු ජිමිනුත් ඔලුව බදාගෙනම බිම දණ ගහ ගත්තා.පාරේ මැද වැටිලා හිටිය ජින් ලගට දුවන් අාපූ නම්ජූන් බිම දණගහගෙන ජින් ගේ ඔලුව එයාගේ උකුලෙන් තියාගත්තා.😢😢
ජින් ගේ ඔලුවෙන් වහනය වන රැධිරය නම්ජූන් ගේ කකුල් තෙත් කරනවා දැනෙද්දි නම්ජූන් ගේ අැස් වලින් එක දිගට කදුලු කැට ගලන් යන්න වුනා.හොබීත් අඩන ගමන්ම බිම වාඩිවුන නිසා ශක්තිමත් හදවතක් අැති යුන්ගි අායෙත් හොටෙල් එකට දිව්වේ එයාගේ කාර් එක අරන් එන්නයි.හොටෙල් එකට අැතුල් වෙද්දි කෝල් එකක ඉදන් හිනාවෙවී එන හේසෝන් ව දැක්කත් එ් ගැන නොහිතපු යුන්ගි හේසෝන් ටත් රවලා කාර් පාර්ක් එකට දිව්වා.

Nj- ජින් අැස් අරින්න....මාත් එක්ක කතා කරන්න...චෙබල් ජිනී...ඔයාට බැහැ මට මෙහෙම කරන්න 😢😢
අනේ මාව අායි දාලා යන්න එපා..ඔයා නැතුව මං ඉන්නේ කොහොමද ?

නම්ජූන් ජින් ගේ කම්මුලෙන් අල්ලන්  පොඩි දරැවෙක් වගේ අඩද්දි හොබීත් වෙන කරන්න දෙයක් නැතුව හොදටම අඩනවා.අවුරැදු ගාණක් තමන්ට හිටපු හොදම යාලුවව මේ විදිහට දකිද්දි කාගේ අැස් වලින්ද කදුලු නොවැටී තියන්නේ...
සිහියත් අසිහියත් අතර හිටපු ජින් ට නම්ජූන් ගේ කටහඩ ලාවට වගේ අැහුනා.අමාරැවෙන් වචන එකතු කරගත්ත ජින් එයාට කියන්න ඔිනවුන දේ නම්ජූන්ට කිව්වා...

Jin - න...නම්..ජුනා..

Nj- ඔව් කියන්න ජිනී කියන්න...මාත් එක්ක කතා කරන්න..

LOVE YOU FOREVER (completed)Donde viven las historias. Descúbrelo ahora