ඇඳෙන් නැගිටින්නේ නැතුවම මං අත පය එහෙමෙහෙ කරේ මගේ Eunji ව hug කරලම දවස පටන් ගන්නයි.ඒත් වෙනදට කොච්චර කරන්න දේවල් තිබුනත් මං ඇහැරෙනකං ඇඳේ එහෙමෙහෙ පෙරලි පෙරලි ඉන්න කෙල්ල අද හිටියේ නෑ.මං අනිත් පැත්ත හැරිලා හිමින් ඇස් ඇරියා.තාම කාමරේ curtain එක ඇරලවත් නෑ."baby..??babyyy..."
eunji ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.මං ඉක්මනට ගිහින් bathroom එකේ දොරට කීපසැරයක්ම තට්ටු කලේ එයා bathroom එකේවත්ද කියලා දැනගන්න..එතනත් උත්තරයක් නැති තැන මං bathroom එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ කරන්න කියල වෙන දෙයක් තිබ්බෙම නැති නිසා.
"eunji-ah..eunji...??"
හිතට ලොකූ අමුත්තක් දැනෙද්දී මං කාමරෙන් එලියට එන්න හැදුවේ එයා පහලට වෙලාවත් ඉන්නවද බලන්න.ඒත් මගේ ඇහැ ගියේ කාමරේ දොරට පැත්තකින් අලෝලා තිබුන sticky note එක දිහාට.
joon-ah මං company එකට යනවා.Yura ට වැඩවගයක් තියෙනව එයාට help එකක් දෙන්න.පහල ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ.බය වෙන්න එපා මං ඉක්මනට එන්නම්..😊
යනව නං මට කියලා යන්න ඕනෙනේ..පිස්සු කෙල්ල.මං හොඳටම බය උනා.
මං හිමින් සැරේ පහලට ගියේ මොනව උනත් අද දවස නං අමුතුයි කියලා හිත හිත..මටත් පිස්සුනේ බොරුවට කලබල වෙනවා..😑🤦🏼♂️
eunji මගේ හැටි දන්න නිසාමද කොහෙද kitchen එක පුරාම sticky note අලෝලා.
jooniyaa..කෑම ඔක්කොම මං ලෑස්ති කලා.microwave එකේ දාලා ගන්න විතරයි තියෙන්නේ..හරිද?මං එනකං පරිස්සමට ඉන්න..
oppa ල එනවා කිව්වා නේද අද?..දඟකරන්නේ එහෙම නෑ මගේ පිස්සු ජුනී..😉
love uuuuuuu😋
"love u too මගේ පිස්සු කෙල්ල.."
Eunji තැන තැන අලෝපු sticky notes ගලවන ගමන් මටම කියාගත්තා..ඒත් මට පාලුයි..කමක් නෑ දවල් වෙද්දි එයි නේ එතකොට අල්ලගන්නං..😉
ටික ටික දවල් වීගෙන එද්දී මගේ හිතට මොකද්ද මන්දා අමුතු හැඟීමක් දැනුනත් ඒ උදේ උන දේ හින්දා වෙන්නැති කියල මං ලේසියෙන්ම ඒ හැඟීම අයින් කලා..
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...